බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.