මේ සුබ පණිවිඩය උසස් පෙළ ප්‍රතිඵල, බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ට...
පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද දින නිකුත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා.
අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් මස 20 දින දක්වා ය.
එවර උසස් පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 3,33 185 දෙනෙකු පෙනී සිටින අතර, එයින් පාසල් අයැදුම්කරුවන් 2,53 390ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 79,795 දෙනෙකු වෙනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312 කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී විභාගය පැවැත්වුණි.