Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
14
හෘදයාබාධයක් නිසා රෝහල් ගතකෙරුණු දයාවති නොහිතපු වෙලාවක මුහුණ දුන්නු අත්දැකීම ගැන කියන කතාව

- හෘදයාබාධයක් නිසා රෝහල් ගතකෙරුණු දයාවති නොහිතපු වෙලාවක මුහුණ දුන්නු අත්දැකීම ගැන කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

සුසිලා කෝට්ටගේ එහෙමත් නැත්තම් දයාවතී කියන නමින් හැමෝම අතරේ ප්‍රසිද්ධ වුණු ඒ නිළිය පසුගියදා රෝගාතුරු වෙලා රෝහල් ගතකළා. ඇයට හෘදයාබාධයක් ඇතිවෙලා තමයි මේ විදියට රෝහල්ගතකරලා තිබුණේ.

මේ වුණු සිද්ධිය ගැන ඇය කියපු කතාව සරසවිය පුවත්පතේ පසුගිය දිනෙක පළවෙලා තිබුණා. ඒ කතාව තමයි පහතින් තියෙන්නේ.....

මේ වෙච්ච දේ මට තවමත් හිතාගන්න බැහැ. ඒත් මට දැනෙනවා මොකක්දෝ පෙර පිනකින් මං තවමත් ජීවත් වෙනවා කියලා. ජීවිතේ හරි පුදුමාකාරයි. හරියටම සතියකට උඩදී ගහක් ගලක් වගේ උන්නු මම අද ඇඳකට වෙලා ඉන්නවා. මං දන්නවා තව බොහොම කෙටි කාලෙකින් මං පෙර තත්ත්වෙට එනවා කියලා. එතකම් මෙහෙම ඉන්නවා.



හරියටම නොවැම්බර් 19 වැනිදා. ඊට කලින් දින දෙකෙහිම දුර ගමනක් ගිහින් ඇවිත් මං හුඟක් වෙහෙස වෙලයි හිටියේ. එදා මට විශේෂ වැඩක් නොතිබුණු හින්දා මං ටිකක් දවල් වෙනකම් නිදාගත්තා. හවස මට හිරු නාළිකාවේ ජෝදා අක්බාර් ටෙලි නාට්‍යයේ ඩබිං තිබුණා. මං සාමාන්‍යයෙන් ඒ වගේ වැඩකට යන්නේ ටැක්සියක් කතා කරගෙන. මොකද මගේ මහත්තයා රහල් කැමැති නැහැ එයාගේ වාහනෙන් මාව කොළඹ තියෙන වැඩවලට එක්කගෙන යන්න.

මොකද කොළඹ හරියට ට්‍රැෆික්නෙ. මහත්තයට හරි අපහසුයි ට්‍රැෆික් එකේ වාහනය පදවන්න. ඉතිං මං ඔහුට කරදර කරන්නේ නැහැ කොළඹ එනකොට. ඒත් එදා හරි පුදුම වැඩක් වුණා. කවදාවත් නැතුව මහත්තයා එකඟ වුණා මාව කොළඹ එක්කගෙන එන්න. මාත් වාහනයට ගොඩ වුණා.

ඔන්න නිවසින් පිටත් වෙලා ටික වේලාවක් ගත වුණා. මට දැනෙන්නට ගත්තා පිට පැත්තෙන් ඉතා දරුණු වේදනාවක්. මං හිතුවේ වාත අමාරුවක් කියලා. ක්‍රම ක්‍රමයෙන් ඒ රිදීම වැඩි වුණා. ඉන්නම බැහැ දැන්. පිටේ වේදනාව පපුව පැත්තට ආවා. දැන් මට දැනෙනවා පපුවයි පිටයි හිර කරනවා කියලා. වේදනාවෙන් මිරිකි මිරිකි මං හිටියේ.

මේ වෙන කොටත් මහත්තයා හොඳටම බය වෙලා හිටියේ. ඔහු කීවා ගෙදර යමු කියලා. මං සාමාන්‍යයෙන් වැඩකට එනවා කිව්වම මොන දේ වුණත් ඒකට යන එක යනවා. නැත්නම් මං එනතුරු බලාගෙන ඉන්න සියලු දෙනාම අමාරුවේ වැටෙනවනේ. එදා මං නොගියොත් ඩබිං සේරම අවුල් වෙනවා.

අන්තිමේ රහල් අපේ ෆැමිලි ඩොක්ටර් වන ගුණවර්ධන මහත්මයා ගාවට ගෙනිච්චා. ඔහුගේ ඩිස්පෙන්සරියේ එවලේ සෑහෙන්න සෙනඟ හිටියා. මං ඒ කාවවත් බලන්නේ නැතුව කෑගහගෙන ඩොක්ටර් ඉන්න කාමරයට ගියා. ඔහු මාව පරික්ෂා කරලා වහාම මහ ඉස්පිරිතාලෙට ඇතුළත් වෙන්නට යැයි කීවා.

එවෙලේ මං ඇඳගෙන හිටපු ඇඳුම පිටින් මං ඉස්පිරිතාලෙට ඇතුළත් වෙන්නට කැමැති වුණේ නැහැ. මොකද සරුව පිත්තල ඇඳුමක් මං ඇඳගෙන හිටියේ. අනික ඉස්පිරිතාලෙට ඇතුළත් වන්නට මුකුත් ලැහැස්ති කර ගෙනත් නැහැනෙ. මං වහාම ගෙදර ආවා. වෙලාව කියන්නේ ඔන්න ඔය වෙලාවෙම තමයි අපේ පවුලට හිතවත්ම කෙනා වන කුමාර සිරිවර්ධන අපේ ගෙදරට කතා කළේ. ඊට පහුවෙනිදා අපි ගමනක් දා ගත්තා. ඒ පිළිබඳ අහන්නයි කුමාර කෝල් කළේ. මං ඔහුට විස්තරේ කිව්වා. කුමාර තකහනියක්ම අපේ ගෙදර ආවා. ඔහු ඩොක්ටර් ගුණවර්ධනට කතා කළා. ඩොක්ටර් ඇහැව්වලු මං රෝහල් ගත වුණා නේද කියලා. එවලේ මං හිටියේ ගෙදරනෙ. ඩොක්ටර්ට කේන්තිත් හිගිල්ලා. ඔහු කිව්වලු මහ ඉස්පිරිතාලෙට නෙවෙයි, ළඟම තියෙන රෝහලට මාව ඇතුළත් කරන්න කියලා. ලෙඩේ එච්චරටම භයානකලු.

රහල්, කුමාර වහාම ක්‍රියාත්මක වෙලා මාව අයි. ඩී. එච්. උණ රෝහලට ඇතුළු කළා. එතැනින් ප්‍රතිකර්ම කරලා මාව යැව්වා කොළඹ මහ ඉස්පිරිතාලේ හෘද රෝග ඒකකයට. එහි හැට එක් වැනි වාට්ටුවේ මං හිටියේ. ඒ අය පරීක්ෂා කරලා නහර දෙකක් බ්ලොක් කිව්වා. එකක් 99% ක්. අනික 49% ක්. වහාම ශල්‍යකර්මයක් කරන්න ඕනෑ කියලා කිව්වා.

මොකද නැත්තේ. මං කිව්වා මාව කපන්නේ කොටන්නේ නැතුව ඕන දෙයක් කරන්න කියලා. ඒත් මගේ ජීවිතය බේරගන්න එපායැ. එතැන සිටි වෛද්‍යවරුන් ඇතුළු සියලුම සේවකයන් මගේ හිත හැදුවා. ඔවුන් සියල්ලම පාහේ කිව්වේ මගේ ජිවිතය ගැන හිතලා තීරණයක් ගන්නටයි කියලා. අන්තිමේ මම හිත හදා ගත්තා. වාසනාව කියන්නේ මට පෝලිම්වල නොඉඳ දවස් දෙක තුනකින් ශල්‍යකර්මයට ගත්තු එක. දිනය කිව්වොත් හරියටම ගිය 22 ඉරිදා. මාව එදා තියටර් එකට ගත්තේ හොඳ කෙක් ගෙඩියක් බාර ගන්නවා වගේ. හැමෝම මට ශක්තියක් වුණා. මට එවලේ කිසි දෙයක් ගැන ලෝබ හිතුණෙත් නැහ. මරණ බය දැණුනෙත් නැහැ. සම්පූර්ණයෙන්ම සිහිය නැති නොකර ඔවුන් ශල්‍යකර්මය පටන් ගත්තා. බඩට ඉන්ජෙක්ෂන් ගහලා කැමරාවක් යවලයි ඔවුන් අලුත් නහර සවි කළේ. ඔපරේෂන් එක කරද්දී වෛද්‍යවරුන් විහිළුවෙන් තහළුවෙන් හිටියා. මාත් නොයෙක් කතා කියමින් ඔවුන්ව සතුටු කළා. දෙවියන්ගේ පිහිටෙන් ශල්‍යකර්මය නිම වුණා. මට දැනුණේ යළි මං ඉපදුණා වගේ. ඉපදුණා නෙවෙයි මාව ඉපැද්දුවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top