නිර්මාණාත්මක දේ සඳහා AI සුදුසු වුවත් ප්‍රවෘත්ති වැනි සංවේදී ක්ෂේත්‍රවලදී AI ආකෘති දෝෂවලට ගොදුරු විය හැකි බවයි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු, ජනතාවගෙන් ඉල්ලා සිටියේ එම මෙවලම් වෙනත් මෙවලම් සමඟ ඒකාබද්ධව භාවිතා කරන ලෙසයි.
නිවැරදි තොරතුරු සැපයීම සඳහා වඩාත් පදනම් වූ Google Search වැනි බ්‍රවුසර් භාවිත කිරීම සඳහා ජනතාව පෙළඹවීමට මෙය හේතුව බවයි ඔහු සඳහන් කළේ.
පිචායිගේ අදහස් මෙම වසර මුලදී BBC විසින් සිදු කරන ලද පර්යේෂණයකින් ද සනාථ වී තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
එම පර්යේෂණයෙන් හෙළිවූයේ AI චැට්බොට් විසින් ප්‍රවෘත්ති කථා සාවද්‍ය ලෙස සාරාංශ කර ඇති බවයි.
OpenAI හි ChatGPT, Microsoft හි Copilot, Google හි Gemini, සහ Perplexity AI යන සියලුම මෙවලම් BBC වෙබ් අඩවියේ අන්තර්ගතය ලබා දී ප්‍රශ්න ඇසූ විට, AI පිළිතුරුවල සැලකිය යුතු වැරදි අඩංගු බව එම පර්යේෂණයෙන් සොයාගෙන තිබෙනවා.
තොරතුරු සපිරි පද්ධතියක ඇති වැදගත්කම මෙමඟින් අවධාරණය වන බවත් ඔහු පවසා තිබුණා.
වර්තමාන නවීනතම AI තාක්ෂණය, දෝෂවලට ගොදුරු විය හැකි බවයි ඔහු පවසා ඇත්තේ.
හැකි තරම් නිවැරදි තොරතුරු ලබා දීමට Google දරන උත්සාහය ගැන ආඩම්බර වන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ යම් දෙයක් නිර්මාණාත්මකව ලිවීමට අවශ්‍ය නම් AI මෙවලම් ප්‍රයෝජනවත් බවයි.
නමුත්, ජනතාව මෙම මෙවලම් ඒවායෙහි ඇති හැකියාවන් සඳහා භාවිතා කිරීමට ඉගෙන ගත යුතු බව ද ඔහු කියාසිටියා.
චැට්බොට් වැනි ජනක AI මෙවලම් වැරදි හෝ ව්‍යාජ තොරතුරු ලබාදීමේ ප්‍රවණතාවක් ඇති බව පිචායි සඳහන් කරනවා.
එය විශේෂඥයන් අතර කනස්සල්ලට ද හේතුවක්.
සමහර විශේෂඥයන් පෙන්වා දෙන්නේ Google වැනි විශාල තාක්ෂණික සමාගම්, මෙවලම්වල ප්‍රතිඵල සත්‍ය පරීක්ෂා කරන ලෙස පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවට, ඔවුන්ගේ පද්ධති වඩාත් විශ්වාසනීය කිරීමට අවධානය යොමු කළ යුතු බවයි.
ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ AI පිළිබඳ මහාචාර්ය ජිනා නෙෆ් පැවසුවේ, “මෙම පද්ධති පිළිතුරු ගොතන බවත්, ඒවා අපව සතුටු කිරීමට පිළිතුරු ගොතන බවත් එය ගැටලුවක් බවයි”.
චිත්‍රපට නිර්දේශ වැනි දේ සඳහා මෙය ගැටලුවක් නොවූවත්, සෞඛ්‍යය, මානසික යහපැවැත්ම, විද්‍යාව හෝ ප්‍රවෘත්ති වැනි සංවේදී ප්‍රශ්න ඇසීමේදී තත්ත්වය වෙනස් බව ඇය අවධාරණය කළා.
Google දැනටමත් සිය AI මෙවලම්වලදී ඒවාට වැරදි සිදු විය හැකි බව පරිශීලකයන්ට දැනුම් දීම සඳහා වියාචන (disclaimers) ප්‍රදර්ශනය කරනවා.
Google හි සෙවුම් ප්‍රතිඵල සාරාංශ කරමින් හඳුන්වා දුන් AI Overviews සේවාව ද, සමහර අවිධිමත් හා වැරදි ප්‍රතිචාර හේතුවෙන් විවේචනයට ලක් ව තිබෙනවා.
Google මෙම වසරේ මැයි මාසයේ සිට සිය සෙවුම් සේවාවට නව "AI Mode" එකක් හඳුන්වා දුන් අතර, එහිදී Gemini chatbot අන්තර්ගත කර ඇත්තේ පරිශීලකයින්ට විශේෂඥයෙකු සමඟ කතා කරන අත්දැකීම ලබාදීමටයි.