Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
12
"ඒ කාලේ ගෑනු ළමයෙක්‌ එක්‌ක චිත්‍රපටියක්‌ බලන්න යන එක තමයි ලොකුම ආසාව.." - චන්දික නානායක්කාර - Photos

- "ඒ කාලේ ගෑනු ළමයෙක්‌ එක්‌ක චිත්‍රපටියක්‌ බලන්න යන එක තමයි ලොකුම ආසාව.." - චන්දික නානායක්කාර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"ඒ කාලේ මට කොල්ලෝ කතා කළේ සබීතා කියලා..."

"කොලු කාලේ කොලුවැඩ කෙරුවෙ පරිස්සමින්.."

චන්දික නානායක්‌කාර පුංචි තිරයේ ඉන්න නපුරු චරිතයක් කිව්වොත් හරි. පෙම්වතාගේ චරිතයට වඩා පියාගේ චරිතයෙන් ජනතාව අතරට එන ඔහු කෙටි කලකින් ජනතාවගේ ආදරේ දිනාගත් දක්ෂ රංගන ශිල්පිණියක් බවට පත් වෙනවා. මේ ඔහුගේ ඉලන්දාරි කාලේ තොරතුරු පුවත්පතකට කතා කළ අයුරුයි.


ඉලංදාරි කාලෙ
මගේ ඉලංදාරි කාලෙ ගෙවුනෙ බොහොම සුන්දර ගමක. ඇළේ, දොළේ පැනලා, ගස්‌ නැගලා, හුඟාක්‌ සැහැල්ලුවෙන්, නිදහසේ අපි අපේ ඉලංදාරි කාලෙ ගෙව්වා. මං හිතන්නෙ මගේ ඉලංදාරි කාලෙ නිසි විදිහට ඒ කියන්නෙ කෙනෙකුගේ ඉලංදාරි කාලෙ ගෙවිය යුතු විදියට ගෙව්වා කියලා. අපිට වැරදි ජීවිතයක්‌ ගත කරන්න ඕන තරම් නිදහස තිබුණට අපි කවදාවත් අපේ නිදහස අයුතු විදිහට යොදා ගත්තෙ නෑ. අපි අපේ ඉලංදාරි කාලෙ වින්දා. ඒ වගේම අද අපි ඉන්න තැනට ඇවිල්ලා ආපසු හැරිලා බැලුවම හිතෙනවා එදා අපි හරි විදිහට ඉලංදාරි කාලෙ වින්ද හින්දා තමයි මෙතන ඉන්නෙ කියලා.

පාසල
පැල්මඩුල්ල ජාතික පාසලේ තමයි මම උසස්‌ පෙළ හැදැරුවේ. මගේ පියා තමයි ඒ පාසලේ නියෝජ්‍ය විදුහල්පති, ඒ වගේම විනය භාර ආචාර්යවරයා. ඒ නිසාම මට සිද්ධ වුණා මා තුළ ස්‌වයං වාරණයක්‌ පනවා ගන්න සමහර දේවල්වලට. අපේ පාසලේ ආදි ශිෂ්‍යයෝ තමයි පැල්මඩුල්ල වටේටම ඉන්නේ. ඉතින් ඒ හැමෝම මගේ පියාගෙ ගෝලයේ. මට හරි බයයි මම මොනවා හරි කළොත් ඒ අය තාත්තට කියයි කියලා. ඒ නිසා බොහොම පරිස්‌සමෙන් තමයි ඔය කොලුකමට කරන වැඩ කෙරුවෙ. අපේ ඉස්‌කෝලෙ වටේට තිබුණෙ ගඟ. අපි ඉතිං කරන්නෙම ගඟට පනින එක තමයි. ඒක අපේ ලොකුම ආශාව.

අපි ආසම කාලෙ තමයි පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල තියෙන කාලය. මොකද රෑට ගෙදරින් පැනලා ඉන්න පුළුවන්නෙ. ඔය කාලෙ තමයි හොරෙන් පුංචි අඩියක්‌ ගහන්න, සිගරැට්‌ එකක්‌ බොන්න එහෙම අපේ කට්‌ටියට ඉඩක්‌ ලැබෙන්නෙ. ඔය දවස්‌ දෙක තුනට අපි ඒ කාලෙ හරිම ආසයි. මහ ලොකු වැරදි වැඩ කරන්න නෙමෙයි. ඒ වගේම පාසලත් එක්‌ක බැඳිච්ච බාහිර ක්‍රියාකාරකම් හුඟාක්‌ අපිට තිබුණා. ඉතින් ඒවත් එක්‌ක අපි අපේ ඉලංදාරිකාලෙ වින්දා.

යාළුවෝ
මගේ යාළුවෝ කට්‌ටිය තමයි ලංකා, තිලක්‌, ප්‍රියන්ත, ගයාන්, වතුදාරවත්ත, සුසන්ත, සමන්ත, අදත් ඒ අය මාත් එක්‌ක කතා කරනවා. තාමත් හොඳ යාළුවෝ...

පටබැඳි නම්
මට කොල්ලො ඒ කාලෙ කිව්වෙ "සබීතා" කියලා. මොකද මගේ ඇස්‌ සබීතා පෙරේරා මහත්මියගේ වගේ කියලයි උන් එහෙම කිව්වෙ. ටික කාලයක්‌ සබීතා සබීතා කියලා පස්‌සෙ ඒ නම "බබීතා" වුණා. ඊට පස්‌සෙ උන් මට කිව්වෙ "බබීතා" කියලා.

කල්ලි ගැහුණු තැන්
අපේ අනිත් කට්‌ටිය එක එක තැන්වල කල්ලි ගැහුනට මම තාත්තට තිබුණු බය නිසා වැඩිය ඒ තැන්වලට ගියේ නෑ. නමුත් අපේ පාරේ දුවපු බස්‌ එක තමයි අපි ඔක්‌කොම එකතු වෙන තැන. ඒක ඇතුල තමයි අපේ රාජධානිය. තැන් තැන්වලින් කොල්ලො ඒකට නගිනවා. අපි වැඩියෙන්ම එකතු වුණේ ඒකේ තමයි.

ගැහැනු ළමයි
මම ගියේ මිශ්‍ර පාසලකට වුණත් පාසලේදී නම් මම කිසිම ගෑනු ළමයෙක්‌ එක්‌ක යාලු වුණේ නෑ. අපේ අනිත් කොල්ලන්ට නම් එහෙම සම්බන්ධතා තිබුණා. මම මුලින්ම ගෑනු ළමයෙක්‌ එක්‌ක යාලු වුණේ අමතර පන්ති යනකොට තමයි. ඒ වෙන බාලිකා විදුහලක ළමයෙක්‌. ඒ කාලේ ගෑනු ළමයෙක්‌ එක්‌ක චිත්‍රපටියක්‌ බලන්න යන එක තමයි ලොකුම ආසාව. ඒත් තාත්තට තිබුණු බයට එහෙම ගියේ නෑ. නමුත් ඔය කෙල්ලො කොල්ලො හම්බ වෙන පාළු පාරක්‌ තිබුණා මල්විල පාර කියලා. ඒකෙ ගිහින් ගෑනු ළමයා එක්‌ක කතා කරන එක තමයි ඉතිං ලොකුම දේ.

විනෝදාංශ
අපේ ලොකුම විනෝදාංශය තමයි ගඟවල්වල, ඇලවල්වල පැනලා නාන එක.

බලාපොරොත්තු
මට ඒ කාලෙ හිතාගෙන හිටියෙ කවදාහරි දොස්‌තර කෙනෙක්‌ වෙනවා කියලා තමයි. මගේ  ප්‍රතිඵල හොඳ නිසා ගෙදරින් බලකරා "බයෝ" කරන්න කියලා. ඒ නිසා ඉතිං බයෝ කරා.
අත්දැකීම්

මට මතකයි අපේ ඉස්‌කොලෙ සර් කෙනෙක්‌ හදිසියේ නැති වුණා බදුල්ලේ. ඉතිං අපි කට්‌ටිය දවල් යන්න පුළුවන්කම තිබුණත් මහ රෑ තිස්‌සෙ බස්‌ එකේ බදුලු ගියා. බිස්‌කට්‌ කකා, බීම බිබී අපි හරිම විනෝදෙන් තමයි ඒ ගමන ගියේ. හැබැයි මළගේ තියෙන්නෙ කොහෙද කියලාවත් අපි දන්නේ නෑ.

දෙමව්පියෝ
අම්මයි තාත්තයි මට එහෙම නීතිරීති දාලා හැදුවේ නෑ. මට නිදහස දුන්නා. නමුත් මම තාත්තට බයේ හිටියට විභාගෙ පාස්‌ වුණේ නෑ කියලා තාත්තා මට බැන්නෙ නෑ. පත්තරවල තියෙන වෙන වෙන අධ්‍යාපන අවස්‌ථාවල දැන්වීම් කපලා මට ගෙනත් දෙනවා. මට මතකයි දවසක්‌ තාත්තා නළු නිළි වරම් තියෙන පත්තර කෑල්ලකුත් මට කපලා ගෙනල්ලා දුන්නා. දෙමාපියන් මට දුන්නු නිදහසත් එක්‌ක මට විවිධ ක්‌ෂේත්‍රවල අධ්‍යාපනය ලබාගන්න අවස්‌ථාව ලැබුණා. දෙමාපියෝ මට උපරිම නිදහස දුන්නා. මම හිතන්නේ ඒ නිදහස මාව නිවැරැදි දේ තෝරාගන්න යොමුකළා කියලා.

ගුරුවරු
මට හමුවුණ ගුරුවරු ඔක්‌කොම ඉතාම ගෞරවණීය විදිහට ගුරු වෘත්තියේ නියෑළුණු අය. බුද්ධ ධර්මය උගන්වපු ප්‍රේමරත්න සර් මට අදටත් මතකයි. ඒ වගේම සිංහල ගුරුතුමියක්‌ හිටියා ප්‍රේමවතී කියලා. මම විද්‍යා විෂයන් හැදැරුවත් එයා මාව රචනා තරගවලට යොමුකරනවා. එහෙම ලියපු රචනයක්‌ පළවැනි ස්‌ථානය දිනුවා. මට ඒ ගුරුවරු දෙන්නා හුඟක්‌ සමීපයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top