මේ ජීවිතයක් අහිමිවුණු මාරක අනතුරක් ගැන ඇහෙන කතාව.
රාගම පොලිස් බලප්‍රදේශයේ වල්පොල දුම්රිය ස්ථානයට යාබඳ දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් අන්දමින් ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් ඥාති කාන්තාවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
දුම්රිය සංඥා මෙන්ම සීනුව නාදවෙමින් තිබී ඇති අතර, ආරක්ෂිත ගේට්ටුව වසා තිබිය දී දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ත්‍රිරෝද රථය ධාවනය කළ බවයි අනතුරු ඇසින් දුටුවන් පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුවෙනවා.