අලුත් අවුරුද්දේ සිරිත් විරිත් චාරිත්‍රවලට වටිනා තැනක් හිමි වෙනවා...
මේ කියන්න හදන්නේ ඒ වගේ වටිනා නැකතක් ගැනයි...
සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද 16 පූර්වභාග 09.04ට යෙදී තිබෙනවා ....
හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවි යන්න නැකැත් සීට්ටුවේ සඳහන්. හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර, හිරු ටී.වී. සංවිධාන කරන හිසතෙල් ගෑමේ මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාර පරිශ්‍රයේදීයි.
අද (16) උදෑසන 9වනවිට එම පරිශ්‍රයට පැමිණෙන ලෙස සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට හිරු මාධ්‍ය ජාලය ආරාධනා කරනවා.