ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන සියලු ප්‍රචාරයන් අසත්‍ය බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
විවිධ ෆේස්බුක් ගිණුම් ඔස්සේ සිදුවන එම තොරතුරු අසත්‍ය ප්‍රචාරයන් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරන්නේ.
ඒ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා දින තුනකට පමණ පෙර රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
මේවන විට ජයලාල් රෝහණ මහතා එම රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් ඒ මහතාගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා හිරුට සදහන් කළා.
ඒ මහතාට අවශ්‍ය ප්‍රතිකාර තවදුරටත් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජයලාල් රෝහණගේ සමීපතමයෙක් සජිවී ෆේස් බුක් වීඩියෝවක්ද මුහුණු පොතට මුදාහැර තිබෙනවා.
ජයලාල් රෝහණ මහතා එහි සඳහන් කරන්නේ, “තමන් සුව වෙමින් පවතින බවත්, අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන් එපා..‘‘ යනුවෙනුයි.