Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
ඔහු ජීවත් වුණේ අල්ලපු ගෙදර, මගෙ රංගන ජීවිතේ වැඩිපුර ඔහු තමයි මගේ සැමියා විදියට රඟපාලා තියෙන්නේ - කුසුම් රේණු

- ඔහු ජීවත් වුණේ අල්ලපු ගෙදර, මගෙ රංගන ජීවිතේ වැඩිපුර ඔහු තමයි මගේ සැමියා විදියට රඟපාලා තියෙන්නේ - කුසුම් රේණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

104 Views

අපි දෙන්නා ප්‍රහසනවල එකට රඟපාල තියෙනවා..
ගොඩක් අය ඔහු මගේ ස්වාමි පුරුෂයා කියලා හිතාගෙන කතා කළා..

කුසුම් රේණු ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නළුනිළි යුවළක්. මේ දෙදෙනාගේ රගපෑම දශක ගණනාවක් පුරා පුංචි තිරයේ සිනමාවේ වගේම වේදිකාවේ දකින්න ලැබෙනවා. ඉතින් කසුම් රේණු සිය රංගන දිවියේ සොඳුරු මතකයන් ගැනත් ඉදිරියේදී දායකවන නව නිර්මාණ ගැනත් පුවත් පතකට කියලා තිබුනේ මෙහෙමයි.


මේ දිනවල නිරතවන නිර්මාණ කටයුතු ගැන මුලින්ම කතා කරමුද?
ඒවා ඉදිරියේදී ප්‍රදර්ශනය වෙයි. ඒ වගේම ටෙලි නාට්‍ය ගත්තම සුදර්ශන බණ්ඩාරගෙ අලුත්ම නිර්මාණයක වැඩ කරගෙන යනවා මේ දවස්වල. ඊට අමතරව වේදිකාව වැඩ තමයි.

වේදිකාවෙන් සම්බන්ධ වෙන නිර්මාණ ගැනත් කතා කරමු?

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රාස්ස පරාස්ස, සුදු සහ අළු, සුභ සහ යස නාට්‍යවලත් ඔහුගේ නව නිෂ්පාදනයක් වන මමයි ආණ්ඩුව නාට්‍යටක් සම්බන්ධ වෙලා ඉන්නවා. එහි මංගල දර්ශනය පැවැත්වු‍වේ ගිය සතියෙ. ඉතින් ඊට අමතරව තරංග බණ්ඩාරගෙ චෞධරී වේදිකා නාට්‍යය සමඟත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ගෙදරදිත් මේ නිර්මාණ ගැන එහෙම සාකච්ඡා කරනවද?

නෑ. ගෙදර අපි හරි සාමාන්‍යයි. කලාවට සම්බන්ධ කිසිම දෙයක් ගෙදර ඇතුළෙ කතා කරන්නේ නෑ. මොකද ගෙදර ඇතුළෙ තියෙන්නේ ඕනෑ අපේ ජීවිතේ. ඉතින් අපි කැමති නෑ නාට්‍යවල සිද්ධ වෙන ඒවා ගෙදර කතා කරන්න. එතකොට අපිටයි කියලා ජීවිතයක් නැතිව යනවනේ. ඒවා ළමයින්ටත් අහගෙන ඉන්නකොට බෝරින්නේ. ඒ දේවල් අපි ගෙදර ගෙන්නේත් නෑ.

එතකොට ගෙදර ආණ්ඩුව කාගෙද?

ඒක සමව යනවා. ආණ්ඩුවක් නැති තරම්.

අනිත් අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණවලට ස්මබන්ධ වීමට වඩා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයගෙ නිර්මාණවලට සම්බන්ධ වීම පහසුද?

රංගනය නමි පහසු නෑ. ටිකක් අපහසුයි. අනිත් අයගේ ඒවා අනන්තයි. අප්‍රමාණයි. මොකද මට ඕනෑම දෙයක් කියන්න පුළුවන්නේ. ඉතින් අනිත් ශිල්පීන්ගේ දෙයක් හරිගියේ නැත්තම් මට කෑ ගහන වෙලාවල් තියෙනවා.

රංගනය පැත්තෙන් ඒ වගේ දේවල් තිබුණත් අනිත් පැත්තෙන් මානසික සුවයක් තියෙනවා. මොකද කන බොන යන එන විදිය ඒ හැමදේම හොයලා බලනවනෙ. ඉතින් ඒ වගේ ප්‍රශ්නවලින් මිදෙනවා. ඒක මනසට නිදහස්.

ඒ කියන්නේ රංගනය අතරතුර බනින අවස්ථා එහෙමත් තියෙනවා.?

අම්මෝ ඔව් ඔව්. හොඳටම බනින අවස්ථා තියෙනවා.

එතකොට මොනවද ඒවාට දෙන උත්තර?

මොනවා කියන්නද. අහගෙන ඉන්නවා ඉතින්. ඔහු අධ්‍යක්ෂනෙ.

කසුම් රේණු සහ විජය නන්දසිරි දෙපළට බොහෝ සෙයින් ආදරය කරපු පිරිසක් හිටියා?

ඔව්. එහෙම තිබුණා. අවමංගල උත්සවය මොහොතේදීත් ගොඩක් අය ඔහු මගේ ස්වාමි පුරුෂයා කියලා හිතාගෙන කතා කළා. ඒ තරමට ප්‍රේක්ෂකයා අපිත් එක්ක බැඳිලා හිටියා.

ඇත්තටම විජය නන්දසිරි අයියටයි මටයි රංගනයෙදී ඒ රිද්මය, තේරුම් ගැනීම, රංගනයේදී තියෙන ඉඩ හසර,අවකාශය පිළබඳ මනා අවබෝධයක් ගැළපීමක් තිබුණා. ඒත් එක්කම ඔහු හොඳ සහෝදරයෙක් විදියට මාත් එක්ක වැඩ කළා. ඔහු ජීවත් වුණෙත් මගේ ගෙදරට අල්ලපු ගෙදර.ඒ ඔක්කොම හිතද්දි ඔහුගේ වියෝව ලොකු අඩුවක්. ඒ වගේම කලා ක්ෂේත්‍රයට ලොකු පාඩුවක්. මොකද ඔහු  ලංකාවේ මනමේ කුමාරයාගේ සිට ඉහළ ගමනක් ගිය යුග පුරුෂයෙක්.

කොයිතරම් නිර්මාණ සංඛ්‍යාවකට ඔහු ඔබේ සැමියා විදියට රංගනයේ යෙදුණද?

මම හිතන්නේ මගෙ රංගන ජීවිතේ වැඩිපුර ඔහු තමයි මගේ සැමියා විදයට රඟපාලා තියෙන්නේ. සංඛ්‍යාවක් නම් කියන්න බෑ.

ප්‍රහසන නාට්‍යයක ඔබේ සැමියා ශ්‍රියන්ත සමඟ වැඩ කරන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?

අපි දෙන්නා ප්‍රහසනවල එකට රඟපාල තියෙනවා. නමුත් නාට්‍යයකට තවම ආරාධනාවක් ලැබිලා නෑ.

ආරාධනාවක් ලැබුණොත්?

ඒක ප්‍රශ්නයක් නෑ. හොඳට හොයලා බලලා හොඳ පිටපතක් තියෙනවා නම් ඒ කටයුත්ත බාර ගන්නවා.

රංගන යුවළක් විදියට ඔබ දෙපලට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද?

ඒක ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මගේ රටේ මිනිස්සු හේ රටින් පිටවෙලා හිටියත් මේ රට ඇතුලේ හිටියත් කොතැනක හිටියත් අපේ කටහඬක් ඇහුණාම කතා කරනවා ළඟට ඇවිල්ලා.

ඉතින් ඒ වගේ ආදරයක් ලබන්න තරම් අපි හරිම වාසනාවන්තයි. අපිව ඔවුන්ගේ කරගෙන ඉන්නේ. ඉතින් කොහේ ගියත් ඒ ලැබෙන ආදරය, ආශීර්වාදය අපිව තවත් තරුණ කරමින් ජීවත් කරනවා කියලා හිතෙනවා.

-ධනූ විජේරත්න-


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top