මෙවැනි සම්බාහන ආයතන මේ වන විට කිසිම උපද්‍රවයකින් තොරව පවත්වාගෙන යන අයුරු දැක ගත හැකි වනවා.
සම්බාහන මුවාවෙන් පවත්වාගෙන යන ඇතැම් ආයතනවල සිදු වන්නේ ගණිකා ජාවාරම බව පවසන පොලීසිය මෑතකදී එවන් ආයතන රැසක් වටලා එහි කළමනාකරුවන් හා සේවිකාවන් අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කොළඹ නගරයේ කාලයක් මෙවන් ස්ථාන පවත්වාගෙන යාම සිදු කෙරුණේ සිංහල තරුණියන් යොදා ගනිමිනුයි.
එහෙත් මේ වන විට කොළඹ ඇතැම් පොලිස් වසම්වල පවත්වාගෙන යන මෙවන් ආයතනවල තායිලන්ත යුවතියෝද සේවයේ නිරත වනවා.
කොල්ලුපිටිය, බම්බලපිටිය ආශ්‍රිත ප්‍රදේශවල මෙවන් තායි සුරූපිණියන් රැඳිසිටින ස්පා ආයතන බහුලව දක්නට ලැබෙනවා.
ඉකුත් දිනෙක කොල්ලුපිටිය පොලිසියේ අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චානක ගමආරච්චිට කිසියම් පුද්ගලයෙකුගේ තොරතුරු ලැබුණා.
ඒ කොල්ලුපිටිය මුහුදු තීරය ආසන්නෙයේ මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක සුපිරි පන්නයේ තායි ස්පා ආයතනයක් පවත්වාගෙන යන බවත්, මේ ස්ථානය මසාජ් ක්ලිනික් එකක් මුවාවෙන් පවත්වාගෙන ගියත් එහි තායි යුවතියන් මුදලට ගණිකා සේවයේ නිරත වන බවත්, ඔත්තුකරු හෙළිදරව් කර තිබුණා.
මේ රහසිගත තොරතුර ඉවත නොදැමූ පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේ එවන් අකටයුත්තක් සිදු වෙනවාද? එසේ නම් ඒ කෙසේද? මේ ජාවාරම සිදුවන්නේ කුමන ආකාරයට ද? යන්න විමසා බලා ඒ පිළිබඳ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාට ඒ බව දැනුම් දෙනු ලැබුවා.
වසර තිහක සේවා පළපුරුද්දක් ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන මහතා සිය තරුණ උප පරීක්ෂකවරයාට එම වැටලීම නීතියට අනුකූලව සිදු කරන ලෙස උපදෙස් දී ඒ සඳහා උපාය දූතයෙකු යොදවා වැටලීම සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳවත් පැහැදිලි කළා.
අනතුරුව තම ඒකකයේ තරුණ කොස්තාපල්වරයෙකු වන 'ශ්‍රිනාත්' උපාය දූතයෙකු ලෙස වෙස් ගන්වා එම ස්පා ආයතනයට යැවීට පොලිස් පරීක්ෂක ගමආරච්චි තීරණය කළා.
ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් ගන්වන ලද කොස්තාපල් ශ්‍රිනාත් බැලූ බැල්මට පොලිස් නිලධාරියෙක් ලෙස හඳුනා ගැනීමට කිසිවෙකුට හැකි වූයේ නැහැ.
රුපියල් දහසේ නෝට්ටු කිහිපයක් ද කොස්තාපල් ශ්‍රිනාත්ට දුන් උප පරීක්ෂකවරයා කිසිම සැකයක් ඇති නොවන ආකාරයට හැසිරිය යුතු බවටත් ඔහුටත් උපදෙස් දෙමින් සඳහන් කළා.
"කිසිම සැකයක් ඇතිවෙන විදිහට හැසිරෙන්න එපා. වැඩේ හරි ගියාම කෝල් එකක් දෙන්න. එතකොටම අපි එන්නම්..."
ඔහු කුලී රියකින් ගමන් කර තායි ස්පා ආයතනයට ඇතුළු වුණා. ගොඩනැගිල්ලේ පහත මාලයේ වෙනත් ආයතන දෙක්. දෙවන මහල හා තෙවන මහලේ කාමර විස්සක පමණ ස්පා පවත්වාගෙන යනවා.
පිළිගැනීමේ කවුන්ටරයේ සිටියේ ද සුරූපි තරුණ තායි කතක්. කැඩුණු ඉංග්‍රීසියෙන් ඇය ඇමතූ ශ්‍රීනාත් තමන් පැමිණියේ මසාජ් එකක් ගැනීමට බව ඇයට පැවසුවේ අත්වලින්ද ඒ වග පෙන්වමිනුයි.
ශ්‍රීනාත් රුපියල් දහසේ නෝට්ටු හයක් ඇය අත තැබුවා. අනතුරුව ඇය ආයතනයේ රැඳී සිටි තායි කතුන් වෙතට ශ්‍රීනාත් කැඳවාගෙන ගියා. රූමත් ළාබාල තායි කතක් ඔහු තෝරා ගත්තා. මොහොතකින් ඊට යාබද කාමරයකට ඔහු ඇතුළු වූයේ පැයක කාලයක සිදු කරන සම්බාහනයක් සඳහා යි.
ශ්‍රීනාත් තෝරාගත් තරුණියටද කතා කළ හැක්කේ කැඩුණු ඉංග්‍රීසියෙනුයි. මොහොතකින් ශ්‍රිනාත් සමඟ කුළුපග වූ ඇය සම්බාහන ඇරඹිම සඳහා අවශ්‍ය දෑ ගෙනවිත් කාර්යය ආරම්භ කළා.
ඒ අතරතුර ඇය ශ්‍රීනාත්ට ගෙන ආවේ අමුතුම යෝජනාවක්. ඊට ශ්‍රීනාත්ගේ ද කැමැත්ත පළ වුණා. පැයක් ඇතුළත් සියල්ල සිදුවිය යුතුයි. ඒ සඳහා තවත් රුපියල් දසදහසක් අවශ්‍ය බව ඇය ශ්‍රිනාත්ට සඳහන් කළා. ඒත්... ශ්‍රිනාත් අත තිබුණේ රුපියල් නවදාහක් පමණයි.
"මගේ ළඟ තියෙන්නේ නවදාහයි. එහෙනම් වෙන දවසක එන්නම්.."
ශ්‍රිනාත්ද ඇයට තේරෙන කැඩුණු ඉංග්‍රීසියෙන් එලෙස කීවා. එහෙත් ඇය ශ්‍රිනාත් අත තිබූ රුපියල් නවදාහට තම සේවාව ලබාදීමට තම සේවාව ලබාදීමට කැමැත්ත පළ කළා.
ඉන්පු ඇය ඒ සඳහා සුදානම් වුණා. ශ්‍රීනාත්ද ඒ සඳහා ලක ලෑස්ති වී සිය ජංගම දුරකථනයෙන් සිය ප්‍රධානියා වන ගමආරච්චි මහතාට ඇමතුමක් ගෙන එය විසන්ධි නොකර පැත්තකින් තැබූවා. සියල්ල සිදුවන්නේ ඒ අතරතුරයි.
ලැබුණු සංඥාවත් සමඟ නිලධාරින් තායි ස්පා ආයතනයට ඇතුලු වූයේ එතැන සිටි කෙල්ලන් අන්දමන්ද කරමිනුයි.
පොලිස් නිලධාරින් කාමරයට වැදීමත් සමඟ ශ්‍රීනාත් සමඟ සිටි තායි යුවතියට කිසිවක් කර කියා ගත නොහැකි වුණා.
ඇය සිය නිරුවත වසා ගැනීමට දැඩි උත්සහයක නිරත වූ අතර පසුව ගමආරච්චි මහතාගේ උපදෙස් මත ඇයත් ආයතනයේ සිටි සෙසු තායි තරුණියන් පිරිසත් පොලිස් භාරයට ගනු ලැබුවා. ඒ අතර සිංහල යුවතියක් ද සිටි අතර ඇය 22 හැවිරිදි වුණා.
මොවුන් සියල්ලම කොල්ලුපිටිය පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව පරීක්ෂා කෙරුණා. ඒ අනුව අනාවරණය වූයේ මෙම තායි යුවතියන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි. ඇතමුන්ගේ වීසා කාලය අවසන් වී ඇති බවද පොලීසියට අනාවරණය වුණා.
සංචාරක වීසා වලින් මෙරටට පැමිණෙන අයට රැකියා කිරීම නීති විරෝධීබව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ගේ අදහස යි. මෙම ආයතනය පවත්වාගෙන යන්නේ සිංහල ජාතිකයෙකු විසිනුයි.
"මේක කොළඹ තියෙන ලොකුම තායි ස්පා මධ්‍යස්ථානයක්. පැය විසිහතර පුරාම විවෘතයි. තවත් මේ වගේ තායි ස්පා තිබුණත් මේ තරම් තායි කෙල්ලෝ ඒවයේ නෑ..."
"මට පුද්ගලික ලැබුණූ තොරතුරක් මත තමයි අපි මේක රේඩ් කළේ. අපි ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගත්තා. ඒ අනුව තමයි අපි උපාය දූතයෙක් යොදවලා මේක වැටලූවේ... සම්බාහන මුවාවෙන් තමයි මෙතන තායි කෙල්ලෝ විකුණන්නේ..."
"මේ ස්පා එකට ඇතුළු වෙන්න රුපියල් හයදාහක් ගන්නවා. පස්සෙ තායි කෙල්ලෙකුගේ සේවය ගන්න පුළුවන්. මසාජ් එකෙන් පස්සෙ එයාලා කරන යෝජනාවට කැමතියි නම් රුපියල් දහදහක් ගන්නවා. තායි කෙල්ලක් එක්ක රැයක් ගත කරන්න නම් රුපියල් තිස්දාහක් ගන්නවා. සල්ලි ගත්තු තායි කාන්තාව කළමණාකාරිය හැටියටත් අනිත් තායි කෙල්ලන් 24ත් අධිකරණයට ඉදිරිපත් කළා..."
"මෙතන ඉන්න තායි කෙල්ලෙක් දවසකට ලක්ෂයකට ආසන්න මුදලක් හම්බකරනවා. දවසට කස්ටමස්ලා 150ක් 200ත් අතර මෙතනට යනවා එනවා. පැය 24ම ඇරලා තියෙන්නෙ. කොළඹ තියෙන නොම්බර එකේ තායි ස්පා එක තමයි මේක.."