ක්‍රම ක්‍රමයෙන් ටික්ටොක් විවිධ රටවල තහනම් කිරීමට ගත් තීරණයන් විවිධ මාධ්‍ය සඳහන් කර තිබුණා.
මේ සමගම චීනයේ ටික්ටොක් හී මව් සමාගමක් වන ByteDance සමාගම ටික්ටොක් විකුණන බවට කටකතා පැතිර ගියා.
ඒ අමෙරිකාව ටික්ටොක් තහනම් කිරීමට ගත් තීරණයත් සමගයි.
කෙසේ නමුත් එම සමාගම පවසන්නේ කිසිවිටකත් මෙම යෙදවුම විකිණීමට තමන් තීරණය කර නොමැති බවයි.
මේ අතරම ටික්ටොක් යෙදවුම විකිණීම සම්බන්ධව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබූ පුවත් අසත්‍ය බවටයි සඳහන් කරන්නේ.