අම්පාර සයින්දමර්දුහි බොලිවියා ගම්මානය අසලින් ගලා ගෙන යන ඇලට මොටර් රථයක් වැටි එහි ගමන් කර තිදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම කුණු ඇල ඇති මාර්ගයෙන් කල්මුණේ දක්වා ගමන් කළ හැකි අතර මෙම මාර්ගයේ මොටර් රථය ගමන් කරමින් සිටියදි ඉදිරියෙන් පැමිනි යතුරු පැදියකට ඉඩදිමට ගිය අවස්ථාවේ මොටර් රථය ඇලට පෙරලි තිබෙනවා.
පසුව අවට පිරිස් එක්ව මොටර් රථයේ ගමන් ගත් තිදෙනා ගොඩට ගෙන සයින්දමර්දු අශ්රප් අනුස්මරණ රෝහලට ගෙන ගොස් තිබුණා.
ඒ වන විටත්, මොවුන් තිදෙනාම මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ සයින්දමර්දු ගම්මානයේම පදිංචි තිදෙනෙක්..