මේ වැඩේට උදව් කරලා තියෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි. ඔවුන් රෙදි මීටර් මිලියන 11.484ක් පූර්ණ ප්‍රදානයක් විදිහට ලංකාවට ලබා දීලා තියෙනවා. ආරංචි විදිහට මේ සියලුම රෙදි තොග මේ වෙද්දී කොළඹ වරායටත් ලැබිලා අවසන්.
ජනවාරි 13 වැනිදා අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මේ රෙදි තොගය නිල වශයෙන් භාර ගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ.
පාසල්වලට ලබන ජනවාරි 19 වැනිදා ඉඳන් දිවයින පුරා තියෙන කොට්ඨාස කාර්යාල හරහා මේවා බෙදා හැරීම ආරම්භ කරන්න නියමිතයි.
මෙවර නිල ඇඳුම් රෙදි ලබාගන්න දරුවන් 4,418,404ක් පමණ සුදුසුකම් ලබලා තියෙනවා. රජයේ පාසල් විතරක් නෙවෙයි, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන්වල ඉගෙනගන්න ගිහි-පැවිදි හැමෝටම මේ සහනය හිමිවෙනවා.