මේ නිසා විභාග ශාලාවට යන්න බයෙන් ඉන්න දරුවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.
ඔබේ හැඳුනුම්පත නැති වුණා කියලා විභාගය අතහරින්න එපා. ඒ වෙනුවට මේ දේ කරන්න.
ඔබගේ තැපැල් හැඳුනුම්පත් ප්‍රමාණයේ (Passport size) ඡායාරූප දෙකක් සූදානම් කරගන්න.එම ඡායාරූප දෙක ග්‍රාම නිලධාරීවරයා හෝ නියමිත බලයලත් නිලධාරියෙකු ලවා සහතික කරවා ගන්න.අදාළ විෂයන් සඳහා පෙනී සිටීමේදී එම සහතික කළ ඡායාරූප ඉදිරිපත් කර ඔබගේ අනන්‍යතාව සනාථ කිරීමට දැන් අවස්ථාව තිබෙනවා.
මේ සහනය හිමිවන්නේ දැනට පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සිසුන් සඳහා පමණයි. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්නේ නැතුව,ධෛර්යයෙන් යුතුව ඉතිරි විභාග ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙන්න.