මේ ආදරවන්තයන්ගේ මංගල උත්සවය මේ සතියේ ඉරිදා දින සංග්ලිහිදී අති උත්කර්ෂවත්ව පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබුණත්, අවසන් මොහොතේ සිදුවූ මේ කණගාටුදායක තීරණය පිටුපස ඇත්තේ හද කම්පා කරවන පවුල් ආරංචියක් බවයි දැනගන්නට ලැබෙන්නේ.
මන්දනාගේ කළමනාකරු වන තුහින් මිෂ්රා විසින්ම මේ ආරංචිය තහවුරු කර තිබෙන අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ මංගල උත්සවය කල් දැමීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ස්මෘතිගේ ආදරණීය පියාණන්ගේ හදිසි අසනීප තත්ත්වය බවයි. පවුලේ සියලු දෙනා එක්ව ගත් තීරණයක් අනුව, මේ මොහොතේ ඔවුන්ගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ පියාණන්ගේ සුවය බවයි වාර්තා වන්නේ.
"අපිට සිද්ධ වුණා මේ විවාහ උත්සවය කල් දමන්න. ස්මෘතිගේ තාත්තාට හොඳටම අසනීප වෙලා. පවුලේ හැමෝම තීරණය කළා මේ වෙලාවේ තාත්තාගේ සුවය තමයි වැදගත්ම දේ කියලා."
තුහින් මිෂ්රා කියලා තිබුණේ එහෙම
මේ ආදරණීය යුවළගේ විවාහය සඳහා රසිකයන් බොහෝසේ නොඉවසිල්ලෙන් බලා සිටි අතර, මේ හදිසි තීරණය ඔවුන්ට නම් විශාල කම්පනයක්. කෙසේ වෙතත්, මුචල් සහ මන්දනා පවුල් දෙකේම ප්‍රාර්ථනාව මේ වන විට ඇත්තේ ස්මෘතිගේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමයි.
මීළඟට මංගල සීනු නාද වන්නේ කවදාද? ඒ ගැන නම් තවමත් කිසිදු නිශ්චිත ආරංචියක් ලැබිලා නම් නැහැ.