වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ දිනවල ඉතාම දැඩි තීරණයක් අරගෙනලු. ඒ තමයි... සෆාරි ජීප් රථ ඇතුළත් කිරීමට තිබෙන ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම.
මේ වනවිටත් ජීප් 500ක් පමණ යාල අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. නමුත්, ජීප් හිමියන් තවත් 175ක් එකතු කරන්න අවසර ඉල්ලලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වාහන ක්‍රියාකාරකම් වැඩිවීමෙන් සතුන්ට සැලකිය යුතු ලෙස බාධා ඇතිවෙන්න පුළුවන් කියලා.
ඔවුන් කියන්නේ, නව ජීප් ඇතුළත් කරන්න අවසර ඉල්ලනවා නම්, අනිවාර්යයෙන්ම දැනට තිබෙන සංඛ්‍යාව අඩු කරන්න වෙනවා කියලා.