මේ සොඳුරු මිනිසා අමතක නොවූ සැබෑ මිතුරන් නෙතට කඳුලක් එක්කල පුදුම කිරීම පොත් හතක් අටක් දැනටත් ලියා දාලා
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ....
සෝමරත්න දිසානායකයන් ගේ නිර්මාණයක් වූ මී පුර වැසියෝ වේදිකා නාට්‍යය වේදිකා ගත කරද්දී මේ පදපෙළ ගැයෙන්නේ සුමින්ද සිරිසේන නම් වූ ප්‍රතිභා පුර්ණ කලාකරුවාගේ හඩිනුයි. වර්ෂ 1948 ජුලි මස 4දා කෑගල්ල බොස්සැල්ල කියන පුංචි ගමේ උප්පතිතිය ලබන ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව කොළඹට සේන්දු වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලද රැකියාවකටයි. ඒ වර්ෂ 1969දී. ඔය අතරතුර කොලබ විදිපුරා සැරිසරන සුමින්දයන්ට ලයනල් වෙන්ට් කලාගාරයට එකතු වෙන්න ලැබෙන්නේ අහම්භයකින්ය.ඒ අහම්භයට පාර කියන්නේ කලාකෙත රංගනයෙන් සුපෝෂණය කළ ධම්ම ජාගොඩයි.එහිදී සුමින්දයන්ට හයියක් වන්නේ එදිරවිර සරත්චන්ද්‍රයන්ය.ඔහු රංගනයේ මංමාවත එළිපෙහෙළි කරගන්නට වේදිකාවට සුමින්දයන්ට කුහකකමකින් තොරව ආදරයෙන් ආරාධනා කළේය. ඒ ආරාධනා ඔස්සේ ඔහු මනමේ,සිංහභාහු ,බවකඩතුරුව හා මහාසාර, කදාවළලු යන වේදිකා නාට්‍ය වල වේදිකාවේ එහා කොණට ඇසෙන්නට හඩ හසුරවමින් රැගුවේය.දුහුල්මලක්, දඩුමොනරා , ගුරුගෙදර, සප්ත්‍යකන්‍යා, වැනි කලාත්මක සිනමා කෘති සදහා ඔහුගේ නොමනා රංගන හැකියාව ලැබෙද්දී ටෙලිවිෂනයටද ඔහුව අවශ්‍යම විය.
වර්ෂ 1985දී කුමාරිහාමි ටෙලි නාට්‍යට හිච්චි මහත්තයා වෙමින් ටෙලිවිෂනය අත්පත් කරගත් සුමින්දයන් විවිධ චරිත ඔස්සේ ජනතාව ආමන්ත්‍රණය කරන්නට තරම් දක්ෂයෙක් විය. ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වේදිකාව වෙද්දී රිදී තිරය මෙන්ම පුංචි තිරයටද ඔහු නැතිවම බැරි රංගනයේ පෞරුෂය වුණේය. වර්ෂ 40කට එහා ඔහුගේ රංගන පෞරුෂය කැමරාව ඉදිරියේ මැවෙද්දී ඔහු අද අත්වාරුවෙන් වාරුව ගත්තත් හෙට දවස අත්වාරුව නැතිව නැගිටින්නට වෙර දරන්නේය. හිතේ හයිය ඇති ඒ පරාර්ථකාමී සුමින්දයන් 70 වැනි ජිවන සැතපුමට ඊයේ පා තැබුවේය.
ඇතැමෙකුට අමතකව ගිය ඔහුගේ මනුස්සකම අගයන්නට ඊයේ ඔහුගේ නිවසේ පුංචි සාදයක් සංවිධාය කර තිබුණි. ඒ දුම්රිය අධ්යක්ෂ කළමනාකරුවන්, නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගයෙන්ය. ඔවුහු ඒ මහා කලාකරුවාව පුදුම කළ හැටි අපූරුය. එය පහතින්
VIDEO
VIDEO