Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
20
"ගින්දරයි පුළුණුයි ළං කළේ අපි තමයි.." දියණියගේ දරුවන් බලාගන්න ආ කාන්තාව සමග සීයා පැන ගිහින්...

- "ගින්දරයි පුළුණුයි ළං කළේ අපි තමයි.." දියණියගේ දරුවන් බලාගන්න ආ කාන්තාව සමග සීයා පැන ගිහින්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,317 Views

දියණියගේ දරුවා බලාගැනීම සඳහා නිවසට පැමිණ සිටි වැඩිහිටි දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඥාති කාන්තාවක හා පෙමින් බැඳුණු හැටපස් හැවිරිදි පියකු ඈ හා පවුල් කෑමට වෙනත් ප්‍රදේශයකට පලාගිය පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගිය දා අහන්නට ලැබුණා.


වැඩි පඩි ගෙවන රජයේ දෙපාර්තමේන්තුවක රැකියාව කරමින් සිට දැනට වසර පහකට පමණ පෙර විශ්‍රාම ලැබූ මෙම වැඩිහිටියාගේ බිරිඳ බොහෝ මෑතක මියගොස් තිබේ.

ඔහු ත්‍රිරෝද රථයකට ද හිමිකම් කියන්නෙකි. ගුරුවරියක වන දියණිය හා ආරක්ෂක අංශයේ රැකියාවක නියුතු බෑණනුවන් හා තම නිවසේ වාසය කර ඇත.

මීට මාස හයකට පමණ පෙර දියණියට කුළුඳුල් දරුවා ලැබී ඇති අතර තාත්තා ළඟ දරුවා තබා රැකියාවට යාමට නොහැකි නිසා පිළියමක් ලෙස ඒ සඳහා සුදුසු වැඩිහිටි කාන්තාවක දියණිය හා බෑණා විසින් සොයා ඇත.

එහිදී ඔවුන්ට වැඩිහිටි දරුවන් ද තිදෙනකු සිටින ස්වාමියා අහිමි ඥාති කාන්තාවක හමුවී තිබේ. උදේ සහ දිවා ආහාර සමග රුපියල් 35,000ක පඩියක්ද ලබා දී තිබේ.

උදේ පැමිණ සවස ගෙදර යන පොරොන්දුව මත ඇය රැකියාව කර ඇත.

පසුගිය දිනක උදෑසනම මේ තාත්තා තේ එකවත් නොබී ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටවී ගොස් ඇත්තේ ‘‘මට ලේ එකක් චෙක් කරගන්න තියෙනවා’’ යැයි කියමිනි.

දියණිය පාසල් යාමට සූදානම් වී දරුවා බලාගන්නා කාන්තාව පැමිණෙන තෙක් බලාසිට ඇගේ ප්‍රමාදය නිසා දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අතර එයද විසන්ධිවී තිබී ඇත.

කෙටි නිවාඩුවක් හෝ දමා රැකියාවට යන චේතනාවෙන් තාත්තා දැන්ම එන්නේ දැයි බැලීමට ඔහුට ඇමතුවද ඔහුගේ දුරකතනයද විසන්ධි වී තිබී ඇත.

ඉන්පසු වැඩිහිටි කාන්තාවගේ දියණියට ඇමතුමක් ගෙන විමසීමේදී ඇය පවසා ඇත්තේ ‘‘අම්මා උදේම ආවා’’ යැයි කියාය.

ඉන්පසු ඈ සිදුවී ඇති අලකලන්චිය ගැන සිය ස්වාමියාට දන්වා ඇත. ඔහු සිද්ධිය අසා ‘‘ගින්දරයි පුළුනුයි ළං කළේ අපි තමයි. මම ඉක්මනින් එන්නම්’’ යැයි පවසා කලින් නිවසට පැමිණ ඇත.

සිදුවූ සිදුවීම් පෙළගස්වා බැලීමේදී මේ දෙදෙනාම තම තමන්ගේ ඇඳුම් පවා ගෙන ගොස් ඇති බැවින් කොහේ හෝ එකට ඇති බව තහවුරු වී ඇත.

සිදුවිය හැකි අවමානය නිසා සිද්ධිය පොලීසියට දැනුම්දීමට පාර්ශව දෙකම එකඟවී නැත. පසුව බෑණාගේ සම්බන්ධතා හරහා සොයා බැලීමේ දී මොවුන් දෙදෙනා ආසන්න ගමක නිවසක් කුලියට ගෙන සතුටින් සිටින බව දැනගන්නට ලැබී ඇත.

දරුවා දිවා සුරකුම් මධ්‍යස්ථානයකට යොමුකර මූලික ගැටලුව විසඳාගෙන ඇතත් හිතවතුන් හා ඥාතීන් තාත්තා පිළිබඳව විමසීමේ දී මොවුන් දෙපළ තවමත් දැඩි අසීරුතාවයට පත්වන බවද වාර්තා වේ.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top