අපේ ජීවිතයේ අපි ආදරය කරන කෙනෙකුගේ හදිසි හැර යාම අපිට මොන තරම් නම් දුකක් ගෙන දෙන කරුණක්ද ?
මේ කියන්න යන කතාවත් හිතට සමීප වුණ තමන් සමගම ජීවත් වුණ සුරතල් බලු පැටියෙකුගේ හැර යාම නිසා දුකට පත් වූ 12 හැවිරිදි දියණියක් ගැන තමයි මේ කතාව.
මීට දින කිහිපයකට පෙරයි ඇය ආදරයෙන් හදාවඩා ගත් සුරතල් සුනඛයා මෙලොව හැර යන්නේ.
තමන් දැඩි ලෙස ආදරය කරපු මේ සුරතලාගේ වියෝව මේ දැරියට කිසිසේත්ම දරා ගන්නට නොහැකි වුණා.
ඇය මානසික අවපීඩන තත්වයක ලක්ෂණ පෙන්වන්න ගත්තා.
ආහාර පවා ප්‍රතික්ෂේප කළ ඇය අවසන තම දිවිය ගැනත් තීරණයක් ගත්තා.
ඇය සිය දිවි නසාගත්තේ ඇයගේ සුරතලාගේ වියෝව නිසාමයි.
ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ සිදු වූ මෙම සිදුවීම කාගෙත් කතාබහට ලක්ව තිබුණා.
සිදුවීම වන අවස්ථාවේ ඇයගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.