ඇත්තටම ගෙදර ඉන්නකොට නම් ඇස් දහයක් තිබ්බත් මදි. එක ක්ෂණයෙන් මොනවා හරි දෙයක් කටේ දා ගන්නවා. ඇත්තටම ඔබ දන්නවා ද ඒ ඇයි කියලා...
මෙන්න මේකයි හේතුව
ඕනම පුංචි දරුවෙකුගේ මාස 4-18 අතර කාලය වෙනකොට හොදින්ම වැඩිලා තියන, හොදින්ම සංවේදී කොටස තමයි කට කියන්නේ. ඉතින් එයාලා දේවල් ගැන දැනගන්නේ , ඉගෙනගන්නේ කටේ උදව්වෙන්.
මොනවාහරි දෙයක හැඩය , ප්‍රමාණය ,ඒවගේ ස්වාභාවය වගේ දේවල් ගැන ඉගෙන ගන්නේ ඒවා කටේ දාගෙනම තමයි. ඒ වගේම ඒ දේවල් කටේ දාලා උරනකොට එයාලා රිලැක්ස් වෙනවා කියලත් කියනවා. තවත් දෙයක් තමයි දත් එනකොට එයාලට විදුරුමස් වල දැනෙන ප්‍රෙෂර් එක අඩු කරගන්නත් එයාලා එක එක දේවල් කටේ දාගන්නවා.
අන්න ඒ නිසා තමයි එයාල දකින දකින දේ කටේ දා ගන්න හදන්නේ....ඉතින් වැඩිහිටියෝ හැටියට කරන්න ඕන එයාල ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න එක.