කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා කියන විදිහට, ලබන 4 සහ 5 යන දින දෙකේදී වැසි සහිත තත්ත්වයක් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත්... ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැලු. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි ඔහු පවසන්නේ.
මේ අතර, සෞඛ්‍ය අංශවලින් රටේ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා..
ඔබේ දරුවන් ජලයෙන් යට වෙලා තිබෙන ස්ථාන නැරඹීමට කිසිම වෙලාවක රැගෙන යන්න එපා කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරන්නේ, ගංවතුර බැහැලා යනකොට විවිධ රෝග පැතිරෙන්න තියෙන අවදානම වැඩියි කියලයි. ඒ නිසා දරුවන්ගේ සුරක්ෂිතභාවය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ.