සමහර අවාසනාවන්ත සිදුවීම් වළක්වාගන්න පුළුවන් ඒවා.. මේ කියන්න හදන්නෙත් එහෙම කතාවක්...
විදුලිසැර වැදීමකින් මුන්දලම අක්කර 12 ප්‍රදේශයේ අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 52 සහ 55 යන වයස්වල පසුවන දෙදෙනෙක්.
මිය ගිය පුද්ගලයින් තමන් පදිංචි නිවස ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, නිවසේ සිට අදින ලද වයරයකින් ඊට විදුලිය ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අදාල වයරයේ තිබූ දෝෂයක් නිරවුල් කිරීමට ගිය පිරිමි පුද්ගලයාට විදුලි සැර වැදී ඇති අතර ඔහු බේරාගැනීමට ගිය කාන්තාවට ද අනතුරුව විදුලිසැර වැදී ඇති බව සදහන්.
පසුව අවට පදිංචිකරුවන් දෙදෙනාවම මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔවුන් මියගොස් සිට ඇති බව වාර්තා වෙනවා .
අනාරක්ශිත ලෙස විදුලිය එක්ක කටයුතු කිරිමේ බරපතලකම මේ අවාසනාවන්ත සිදුවීමෙන් ආයේ ආයේමත් සිහිපත් කරවනවා..