Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
10
මේ ගෙවී යන කාලය ඔබට කොහොමද..? මේ මේ ලග්න හිමි ඔබ ඉදිරිය වැඩ දැන්මම සැලසුම් කරන්න..

- මේ ගෙවී යන කාලය ඔබට කොහොමද..? මේ මේ ලග්න හිමි ඔබ ඉදිරිය වැඩ දැන්මම සැලසුම් කරන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

තවමත් නව වසර ඇරඹුණා පමණයි..

ඔබේ ලග්නයට ඉදිරි කාලය මොන වගේ වේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඔබට විශේෂ වෙන යමක්. 


මේෂ
පැවැති උදාසීන ගති පැවැතුම් මඟ හැරී යන කාලයක් වන අතර මේ සතියේ සදු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවත් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. නීති ගැටලුවකින් නිදහස උදා වෙයි. රැකියා කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මහ හැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. එමෙන්ම විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි අමතර ලැබීම් හිමි කරන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු යෙදේ
උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටු වීමට අවස්ථාව උදා කරයි. නව දැනුම සොයා යන මාර්ගවල නියැළෙයි.
ශාරීරික වෙහෙසීම අධික කරයි. නිතර හටගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. උගුර සම්බන්ට ආවාට පෙම් අමාරු වැනි අසනීප තත්ත්වවලට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
ජය වර්ණ - නිල්
සුබ දවස - බ්‍රහස්පතින්දා
අය 07 වැය 04
ජය අංකය - 09

වෘෂභ
පැවැති වෙහෙසකාරී බව මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි. වරක් වර අදහස් හා ක්‍රියා මාර්ග වෙනස් කරයි. සමාජ සේවා කටයුතු පිළිබඳ වැඩ උනන්දුවක් දක්වන කාලයකි. සතිය මැද කාලයේදී අට්ටාහකයන්ට සුබදායකයි හිතවත්කම් අලුත් කරයි. පැවැති සහෝදර මතභේදයක් මඟ හැරී යයි.සේවා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කරයි. අලුත් වෙළෙද ව්‍යාපාරයක් ඇරැඹීමට ද අවස්ථාව උදා කරයි. පිරිස් පාලනය, අණ දෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. දැනුම බුද්ධියට වර්ධනය වන කටයුතුවල නිරතටක කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදුවෙයි.
නින්දට බාධා වන අන්දමේ සෙම රෝගයකින් පීඩා අත් කරයි වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වෙන්න.
අය 07 වැය 06
ජය අංකය - 02
ජය වර්ණ - සුදු
සුබ දවස - බදාදා

මිථුන
යොදාගත් සැලසුමක් සාර්ථක කරන සතියකි. මේ සතියේ සදු ග්‍රහයා 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
පවුලේ කටයුතුවලදී මුලිකත්වයක් ගනි. මෙතෙක් පැවැති අවුල් සහගත කටයුතු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ වෙහෙ කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසෙන සතියකි. වරින් වර රැකියා කටයුතු හේතුවෙන් ඇවිදිලි වැඩ අවුල් නිරවුල් වෙයි. මෙතෙක් කරගෙන ආ රැකියාවකට පැවැති අටහිරතා මඟහැරී යයි. බාධාකාරී ලෙස කරගෙන ගිය උසස් අධ්‍යාපන කටයුතුවලට යම් තරමක නිදහසක් අත් කරයි. ගණිතය, තාක්ෂණික අංශයේ කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ ජයග්‍රහණ අත් කරයි. වරින් වර ඇති කරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම පපුව, උරහිස සම්බන්ධ හටගන්නා ආබාධ තත්ත්වයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි අධිරුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.

ජය වර්ණ - කොළ
සුබ දවස - සිකුරාදා
අය 07 වැය 05
ජය අංකය - 04

කටක
අවුල් සහගත කටයුතු කීපයක් නිරවුල් කර ගැනීමට හැකි වෙයි. මේ සතියේ සදු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. විශේෂ සෙකුගේ හමුවීමක් සිදු කරයි. යන එන තැන කැටි ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක පර ගැනීමට හැකි වෙයි.
අලුත් රැකියා මාර්ගවලට කටයුතු උදා කරයි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ග වලටද අවස්ථාව උදා කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට ද කටයුතු සැලසෙයි. ශාරීරික වෙහෙස මහන්සිය ඇතිකරන සතියක්. වරින්වර හටගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරික්ෂණයකට යොමුවීමට සිදුවෙයි.
අය 06 වැය 04
ජය අංකය - 07
ජය වර්ණ - රතු
සුබ දවස - සඳුදා

සිංහ
අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. දනට පිනට ලැදි කාලයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න හීනටනෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට හැකි වෙයි. පැවැති නීති ගැටලුටකින් නිදහස උදා කරයි
රැකියාවේ ඉදිරි වැඩපිළිවලක් වෙනප් කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. ඇවිලිදී වැඩි කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ අතමිට සරු කරන ස්වයං රැකියා මාර්ගවලටද යොමුවන කාලයකි. විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යයි. පොත්පත් ලිවීමට මෙන්ම කියවීමටද කැමැත්තක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. සාහිත්‍යය හා කලා කටයුතු වලට කැමැත්තක් දක්වයි.
තන්වල හෝ ඇසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි එමෙන්ම සෙම දෝෂ බලවත් වීමෙන් හිසේ ආබාධයක් ඇතිවිය හැකියි.
ජය වර්ණ - තැඹිළි
සුබ දවස - බදාද
අය 07 වැය 03
ජය අංකය - 09

කන්‍යා
උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන අතර, මේ සතියේ සදු ග්‍රහයා 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
පවුලේ කෙනෙකු වෙනුවෙන් හදිසි වියදමක් දැරීමට සිදුවේ. එමෙන්ම නිතර නිවෙසට යන එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් වන්න. වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදීමට ඉඩ රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම වෙහෙසීම බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. ධාරණ ශක්තිය බලවත් කාලයක් බැවින් ඉගෙනීමේ කටයුතුවලට උනන්දුවක් දක්වයි. සහජ දක්ෂතා ඉස්මතුවන කාලයක්. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. එමෙන්ම ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට ද පෙළඹෙන බවක් පෙනේ. උගුරේ අමාරු දන්වල අමාරු වරින් වර මතු විය හැකියි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරෙස්සමිවීම වැදගත් වේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වෙන්න.

ජය වර්ණ - කහ
සුඛ දවස - ඉරිදා
අය 07 වැය 04
ජය අංකය - 04

තුලා
වගකිම් බහුල කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාව මඟින් ගමන් කරයි. නිතර අලංකාරයට සිටීමට වෙහෙසෙයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වන කාලයකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. හදිසි ලැබීම හිමි කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකි බවත් ඇති කරයි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට ද හේතු යෙදෙන අතර, රැකියාවේ වගකීම වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. ගණිත තාක්ෂණික අංශයෙන් උසස් අධ්‍යාපනයට යොමුවීමට ඉඩ ඇත. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට ද යොමුවන කාලයකි.
වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණ - තැඹිළි
සුබ දවස - බ්‍රහස්පතින්දා
අය 06 වැය 05
ජය අංකය - 04

වෘශ්චික
අලුත් බලාපොරොත්තු ඇති කරන මේ සතියේ සඳුගේ ගමන 11, 12, 1 යන භාව මතින් සිදුවෙයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක්. රැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යයි පැවැති ලියකියවිලි ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. තනතුරු වෙනසක් හෝ ස්ථානයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. විදෙස් රැකියා සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන කාලයකි. සති අන්තයේදී වරින් වර ඇතිවන අජීර්ණ ආබාධයක් හේතුවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි.
ජය වර්ණ - තැඹිලි
සුබ දවස - ඉරිදා
අය 07 වැය 05
ජය අංකය - 07

ධනු
පැවැති ගැටලුකාරි බටකින් නිදහස් උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි. වෙහෙසීම් බහුල කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දරුවකුගේ උපප් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී මෙතෙක් පැවැති බාධාකාරී බව මඟහැරී යයි. රැකියාවේ අලුත් සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට පැවැති බාධාකාරී බව මඟහැරී යයි. ගණිත අංශයෙන් තාක්ෂණික අංශයෙන් විශේෂ ජයග්‍රහණ හිළි කරන කාලයකි. අලුත් ලදේ ඉගෙනීමට කටයුතු උදාකරයි. අතේ පයේ ඇතිවන හිරිගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. හදිසි වැටීම තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ රුධිරගතසීනි මට්ටම, අධිරුධිර පීඩනය පිළිබඳ සැලකිලිමත් වන්න.
ජය වර්ණ - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
අය 07 වැය 05
ජය අංකය - 04

මකර
යන එන තැන කැපී පෙනෙන කාලයකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි. විශේෂ උත්සට අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම සමිති සමාගමවල නිලතල දැරීමට සිදුවේ. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුව ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි සාහිත්‍යය හා කලා කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම දැනේ මහන්සියෙන් කරන රැකියාවලටද අවස්ථාව උදා කරයි.
උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වයක් ගන්නා කාලයකි.
ශාරීරික වෙහෙසීම බහුල කරයි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි.
ජය වර්ණ - නිල්
සුබ දවස - සඳුදා
අය 05 වැය 04
ජය අංකය - 02


කුම්භ
ඇසුරු කරන අය අතර ප්‍රියතාවයට පත්වන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි. අමතර ලැබීම සහිත කටයුතු කීපයක් යෙදෙන කාලයකි. යොදාගත් සැලසුමක් සාර්ථක කරයි. සහෝදරාදීන්ට ළදිව කටයුතු සිදු කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. නිතර නිවෙසින් බැහැරට කටයුතු
කිරීමට සිදුවෙයි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. සාහිත්‍ය හා කලා කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න උගුරේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ආහාර විෂ වීමක් හෝ වර්ම ශත ආබාධයක් හේතුවෙන්ද පීඩා ගෙන දෙන කාලයකි.
ජය වර්ණ - කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා
අය 07 වැය 06 ජය අංකය - 09

මීන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන මේ සතියේ සදු ග්‍රහයා 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි. මෙතෙක් පීඩා ගෙන දෙමින් පැවැනි ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පවුලේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි. නීති ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ අවිවේකි බවක් ඇති කරයි. රැකියා කටයුතුවලට අවස්ථා උදා කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කරගෙන යන රැකියාවේ වගකීම වැඩි කරයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. මෙතෙක් බාබාධා මධ්‍යයේ කරගෙන ගිය අධ්‍යාපන කටයුතු වලට පැවැති අවහිරතා මඟහැරී යයි. පපුව, පෙණහැල්ල සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද යොමුවීමට සිදුවෙයි. රුධිරගත සීනි මටටම කෙරෙහි ද සැලකිලිමත් වීම වැදගත් වන කාලයකි.
ජය වර්ණ - රතු
සුබ දවස - බදාදා
අය 07 වැය 05
ජය අංකය - 02


සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top