නිල ආරංචිවලට අනුව නම්, දේවාලයේ භාරකාරීත්වය දරන නවගමුව සුගතබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමියන්ගේ උපදෙස් මත මේක කරලා තියෙන්නේ "කිළිවලින් ආරක්ෂාවීමේ පිළිවෙත් " සඳහාලු.
දින 7ක් වහලා දාලා, දේවාලය ආයෙත් ලබන සෙනසුරාදා විවෘත කරනකල් නම්, මේ "කිළි කතාව" තමයි හැම තැනම කතාබහට ලක්වෙන්නේ! ඇත්තටම මේ දින 7 ඇතුළත දේවාල භූමියේ මොනවගේ විශේෂ ශාන්තිකර්ම සිද්ධ වෙයිද කියලා බලන්න බැතිමතුන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.