වයස අවුරුදු 24ක විවාහක කාන්තාවක් "ටික් ටොක්" හරහා හඳුනාගත් පිරිසක් විසින් ලංකා පටුන ප්‍රදේශයට ගෙන්වාගෙන සමූහ දූෂණයට ලක් කිරීමේ බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් තරුණයන් සිව් දෙනෙකු ඊච්චලම්පත්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව සිය සැමියාගෙන් වෙන්වී, තෝපූර්, වීරමහානගර්හි තම පියා සහ වයස අවුරුදු හයේ පුතා සමඟ ජීවත් වී තිබෙනවා.ඇය ඊච්චලන්පත්තු ප්‍රදේශයේ තරුණයෙකු ‘ටික් ටොක්’ හරහා හඳුනාගෙන ඇති අතර පසුව ඔවුන් 'වට්ස්ඇප්' හරහා මිතුරු වෙලා තියෙනවා.
ප්‍රධාන සැකකරු ඇයව රවටා, ලංකා පටුන ප්‍රදේශයට ගෙන්වාගෙන තිබෙනවා. ඇය බස් රථයකින් පැමිණි විට ප්‍රධාන සැකකරු යතුරුපැදියක නන්වාගෙන මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් මෙම ක්‍රියාව සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
මේ බරපතල අපරාධය සිදු කළ බවට අත්අඩංගුවට ගත් තරුණයන්ගේ වයස් සීමාව ගැනත් පොලිසිය තොරතුරු හෙළි කර තිබෙනවා. ඒ අනුව, ඔවුන් වයස අවුරුදු 16, 17 සහ 18 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වෙන්නේ. අඩු වයසේ තරුණයන් මෙවැනි අපරාධවලට යොමු වීම සැබවින්ම කනගාටුවට කරුණක්.
මෙම කාන්තාව විසින් ඊච්චලම්පත්තු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව, කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදුවී තිබෙනවා.
ඊච්චලම්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එම්.ඩෙනිප් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා සාර්ථක ලෙස පරීක්ෂණ පවත්වා සැකකරුවන් සිව් දෙනාවම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ව මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊච්චලන්පත්තු පොලිසිය තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.