Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
හීල් බත්වල ගුණ දන්නවා නම්, මීට පස්සේ ඔයා බත් ඇටයක්වත් විසිකරන එකක් නැහැ...

- හීල් බත්වල ගුණ දන්නවා නම්, මීට පස්සේ ඔයා බත් ඇටයක්වත් විසිකරන එකක් නැහැ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views
හීල්  බත් කිව්වම නම් සමහරුන්ට හිනා යනව ඇති නේද?

රයිස් කොත්තු ලෝලින්ට නම් මේවා විහිලුවක්.කළින් දවසේ රෑට කාපු රයිස් කොත්තුව පහුවදා උදේටත් රත් කරලා කන්න පුරුදු වෙච්ච සමහරුන්ට නම් හීල් බත් කන එක තමන්ගෙ තත්වෙට හොඳ මදි ඇති නේද?

ඒ කොහොම නමුත් හීල් බත් කන නොකන හැමෝම දීඝායු අපි අද තබන සටහන කියෙව්වොතින් නම් කිසිදාක තමන්ගේ ආහාර වේලට හීල් බත් ටිකක් එකතු කර නොගන්න එකක් නෑ.

හීල්බත් කියන්නේ මොනාටද? හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි? ආදී ප්රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා නිසා එම අපැහැදිලිතාවය මගහැරවීම සදහාත් හීල් බත් පිළිබදව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම සදහායි අපේ මේ වෑයම.

හීල් බත් යනු පෙර දින රෑට උයාගන්නා බතේ ඉතිරිවන කොටස. හීල් බත් ආහාරයට ගන්නවා කියන්නෙ උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගන්න එක. මෙය බොහෝ දෙනා දියබත් සමග පටලවා ගන්නට පුලුවන්.

දියබත් කියන්නෙ රෑට ඉතුරුවන බත් දංකුඩයට නැත්නම් බත් ටිකකට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතුඑනු දෙහි ඇඹුල් ආදිය දමා පානයක්‌ වශයෙන් උදේට ආහාරයට ගැනීමට සකසා ගන්නා බතයි. දියබත් සාදාගන්නේ හීල් වූ බත් දංකුඩයෙන් බව සත්ය නමුත් හීල්බත් යනු දියබත් නොවන බව දැන් ඔබට වැටහිය යුතුයි. දිය බත් කියන්නෙ හීල් බත් දංකුඩය ආහාරයට ගන්නා එක්‌ ආකාරයක්. නමුත් හීල් බත් කියන්නෙ දංකුඩය පමණක්‌ නොවෙයි.කොහොම වෙතත් මේ දෙකෙහිම තියෙන ගුණය නම් ඉතා විස්මයජනකයි.

හීල් බතෙහි ගුණ පෝෂණ විද්යාත්මක පමණක්‌ නොව ජීව විද්යාත්මක, සමාජ විද්යාත්මක ආර්ථික විද්යාත්මක, පරිසර විද්යාත්මක ආදී පුඑල් පරාසයක විහිදී පවතිනවා. හීල් බත් උණු බත්වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්රශ්නය එවැනි පුඑල් පරාසයක සිට සළකා බැලුවොතින් අපට පහත සදහන් දස වැදෑරුම් ගුණයන් හීල් බතෙහි ඇති බව තහවුරු කර ගන්නට පුලුවන්.

හීල් බත්වල B කාණ්‌ඩයේ විටමින් ප්රමාණය සහ C විටමින් ප්රමාණය වැඩියි..
වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්‌ට්‌ ඇතුඑ හිතකර ක්‌ෂුද්ර ජීවින් හීල් බත් උපස්‌ථරය මත ක්රියාත්මක වෙනවා . එවිට හීල් බතෙහි පැසීමේ ක්රියාවලියක්‌ සිදු වෙනවා . අප බත් පීළුනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්රියාවලිය උවමනාවටත් වඩා සිදු වී කල් ඉකුත් වූ විටයි. පැසීමේ ක්රියාවලියේ හිතකර තත්ත්වයේදී ක්‌ෂුද්ර ජීවී ක්රියාකාරිත්වය නිසා B විටමින් කාණ්‌ඩයේ විටමින්වල සහ C විටමින්වල සාන්ද්රණය ඉහළ යනවා. එහෙනම් අනික් අතට හීල් බත් කියන්නෙ විටමින් වලින් ස්‌වභාවිකව බලකරණයට ලක්‌ වූ ආහාරයක්‌.

විශේෂයෙන්ම විටමින් බී 12 ශරීරයට ලැබෙන්නේ ක්‌ෂුද්රජීවී ක්රියාකාරීත්වය නිසා. මස්‌ ආදී සත්ත්ව ආහාර තුලට බී 12 විටමිනය ලැබී ඇත්තේද එම ක්‌ෂුද්ර ජීවී ක්රියාකාරීත්වය හරහායි. එහෙත් විටමින් බී 12 ශරීරයට ලබා ගත හැකි එකම මාර්ගය ලෙස ප්රචලිත වී ඇත්තේ මස්‌ ඇතුළු සත්ත්ව ආහාර ගැනීම.ඉතින් ජනප්රිය මතය එසේ වුවත් සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට එකතු කර ගන්නට හැකියාව තිබෙනවා.

හීල් බත් උණු බත් වලටත් වඩා පහසුවෙන් දිරවනවා..
බත් තිරිගු ආදී අනෙකුත් ධාන්ය වලට සාපේක්‌ෂව ඉතා හොඳින් ජීරණය වනවා. හීල් බත් වල සිදු වන ඉහත කී පැසීමේ ක්රියාවලිය නිසා බත්වල ජීරණ හැකියාව තවදුරටත් දියුණු වෙනවා.විශේෂයෙන් ප්රොටීන් වල ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවීම මෙමගින් සිදු වෙනවා.

හීල් බත් ජෛවී ආහාරයක්.
ජෛවී ආහාර ආහාරයට ගන්නා සතුන් ආහාර පිස ආහාරයට ගන්නා මිනිසා සහ මිනිසා විසින් ඇති කරන සතුන්ට වඩා බොහෝ නිරෝගීයි. විශේෂයෙන්ම එවැනි සතුන්ට විටමින් ඌනතා සහ දියවැඩියාව, ධමනි තුළ කොලෙස්‌ටරෝල් බැදීම, පිළිකා ආදී නිදන්ගත රෝග ඇත්තේම නැති තරම් එයට හේතු වන්නේ ආහාර පිසීමේදී පිළියෙළ කිරීමේදී සහ අධික ලෙස ශුද්ධ කිරීමේදී ශරීර සෞඛ්යයට හිතකර තාපයට සහ අනෙකුත් භෞතික සහ රසායනික සාධකවලට සංවේදී විටමින් වර්ග, එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග විනාශ වී යාම.

පලතුරු සහ අමුවෙන් ආහාරයට ගත හැකි පලාවර්ග ඇතුඑ එළවඑ අද අතිශයින්ම සෞඛ්ය ප්රවර්ධනාත්මක ආහාර ලෙස සළකන්නේ ඒවා ජෛවී ලෙස ආහාරයට ගත හැකි බැවින්. එවිට ඒවායේ ඇති හිතකර සංඝටක කිසිවක්‌ විනාශ නොවී ශරීරයට ලැබෙනවා. බත් පිසගන්නා ආහාරයක්‌ බැවින් උණු බත් ජෛවීය ආහාරයක්‌ වන්නේ නැහැ. නමුත් හීල් බත් අප පෙරදී පෙන්වා දුන් ආකාරයට ක්‌ෂුද්ර ජීවී ක්රියාකාරිත්වය නිසා ජෛවී ආහාරයක්‌ බවට පත් වෙනවා. ඒ කියන්නෙ හීල් බත් ජෛවී ආහාර වල ලක්‌ෂණ සහිත සෞඛ්යයට බෙහෙවින්ම හිතකර ආහාරයක්.

හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවේ..
හීල් බත් ආහාරයට ගැනීමේදී කිසිම මුදලක්‌ වැය වන්නේ නැහැ. එබැවින් අප වැනි ආදායම් තත්ත්වය සීමාසහිත රටක ජනතාවට සුදුසුම ආහාරයක්‌ . රාත්රී ආහාරයෙන් පසු සෑම ගෙදරකම පාහේ බත් සැළකිය යුතු ප්රමාණයක්‌ ඉතුරු වෙනවා. බොහෝ දෙනා කරන්නේ මේ බත් ටික හිත් පිත් නොමැතිව වීසී කර දැමීම. ආහාර ගන්නට සල්ලි නෑ යෑයි නිතර මැසිවිලි නගන අයගේ කුණු ගොඩවල් පරීක්‌ෂා කළ විට ඒවායේ වැඩිපුරම දැක ගත හැක්‌කේ ආහාරයට නොගෙන ඉවත දමන බත්.

විශාල පවුලකට පමණක්‌ උදේට හීල් බත් කෑම සඳහා වැඩිපුර සහල් ටිකක්‌ රාත්රියට ලිප තබන්නට සිදු වෙයි.නමුත් එයට පාන් වැනි ආහාරවලට මෙන් මහා මුදලක්‌ වැය වන්නේ නැහැ. ව්යාංජනද බොහෝ විට රාත්රියට ඉතුරු වන බැවින් ඒවා සමග හීල් බත් කන්නට හැකියි. හීල් බත් කන්නට අමතරව දෙයක්‌ අවශ්ය වූවොත් ඒ පොල් සම්බෝලයක්‌ වැනි පහසුවෙන් සාදා ගත හැකි ආහාරයක්‌.

හීල් බත් ඉන්ධන අර්බුදයට හොදම විසදුමක්..
හීල් බත් කන විට එක වේලකට වැය වන ඉන්ධන ප්රමාණයෙන් දෙවේලකටම උයා ගැනීම සිදුවනවා. ඉන්ධන ලෙස දර භාවිතා කළත් ගෑස්‌ භාවිතා කළත් විදුලිය භාවිතා කළත් එයින් විශාල ඉන්ධන ඉතිරියක්‌ සිදුවීමත් අපිට ලැබෙන ලොකු ලාබයක්.

හීල් බත් අර පිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයක්..
හීල් බත් කෑමේදී බත් ඇටයක්‌ හෝ අහක දමන්නට සිදු වන්නේ නැහැ. බත් අහක දැමීම කොතරම් පාපකර්මයක්‌ දැයි අපේ අම්මලා ආච්චිලා අපට කියා දීල තියෙනවා.එහෙම නේද ?
හීල් බත් බෙහෙවින්ම පරිසර හිතකාමී ආහාරයක්..

හීල් බත් කෑමේදී විශාල වශයෙන් ගෘහස්‌ථ ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව කළින් අපි ඔබට කිව්ව.ඉතින් බලන්න ඉන්ධන දහනයේදී සිදුවන පරිසර දූෂණයත් එමගින් වක්රාකාරව අඩු වනවා නේද? එසේම දර සහ අනෙකුත් ඉන්ධන වැඩිපුර භාවිතා කරන විට ගස්‌ වැල් ඇතුළු ස්‌වභාවික පරිසරය විනාශ වෙනවා . ඒ අනුව ඉන්ධන භාවිතය පරිසරයට ඔරොත්තු දෙන මට්‌ටමින් තබා ගැනීමට හීල් බත් කෑම බෙහෙවින්ම උපකාරී වනවා නොවේද?

හීල් බත් උදෑසන ගෙදර යුද්ධයට හොදම විසදුමක්..
බොහෝ නිවෙස්‌වල උදෑසනට අවදි වූ විට ඇත්තේ එකම යුද්ධයක්. ඒ දරුවන් පාසල් යෑවීමට කලින් කෑම දීම සදහා උයා පිහා ගැනීමට. දෙමව්පිය වැඩිහිටියන් වැඩට යන්නේ නම් යුද්ධය දෙගුණ තෙගුණ වෙනවා. උදේ නිවසෙන් පිටත්වෙන්නට කලින් උදෑසන උයන ආහාරය කා පිටත්වීම සදහා උදේට උයන්නට පැය එකහමාරක්‌ දෙකක්‌ කළින් අවදි වන්නට සිදු වෙනවා. එසේ කළ නොහැකි බොහෝ දෙනා ක්‌ෂණික, කෘත්රීම කෑම මුදලාලිලාගේ දංගෙඩියට දැනටමත් හසු වී අවසන්.නමුත් උදෑසන ගෙදර යුද්ධය අවම කර ගැනීමටත් ක්‌ෂණික කෑම මුදලාලිලාගෙන් බේරෙන්නටත් ඇති හොදම විසදුම උදේ ආහාරය ලෙස හීල් බත් කෑම ම නොවේද?

හීල් බත් පවුලේ මානසික සහ ආධ්යාත්මික සෞඛ්යය ප්රවර්ධනයටත් වැදගත්..
හීල් බත් පවුලේ මානසික සහ ආධ්යාත්මික සෞඛ්යය ප්රවර්ධනය කිරීමට බෙහෙවින්ම දායක වෙනවා.. ඇයි දන්නවද මම එහෙම කියන්නෙ?හීල්බත් වල බී විටමින් ප්රමාණය වැඩි නිසා ස්‌නායු පද්ධතියේ ක්රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වෙනවා.. ඒ තුළින් හොඳ ක්රියාශීලී මනසක්‌ද ඇති වෙනවා. හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවන නිසා ආහාරවලට යන වියදම බොහෝ දුරට අඩු කර ගන්නටත් පුලුවන්.එහෙම නේද?

හීල් බත් දීඝායු ලබන්නටත් හේතුවක්..
කලින් කියපු කරුණුවලින් ඔබට වැටහෙනවා නේද හීල් බත් වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉහළ බව. ඒ තුළින් ලෙඩ රෝග ඇති වීමේ අවදානම අඩු වී කායික සෞඛ්යය ප්රවර්ධනය වීම සිදු වන බව.එසේම හීල් බත් ඉහතින් විස්‌තර කළ ආකාරයට මානසික සහ අධ්යාත්මික සෞඛ්යය ප්රවර්ධනය කිරීමටද උපකාරි වන බව..
උපුටා ගැනීමක්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top