ඉතින් මේ අසල්වැසි රාජ්‍යක් වෙන ඉන්දියාවට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් එනවා කියලා ආරංචියක් ලැබිලා තියෙනවා. ක්‍රෙම්ලිනය තහවුරු කරලා තිබෙන විදියට නම් රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් මේ විදියට ඉන්දීයාවට එන්නේ සංචාරය කරන්න කියලා තමා සඳහන් වෙන්නේ.
එළඹෙන දෙසැම්බර් මාසයේදී පුටින්ගේ ඉන්දීය සංචාරය සිදු කෙරෙන බව රුසියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.
ඇතැම් ජනමාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ පුටින් දෙසැම්බර් 05 වනදා නවදිල්ලියට ළඟාවීමට නියමිතව තිබෙන බවයි.
කොහොම වුණත් ක්‍රෙම්ලිනය නිවේදනය කර ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර ජනාධිපති වැලැද්මීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා ක්‍රියාශීලීව සූදානම් වෙමින් සිටින බවයි.
ජනාධිපති පුටින් අවසන් වරට 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණ තිබු අතර මෙවර ඉන්දිය සංචාරය වැදගත් එකක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබෙනවා.
වසර හතරකට පමණ පසුව ද ජනාධිපති වැලැද්මීර් පුටින් මේ විදියට ඉන්දියාවට පැමිණීමද තවත් විශේෂත්වක් වෙනවා.