විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් මේ ලොව විශාලතම මකුළු දැල සොයාගෙන තිබෙනවා. විශේෂම කාරණය නම් මේ මකුළු දැල වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති අතර එහි මකුළු ජීවීන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටීමයි.
මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ලෙස නොලැබෙන අතර, ඒ හේතුවෙන් විෂ සහිත හයිඩ්‍රජන්-සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බව ද විද්‍යාඥයන් පවසනවා. මේක හරි සුවිශේෂී දෙයක්. මොකද ඒකට හේතුව වෙන්නේ මෙවැනි පරිසර තත්ත්වයක් යටතේ මෙම විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳවයි.
කෙසේ වුණත් විද්‍යාඥයන් විසින් මේ පිළිබඳව පර්යේෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. මෙම මකුළු දැල ගුහාවේ දොරටුවේ සිට ආසන්න වශයෙන් මීටර් 50කට වඩා දුරින් පිහිටා ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ මකුළු විශේෂ දෙකක් වාසය කිරීමයි.