පසුගිය දිනවල විද්‍යාපීඨ අධ්‍යාපනය ගැන විවිධ කතාබහ නිර්මාණය වී තිබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
ඇත්තටම අධ්‍යාපන විද්‍යාපීඨවල ක්‍රමවේදය වෙනස් වේවිද..? අග්‍රාමාත්‍යවරිය පසුගිය දවසක ඒ ගැන මෙන්න මේ වගේ අදහස් දක්වා තිබුණා..
දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන ගුරුවරුන් බිහිකරන මෙරට විද්‍යාපිඨ පද්ධතිය තුළ ලබාදෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා..
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් පොලොන්නරුව, පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ සංවිධානය කළ “පුළතිසිය තරුණයි” සැමරුම් උත්සවය අමතමින් ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා..
පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ ලාංඡනය සහිත සමරු ඵලකය නිරාවරණය කිරීම හා විද්‍යාපිඨ පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළ අතර 2000 වසරේ සිට 2025 දක්වා කාලය තුල මෙහි සේවය කළ පිඨාධිපතිවරුන් ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරුණා..
මෙහිදී අග්‍රාමාත්‍යවරිය මෙන්න මේ වගේ අදහසක් පැවසුවා...
"අපේ රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. රට තුළ ඇතිකළ යුතු පරිවර්තනය සිදු කරන්න නම් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු විය යුතු බව රජය අවබෝධ කරගෙන තිබෙනවා.
2026 සිට අපි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්ලාස්ටර් ගහලා, තියන එක ඇදගෙන යන ක්‍රමයක් නෙමෙයි. එය ගුණාත්මක හා මානුෂීය මෙන්ම නවීන ලෝකය ජයගත හැකි පුද්ගලයෙක් බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්.
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැඳී තිබෙන්නේ ගුරුවරුන් මත, අපි බලාපොරොත්තු වන අරමුණට යන්න ගුරුවරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න නියමිතයි. ලෝකයේ හොදම අධ්‍යාපනය ගෙනත් දෙන්න පුලුවන්, නවීන තාක්ෂණය අපිට ගෙනත් දෙන්න පුලුවන් නමුත් ඒ සියල්ලේ අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ ගුවරුන් හා සිසුන් අතර තිබෙන ගුණාත්මක හා මානූෂීය සබඳතාවයේ ශකතිය තුළයි.
මෙතෙක් කලක් පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අමතකම වූ කොටස ගුරුවරු, ගුරුවරුන් පුහුණුවෙන් හා දැනුමින් සන්නද්ධ කරන්න ඒ ප්‍රතිසංස්කරණවල වැඩ පිලිවෙලක් තිබුණේ නැහැ.
අපේ මූලික අවධානය යොමු වෙලා තිබෙන්නේ ගුරුවරුන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය දියුණු කරමින් පුහුණුවෙන් හා දැනුමින් වර්ධනය කිරීමටයි.
ගුරුවරයෙකුට අද සමාජයේ තියන පිළිගැනීම හෝ ඔබ ගුරු වෘත්තිය තෝරා ගැනීම පිලිබඳ ඔබට සැහිමකට පත්වෙන්න පුලුවන්ද?
ගුරු වෘත්තිය කියන්නේ දරුවෙක්ගේ අනාගතය හදන්නත්, විනාශකරන්නත් පුලුවන් බලයක් තිබෙන වෘත්තියක්. රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කරන්න නම් එවැනි බලයක් තිබෙන ශක්තියක් හා වගකීමක් තිබෙන ගුරුවරුන් මේ රටේ බිහි විය යුතුයි. නමුත් එවැනි අධ්‍යාපනයක් ලබන්න පුලුවන් පරිසරයක්,සම්පත් හෝ යටිතල පහසුකම් විද්‍යාපිඨතුළ තිබෙනවද ? අද මම මේ විද්‍යාපිඨය නිරීක්ෂණය කරනවා, අපි බලමු ඒ තත්වය තියනවද කියලා.
විද්‍යාපිඨ තුළින් උපාධිය ලබා දීම පිලිබඳ සංවාදයක් ඇති වී තිබෙන බව මම දන්නවා. ඒක බෝඩ් එක වෙනස් කරලාත් කරන්න පුලුවන්. අතීතයේ එහෙම සිදුවෙලා තිබෙනවා. නමුත් ගැටලුව එහි අන්තර්ගතයේ ගුණාත්මකභාවය තිබෙනවාද යන්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..