Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
08
"මට කටකතා හැදුවොත් ඒ දේවල් දරාගෙන ශක්තිමත් වෙන්න මම උත්සාහ කරනවා.." කවුරුත් මේ දවස්වල ආදරය කරන දං චූටි වෙනස්ම කතාවක් කියයි..

- "මට කටකතා හැදුවොත් ඒ දේවල් දරාගෙන ශක්තිමත් වෙන්න මම උත්සාහ කරනවා.." කවුරුත් මේ දවස්වල ආදරය කරන දං චූටි වෙනස්ම කතාවක් කියයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,199 Views

ඇය හරිම හුරු බුහුටි රංගන ශිල්පිනියක්. ඒ වුණාට ඇය සතු හැකියාවන් නම් පුදුමාකාරයි.


නිරූපණය ඔස්සේ රංගනයට මුලපුරන ඇය අද බොහෝ දෙනෙකුට සුපුරුදු චරිතයක් වෙලා.

මේ අන්න ඇය ගැන ඇසෙන ඒ විශේෂ කතාවයි.

පාට කුරුල්ලෝහි ගඟුලි ලෙස අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනා ගෙන ඉන්න දෙව්මිණි තත්සරණි මේ දිනවල චංචල රේඛා ටෙලි නිර්මාණයේ දං චූටි බවට පත් වෙලා. ඒ නිසාම අපි හිතුවා දෙව්මිණි තත්සරණි එක්ක ටිකක් කතා කරන්න.

දෙව්මිණි මුලින්ම කියන්නකෝ මේ දවස්වල වැඩකටයුතු ගැන?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද පාට කුරුල්ලෝ සහ චංචල රේඛා ටෙලි නාට්‍ය දෙකේම රූගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම මම නිරූපණ ක්ෂේත්‍රයේත් වැඩ කටයුතු කරන නිසා කාර්යබහුල කාලයක් තමයි ගත කරන්නේ.

පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පාට කුරුල්ලෝහි ගඟුලි කියන චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගඟුලිට කට්ටිය බැන්නට මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. ගඟුලි නිසා තමයි මං ප්‍රේක්ෂකයින් අතරට ගියේ. අද වෙද්දී මඟතොටේදී දැක්කත් මාව ගඟුලි විදිහට බොහෝ දෙනා හඳුනාගන්නවා. ඒ අත්දැකීම ඉතාම සුන්දරයි.

චංචල රේඛා පුංචි තිරයට නැගෙද්දි එහි ජනප්‍රියම චරිතය දං චූටි වෙන්නෙ ඔබ. ඒ ඇරයුම ලැබුණු වෙලාවේ මොකද හිතුණේ?

ඇත්තටම මම මුලදී හිතුවේ ආයෙම නම් මෙගා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. චංචල රේඛා පුංචි තිරයට නැඟෙද්දි දං චූටි වෙන්න ආරාධනාව ලැබුණහම මුලින්ම මම බැහැ කිව්වා. හැබැයි ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි කියද්දී තාත්තා කිව්වේ චංචල රේඛා චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම් කියලා. ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහතා සහ නදීකා ගුණසේකර මහත්මිය ඉතා විශිෂ්ට රංගනයක් කළ සිනමා නිර්මාණයක්. දං චූටි කියන්නේ හැමෝම ආදරේ කරපු චරිතයක් කියලා. ඇත්තටම මේ චරිතය කරන එක මට ලොකු අභියෝගයක් වුණා. මොකද දං චූටිට ගොඩ දෙනෙක් ආදරේ කරපු නිසා ඒ චරිතයට හානියක් නොවන විදිහට තමයි මම රංගනයෙන් දායක වෙන්න ඕනේ. මට මේ අවස්ථාව ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.

කලින් චංචල රේඛා චිත්‍රපටය බලලා තිබුණ ද?

ඇත්තම කිව්වොත් මම බලලා තිබුණේ නැහැ. ගෙදර ඇවිත් කියලා අම්මයි තාත්තයි චිත්‍රපටය ගැන කිව්වටත් පස්සේ තමයි මම චිත්‍රපටය බැලුවේ. චිත්‍රපටය බැලුවටත් පස්සේ තමයි මම කැමැතියි කියලා ඒ අවස්ථාව භාර ගත්තේ.

කොහොමද දං චූටිට ලැබෙන ප්‍රතිචාර?

දං චූටි තාම ප්‍රේක්ෂකයින් අතරට යන්න තරම් කාලයක් විකාශය වුණේ නැහැ. ඒත් මම විශ්වාස කරනවා තව කොටස් කිහිපයක් විකාශය වුණාට පස්සේ හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ දං චූටි චරිතය මට සාර්ථකව ගොඩනඟා ගන්න මෙහි අධ්‍යක්ෂ සමන් කුමාර ලියනගේ මහතා සහ ටෙලි නාට්‍යයට සම්බන්ධ සියලුම ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ සහයෝගය ලැබුණා. මගේ අම්මාට ඉන්නේ නිල්මිණී තෙන්නකෝන් මහත්මිය, ඒ වගේම මගේ අයියාට ඉන්නේ පුබුදු චතුරංග. ඒ දෙන්නාගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. මේ හැමෝගෙම සහයෝගය නිසා මට මගේ චරිතය සාර්ථක කර ගන්න පහසු වුණා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?

දැනට මම භාරගෙන තියෙන්නේ පාට කුරුල්ලෝ සහ චංචල රේඛා විතරයි. තව නිර්මාණවලට ඇරයුම් ලැබුණත් මම භාර ගත්තේ නැහැ.

සිනමාවටත් අවස්ථාව ලැබුණ ද?

ඔව්. මේ වෙද්දී එක සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වුණා. එය ඉදිරියේදී දැක ගන්න ලැබෙයි. තවත් නිර්මාණයකට ආරාධනා ලැබුණත් එය තවම ස්ථිර කළේ නැහැ. මට කරන්න පුළුවන් හොඳ චරිතයක් ලැබුණොත් සිනමාවෙනුත් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

චරිතයක් භාරගන්න කලින් විශේෂයෙන්ම බලන්නෙ මොනවද?

මම මුලින්ම බලන්නේ ඒ චරිතය මට ගැළපෙනව ද? ඒ එක්කම ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද? කියන එක සහ ඒ හරහා මට මගේ දක්ෂතාව පෙන්නුම් කරන්න පුළුවන් ද කියන එක තමයි මම බලන්නේ.

රංගන ශිල්පිනියක් විදිහට අද ලබන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරේ ලබද්දී මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා. කොහේ ගියත් කොතැන හිටියත් ප්‍රේක්ෂකයින් මාව හඳුනාගෙන ඇවිත් කතා කරනවා. ඒ ආදරයට මමත් ගොඩක් ආදරෙයි.

කටකතා ගැන ඔයාගේ අදහස මොකක්ද?

කටකතා කියන දේවල් දැන් සාමාන්‍ය දේවල් වෙලා. ඕනෙම කෙනෙක්ට කටකතා හැදෙනවා. මම නම් ඒ දේවල් ලොකු ශක්තියක් කර ගන්නවා. මට කටකතා හැදුවොත් ඒ දේවල් දරාගෙන ශක්තිමත් වෙන්න මම උත්සාහ කරනවා. ඒ නිසා ඒ දේවල්වලින් මම ශක්තිමත් වෙලා තව තවත් දිරිමත් වෙන එක තමයි මම කරන්නේ.

අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?

අනාගත බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. ඒ දේවල් එකින් එක සාර්ථක කරගන්න ගමන් සතුටින් ජිවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.



සිළුමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top