Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
17
ඇසේ සුද ඉවත් කරන විශ්මිත දිව ඔසුවක් ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න... වල් පැළෑටියක් කියලා විසි කරන්න එපා...

- ඇසේ සුද ඉවත් කරන විශ්මිත දිව ඔසුවක් ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න... වල් පැළෑටියක් කියලා විසි කරන්න එපා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views

වර්තමාන අවධානයෙන් ගිලිහුණ තවත් එක් විශේෂ ශාකයක් ගැනයි මේ කතාව.. 


ලංකාවේ බොහෝ තැන්වල නිතර දෙවේලේ දකින්න හමුවෙන මේ ශාකය ඔබේ ඇසටත් හුරු ඇති.. මේ කියන්න යන්නේ නලල් බටු ශාකය ගැනයි.. අපි ප්‍රයෝජනයට නොගන්නා වල් පැලෑටි සේ සලකන ශාක රාශිය අතුරින් නලල් බටු නැත්නම් නලල් මොට්ටු කියන්නේ රසවත්, ගුණවත් ආහාරයක් වගේම ඖෂධයක්..

මොට්ටු යන නමින් ද හඳුන්වන මේ ශාකය පිළිබඳව බොහෝදෙනා තුළ ඇති නොදැනුවත්භාවය නිසාම බොහෝ අය මේ වටිනා පැලෑටිය ගලවා විසිකර දමනවා.. නමුත් මේ නලල් බටු ගෙඩි නලලට තියා පුපුරවා ලබා විනෝදයට එහා ගිය අපූරු වටිනාකමක් ඒ පැලෑටිය සතු වෙනවා..

එහි නියම ගුණ පර්යේෂණ මට්ටමින් සොයා ගත් බොහෝ විදේශ රටවල මේ පළතුරු ඉහළ මිලට අලෙවි කරනවා... නමුත් මේ ශාකය පළතුරක් විදියට පලාවක් විදියට ඖෂධයක් විදියට අතිශයින්ම අපිට වැදගත් වෙනවා.. තෙත් සහිත සෙවණ සහිත පසක හට ගන්නා මේ නලල් මොට්ටු ශාකය wild cape gooseberry/ ground chery / native gooseberry ආදී වශයෙන් හඳුන්වනු ලබනවා... මේ ශාකය solanaceae කුලයට අයත් ඒක වාර්ෂික පැලෑටියක්..

මේ නලල් මොට්ටු ශාකයේ ප්‍රභේද දෙකක් හීන් මොට්ටු සහ මහා මොට්ටු වශයෙන් හඳුනා ගන්නට පුළුවන්.. මේ ශාකය ගෙවත්තේ වැට මායිම්වල, ගොයම් කපා ඉවත් කළ කුඹුරුවල ඉබේ හටගන්නා දුර්ලභ ශාකයක්.. මේ ශාකයේ කහ පැහැ කුඩා මලක් හට ගන්නවා..

මේ ශාකයේ පත්‍ර තරමක් ඕවලාකාර හැඩයකින් සමන්විත අතර පත්‍රය කෙළවර උල් හැඩයක් ගනු ලබනවා.. මෙය අඩි 1 ½ ක් උසට වැඩෙන පහසුවෙන් කැඩිය හැකි ශක්තිමත් නොවන කඳකින් සමන්විතයි.. මෙහි ඵලය තිබ්බටු ගෙඩියක ප්‍රමාණයෙන් යුක්ත වන අතර මේ ඵලය තුළ බීජ විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වන අතර මෙහි ව්‍යාප්තිය බීජ මගින් සිදු වෙනවා..

තද කහ හෝ තැඹිලි පැහැයක් ගන්නා ඉදුණු නලල් බටු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට හැකි අතර මේ පලතුර තක්කාලී රසට සමාන රසයක් ගනු ලබනවා.. අමු ගෙඩි තිත්ත රසකින් යුක්තයි.. මේ නලල් බටු ගෙඩි ඉතා රසවත් පළතුරක්.. ඒ වගේම මේ පලතුරේ ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතිනවා.. තන්තුවලින් ඉතා බහුලයි.. ඉතින් මේ කියන්න යන්නේ මොට්ටු පැලයේ අපි නොදන්නා ගුණ ගැනයි.. පිළිකා නැසීමට පවා එයට හැකියාව ඇති බව විදේශ රටවල කරන ලද පර්යේෂණවලින් හෙළි වී තියෙනවා.. ඒ විතරක් නෙවෙයි, නලල්බටු ගෙඩි විටමින් C බහුල පලතුරක් ලෙසටත් වැදගත් වෙනවා..

ඒ හැරුණාම , යකඩ හා කැල්සියම් මේ පලතුරේ බහුල අතර මෙහි පත්‍රවල ඇමයිනෝ අම්ල 18 ක් අන්තර්ගත වෙනවා.. එහි සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.. මේ නලල් බටු ශාකයේ පත්‍ර තිත්ත රසයකින් සමන්විතයි.. කොහොමනමුත් මේ ශාකයේ අඩංගු පෝෂණය නිසාම අතීත ගැමි ජනතාව කලවම් පලාවට මේ නලල් බටු කොළ දෙක තුනක් මිශ්‍රකර ආහාරයට ගත්තා..

ඒ වගේම ලපටි දලු මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගත් අතර මේ ශාකයේ ගුණ දන්නෝ පරිප්පු සමඟ ව්‍යංජනයක් සකසා වගේම කැඳ ලෙස පිළියෙල කර ආහාරයට ගනු ලබනවා..ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේ නලල් බටු ශාකයේ පත්‍ර විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා..

නලල් බටු ශාකයේ ගුණ
-වේදනා නාශක ගුණයෙන් සමන්විතයි
-උගුරේ තුවාල සුව කරයි
-අක්ෂි රෝග නිවාරණය කරයි
-විශේෂයෙන්ම ඇසේ සුද ඇතිවිටෙක මේ නලල් බටු ගෙඩි ආහාරයට ගතහොත් එය තවදුරටත් වර්ධනය නොවී ටිකෙන් ටික ඉවත්ව යාම ආරම්භ වෙනවා.
-රුධිරය පිරිසිදු කරයි
-පිළිකා සෛල විනාශ කරයි
-අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
-දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
-මොළයේ සෛල වර්ධනය කරන නිසා බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
-සම පැහැපත් කරයි.
-සන්ධි වේදනාවන් සමනය කරයි.
-හෘදවත් රෝගවලින් ආරක්ෂා කරයි
මල බද්ධය වළක්වයි.
-ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි
-පණු රෝග සඳහා ගුණදායකයි.
-සැරව ගෙඩි සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා කරයි.
-ඉතින් නලල් බටු කියන්නේ ඉතාම රසවත් ගුණවත් පලතුරක්. පලාවක් ලෙස ආහාරයට ගත හැකි වටිනා ආහාරයක්
-ඒ වගේම අපේ ශරීරය නීරෝගීව පවත්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙන
රෝග බොහොමයක්ට සුව සදන ඖෂධයක්.


අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top