සෞඛ්ය ආරක්ෂාව ගැන ඔබත් වද වෙනවා නම් ඔබේ යටඇඳුම්වල පිරිසිදුබව වගේම ඒවා නිසි ආහාරයෙන් සෝදන ආකාරය ගැනත් දැනුවත් වෙන එක වැදගත් වේවි.
PH අගය වැඩිවෙන්න වැඩි වෙන්න තමයි මේදය හොදින් දිය වෙන්නේ. අපි රෙදිවල තැවරෙන කුණු බොහෝ විට මේදයේ දියවෙන ඒවා. වාහනවලින් පිටවෙන දුම වගේ ඒවා තමයි බොහෝවිට මේ කුණු විදිහට තියෙන්නේ. කොලර් එකේ තියෙන කුණු කවුරුත් දන්නවානේ. ඉතිං වොෂිං පවුඩර් නිශ්පාදනය කරන අයට වෙලදාම තියෙන්නේ මේ කුණු ඉක්මණින් ඉවත් කරලා දෙනවා නම් තමයි. මේ නිසා මේ අය කරන්නේ පුුළුවන් තරම් PH අගය වැඩි දෙයක් මේ පවුඩර්වලට එකතු කරනවා. ඉතාමත් ඉක්මනින් මේ වැඩේ කරන්න පුළුවන් රසායනිකයක් තමයි බ්ලීච් කියන්නේ. ලාබයිත් එක්ක. ඒවා කොපමණ සිරුරට අහිතකරද කියන එක මේ කියවන ඕනිම කෙනෙක් දන්නවා. ඒත් ඉතිං කුණු පිටිං ඉන්නද නේද?
කමක් නැහැ කුණු පිරිසිදු කරගත්තට. මම මේ කියන්න හදන්නේ වෙනත් කතාවක්. ඒක කිව්වහම නම් ටිකක් බය හිතෙන්නත් පුළුවන්. ඒත් බය වෙලා වැඩක් නැහැනේ පිළියමක් තමයි සොයා ගන්නයි ඕනි.
අපි අපේ සියලුම ඇදුම් එකම භාජනයකට දාලා වොෂිං පවුඩර් දාලා සෝදනවා. පස්සේ මේවා හොදලා පිරිසිදු වතුරෙන් දෙතුන් පාරක් සෝදනවා. ඉන් පසු මිරිකලා හෝ ඩ්රයර් එකක දාලා හෝ වේලා ගන්නවා. ඔබ දන්නවාද මේ රෙදිවල අර පවිත්රකාරක තවම තියෙනවා කියලා. නැවතත් මේ රෙදිටික පිරිසිදු වතුරට දැම්මා නම් බලාගන්න තිබුණා. එහි ඇති භයානකත්වය තමයි ඔබගේ යට ඇදුම්වල තවමත් මේ 14 ක පමණ PH අගයක් ඇති පවිත්රකාරක තියෙනවා.
ඒ ඇදුම් අතර ස්පොන්ජ් තියෙන බ්රෙෂියර්ද තියෙන බව රෙදි සෝදන අය දන්නවා. මේවායේ වැඩියෙන් මේ පවිත්රකාරක ඉතිරි වෙනවා. කෙලින්ම ඉර මුදුන් වෙන, ගොඩක් දාඩිය දාන රටක ජීවත් වෙන අපි අපගේ ඉතාමත් සංවේදී අවයවවලට කිටි කිටියේ තදවන ලෙසට මේ ඇදුම් ඇදගෙන යනවා. ඒවා ගලවන්න වෙන්නේ රෑට ගෙදර ඇවිල්ලා. ඉතිං පැය දොලහක් විතර දාඩියට අර පවිත්රකාරක දියවෙලා ශරීරයට ස්ඵර්ෂ වෙනවා. හිතලා බලන්න මොනවගේ ව්යසනයක් මේ කාරණාව සමග බද්ධ වෙලා තියෙනවාද කියලා. දරුවාට කිරිදෙන මව්වරුන්ද මේ ගැන සිතා බලන්න. මම එකින් එක දැන් කියන්න අවශ්ය නැහැනේද?
අපි කවදාවත් දරුවන්ගේ ඇදුම් රින්සෝ දාලා සෝදන්නේ නැහැ නේද? ඒවා සෝදන්නේ බේබි සබන් වලින්මයි. ඇයි ඒ. ඉතිං ඒ දරුවට කිරි දෙන තන පුඩුවලට ඒ ආරක්ෂාව අවශ්ය නැද්ද? බසයේ යන ගමන් තම දරුවන්ට කිරි දෙන මවුවරුන් මේ ගැන සිතිය යුතු නැද්ද? එසේ නම් මේ යට ඇදුම් සෝදන්න අපි භාවිතා කල යුත්තේ මොනවගේ ක්රමයක්ද? ඔබම සිතා බලන්න. පියයුරු පිලිකා මේ තරම් වැඩිවන්නට මෙය හේතුවක් නොවේ යැයි ඔබට සිතිය හැකිද? කුඩා ළදරුවන් මේ තරම් රෝගී වෙන්නට මෙයත් හේතුවක් යැයි ඔබට සිතන්නට නොහැකිද?
මෙයින් යම් තරමක් දුරට මිදෙන මාර්ගයක් දැන් ඔබගේ සිතට තේරී අවසන්. එසේ නම් අද පටන් ඔබගේ යට ඇදුම් සොදන්නට බේබි සබන් කැටයක් තියාගන්නට සිතුවා කියා මම හිතනවා.
තවත් ක්රමයක් තියෙනවා. ඒ ගැනත් කතා කරමු.
මේ කුණු දියවෙන්නේ මේදයේ නිසාත් මේදය දිය කළ හැක්කේ භාෂ්මික මාධයයක නිසාත් බ්ලීච් වැනි විෂ රසායනික යොදාගෙන රෙදි සෝදන බව අපි කතා කළා. ඔබට සිතන්නට හැකිද අපගේ ශරීරයේ මේදය ජිරණය කරන්නේ කෙසේද කියලා. එය සිදු කරන්නේ එන්සයිමවල ආධාරයෙන්. ඉතිං අපිට රෙදි සෝදන දියරයක් හදාගන්නට පුළුවන් නම් එන්සයිමවලින් නිශ්පාදනය කළ, මේ ගැටලුව අවසන් කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම එහෙම කලා නම් මේ ගැටලුව අවසන්.
සමාජ මාධ්ය ඇසුරෙන්..