නාගලගම්වීදියේ අද (02) උදේ 9.00 වනවිට ජල මට්ටම අඩි 7.30ක් දක්වා පහත බැහැලා තියෙනවා. ඒක පෙරවරු 8.00ට තිබ්බ අඩි 7.35 මට්ටමට වඩා හොඳ අඩුවීමක්. ඒ කියන්නේ දැන් වේගයෙන් ජලය බැස යනවා..
සතුටට කාරණය නම් කැලණි ගඟේ අනිත් හැම තැනකම දැන් ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා. මී ඔය ජල මට්ටම මීටර් 8.64 වාර්තා වුණත්, මේකත් දැන් බැස යමින් පවතිනවා කියලා තමයි වර්තා වෙන්නේ.
කළු ගඟේ ජල මට්ටම මීටර් 3.86 සහ කලවැල්ලවෙන් මීටර් 6.20 යන දෙකම පහළ යමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා, ප්‍රධාන ජලාශවල අනිත් හැම ජල මට්ටමක්ම දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා කියලා..