කාංචන මෙන්ඩිස් කියන්නේ කාලයක් පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය අරක්ගත් රංගන ශිල්පිණියක්. විවාහයත් එක්ක කාංචනාට විදෙස්ගත වෙන්න සිදු වුණා. අවුරුදු 9ක විවාහ ජිවිතේ ගැන මේ විදිහට කාංචනා පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
කාංචනා මොනවාද අලුත් විස්තර..?
බබාලාගේ වැඩ තමයි. ඉදහිටලා මෙහෙ සංවිධානය කරන කලාකටයුතු වලට සම්බන්ධ වෙනවා. දැන් තවත් අමුත්තෙක් අපේ පවුලට එකතු වුණා. පුංචි පුතාගේ වයස තමාව මාස 10යි.
දරුවන් තිදෙනෙකුගේ මවක් . කොහොමද ඒ හැගීම දැනෙන්නේ..?
ඇත්තටම ඒක ලොකු සතුටක්. මගේ පවුල ගත්තොත් මම බාලයා. මට ඉන්නේ අක්කලා තුන්දෙනයි. ඒ අයගේ බැදීම ආරක්ෂාව මට දැනුණා. ඒ නිසා එක දරුවෙක් හදනවට වඩා දරුවන් කිහිපදෙනෙක් ඉන්න එක එකිනෙකාට සහෝදර බැදීමට වාසියක්.
ඒ කියන්නේ කාංචනා ඉදිරියටත් තව දරුවෝ හදාවි කියන එකද..?
පුතාලා දෙන්නෙක් හා දියණියක් ඉන්නවා. මේ ඇති.
එංගලන්තයේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද..?
මෙහෙට ඇවිත් අවුරුදු 7ක් වෙනවා. 2005 දී ලංකාවට ඇවිත් ගියා. මේ වසරේ ගිම්හානයේදී ආයෙමත් ලංකාවට යන්න ඉන්නේ. විවාහ වෙලා අවුරුදු 9ක් වෙනවා. මේ ජිවිතේ ලෙහෙසි පහසු නැහැ. හොද අවබෝධයක් තියෙන්න ඕන ජිවත් වෙන්න. විවාහය කියන්නේ ඉවසීමෙන් යායුතු ගමනක්. එංගලන්ත ජිවිතේ ස්වාධීනව නැගී ඉන්න ශක්තියක් ගෙනාවා. මම ගෙදර ඉන්නකොට ගෙදර වැඩ කළේ අක්කලා. මගේ කාලය ගෙවුනේ රංගනයට. ගැහැණියකගේ වගකීම සකසුරුවම මවකගේ වගකීම මේ හැමදේම මට මෙහෙදී පුරුදු වෙන්න වුණා.
යාළුවෝ කරනවාද..?
හිමාලි, පබෝදා, සේමිණි, වගේම නදීකා අක්කා කතා කරනවා. මෙහෙ ඉන්න මගේ හොදම යෙහෙළිය සසන්ති.
ගෙවීගිය එංගලන්ත ජිවිතේ මුහුණදුන් අමතක නොවන සිදුවීම මොකක්ද..?
2014 දී අපි ලොකු අක්කා බලන්න ඉතාලි යන්න සැලසුම් කළා. එදා යන්න හැමදෙයක්ම සුදානම් කරලා කෑම කන්න අවන්හලකට ගියා. ගිහින් එනකොට වාහනේ දොර ඇරලා. පාස්පෝට් නැති වෙලා. ඒ ගමන යන්න බැරි වුණා.
සැමියා රගපෑමට තහංචි දාලද..?
කොහෙත්ම නැහැ. මුදලට වඩා හොද නිර්මාණයක් ලැබුණොත් භාරගන්න කියලා තමයි එයා කියන්නේ.