වරකාපොල නගරය ආසන්නයේ කාලයක පටන් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් (ස්පා එකක්) වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම පසුගිය දා සිදුකර තිබුණා.
එහිදී එම ආයතනයේ රැඳී සිටි අවුරුදු 42 හා 36 වයසැති කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හතලිස් දෙක හැවිරිදි කාන්තාව මඩපාත, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර තිස්හය හැවිරිදි කාන්තාව හසලක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සදහන් කළා.
උපාය දූතයකු යොදවා සෝදිසි වරෙන්තු මත පොලිසිය විසින් මෙම වැටලීම කර තිබු අතර එය පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ආයතනය ලියාපදිංචි ආයතනයක් නොවන බව ද, එහි වෛද්‍යවරයකු ද නොමැති බව ද තහවුරු කරගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් දෙදෙනා වරකාපොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සමාජ රෝග වාර්තාවක් කැඳවීමට තීරණය ලබාදී ඇති අතර යළි දෙසැම්බර් 03 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කර තිබෙනවා.