Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
03
දෙවන හදවත් බද්ධයෙන් හදවත නතර වූ දියණිය ගැන පියා හැඬූ කඳුළින් කියූ සංවේදී කතාව - Video & Photos

- දෙවන හදවත් බද්ධයෙන් හදවත නතර වූ දියණිය ගැන පියා හැඬූ කඳුළින් කියූ සංවේදී කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

"දුවට ජීවත් වෙන්න තිබූ ආශාව අහිමි කරවීම කෙසේ දරා ගන්නද?"

"මම ගිහින් එන්නම් කියලා වැදලා නිවසින් ගියේ"

"මගේ දුවට ජිවිතේ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුනා ."

සිය දියණියගේ ශල්‍යකර්මය සිදු කිරීමට සම්බන්ධ නිර්වින්දන වෛද්‍යවරියන් පිළිබද විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස හදවත් බද්ධ කිරීමේ සැත්කමෙන් පසු මියගිය සචිනි සෙව්වන්දිගේ පියා වන අලූත්ගම කළුවාමෝදර පදිංචි කළුපෙරුම චමින්ද මහේෂ් කුමාර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනරත්නගෙන් ඉල්ලා සිටිනවා.



ඔහු මෙම ඉල්ලීම කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා, සචිනිගේ දේහය නිවසට ගෙනැවිත් පැය කිහිපයකට පසු එහි පැමිණි අවස්ථාවේ දියි.

"මම සෞඛ්‍ය ඇමති තුමාගෙන් ඉල්ලන්නේ මෙවැනි දෙයක් ඉදිරියේදී කිසිදු රෝගියෙකුට නොවන්න කටයුතු කරන ලෙසත්, මගේ දුවගේ ශල්‍යකර්මය සිදු කිරීමට සම්බන්ධ නිර්වින්දන වෛද්‍යවරියන් පිළිබද විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙසයි’. මගේ හදවත පැලිලා මම මැරුනත් කමක් නෑ’, මගේ දුවට ජීවත් වෙන්නට තිබුනු ආශාව පැය කිහිපයකින් අහිමි කරවීම මමත් බිරිදත් කෙසේ දරා ගන්නද?"

 සචිනි සෙව්වන්දි දියණියගේ හදිසි වියෝවෙන් දැඩි වේදනාවට පක්වී සිටින ඇගේ පියා වූ අලූත්ගම කළුවාමෝදර පදිංචි කළුපෙරුම චමින්ද මහේෂ් කුමාර මහතා ඊයේ(02) සිය නිවසේදී දැඩි ශෝකයෙන් එසේ  කියා සිටියා.

අලූත්ගම සංඝමිත්තා බාලිකා විදුහලේ ආදි සිසුවියක් වූ 19 හැවිරිදි සචිනි සෙව්වන්දිට මහනුවර මහ රෝහලේ සිදු කළ හදවත් සැත්කමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය සිය මව පියා සහ එකම සොයුරා ඇතුලූ පවුලේ ඥාතීන්ගෙන් සදහටම සමු ගත්තා.

"මගේ ලෝකු දුව වින්ද්‍යා ලක්මිණි අවුරුදු 16 දී 2012 අවුරුද්දේ හදවත් රෝගයකින් නැති වුනාට පස්සේ මගේ ඉතිරි දරුවෝ දෙන්නා වූ සචිනි සෙව්වන්දි සහ නවෝද් නෙත්සිතුම් ඇස් දෙක වාගේ මම බලාගත්තේ’.  මගේ දෙවැනි  දුව සචිනිටත් හදවත් රෝගයක් තියෙනවා කියලා දැනගත්තේ වින්ද්‍යා දුව මිය ගිය අදුරුද්දෙමයි’ . මහනුවර මහ රෝහලේ හදවත් සැත්කම් සාර්තකව කරනවා කිවුවම මගේ දුවට ජිවත් වෙන්න පුලූවන් කියන හැගීම ඇතිව සැත්කමට ලෑස්ති වුනා, හරිම සතුටින්’. මෙයට පෙර මෙම රෝහලේ සිදු කළ ප්‍රථම හදවත් බද්ධ කිරීම සිදු කළ තෙකා සුවෙන් ඉන්න නිසා මගේ දුවට ජිවිතේ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුනා ."

"සචිනි දුව මම ගිහින් එන්නම් කියලා අපි දෙන්නටත් ආච්චී සීයටත් වැදලා මේ අවුරුද්දේ මාර්තු 27 නිවසින් ඇවිත් මහනුවර මහ රෝහලට ඇතුලූ වෙන්න ගිය කෙල්ල කිවුවේ ජීවිතේ කියන අන්තිම වචන ටික ද ? මට අද වාගේ හදවතට දැනෙනවා එක"

"දුව මහනුවර රෝහලට ගෙනාවේ මාර්තු 28 වෙනිදායි’ .රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහත්තයා දුවව විශේෂඥ වෛද්‍ය අනිල් අබේසේකර මහතා වෙත යොමු කලා’. ඒ මහත්තයා කිවුවා දුවට හදවතක් බද්ධ කරන්න වෙනවා කියලා’ . ඊට පස්සේ දුවට ගැලපෙන හදවතක් ලැබෙනකන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. "

"සචිනිගේ හදවතේ ක්‍රියාකාරීත්වය සියයට 10කට විතර අඩුවෙලා තිබුන නිසා අඩි 5ක් 6ක් වත් ඇවිද්දෝත් එයාට මහන්සියක් දැනුනා. පසුව පොලොන්නරුවේ රිය අනතුරකින් මිය ගිය රණවිරුවෙකුගේ හදවත  දුවට බන්ධ කරන්න ලැබිල තියෙනවා කියලා දොස්තර මහත්තයා මට පසුගිය 19 වෙනිදා කිවුවා’.  දුවව  සැත්කමට ලෑස්ති කළා’ . "

"විෂබීජ නාශකයක් දාපු විශේෂ ෂැම්පෝ වර්ගයකින් දුවව නාවල බෙහෙත් වර්ගයක් දුන්නා’. ඒ වෙලාවේ දුව ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒත් එදා නොහිතපු විදිහට වෛද්‍යවරුන්ගේ ගැටලූවක් මුල් කරගෙන සැත්කම නතර වුනා. සචිනිට බද්ධ කිරීමට සූදානම් කරගෙන සිටි හදවතත් නිකන් විනාශ වෙලා ගියා."

"මගේ දුවගේ ජිවිතයේ වටිනාකම මටයි දැනෙන්නේ.’ මගේ පළමු දුවත් නැති වෙලා මම ඉන්න පීඩනය කවුරුත් දන්නෑ.’ මේ වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාප ගැන මට වේදනාවක් දැනුනා’. වෛද්‍යවරු කණ්ඩායමක් සැත්කම කරමුයි කියනවා’, තවත් කිහිප දෙනෙකු බැහැ කියනවා’. දෙගොල්ලොම එක මතයක ඉදලා එක කතාවක් කිවුවනම් දැන් වේදනාවක් නැහැ’ . අවසානයේ සෞඛ්‍ය ඇමතිතුමා අපි වෙනුවෙන් උදව් කළා’. මම දැඩි මානසික පීඩනයකින් හිටියේ’ දුවට තවත් හදවතක් ලැබුනා’ ,මේකත් නතර වෙයි කියලා මට බයක් ඇති වුනා’ "

"කොහොම හරි දොස්තර මහත්වරු කණ්ඩායම සැත්කම කරන්න කටයුතු කළා’. එයාලා දවසකට ලෙඞ්ඩු දහස් ගණනක් දකිනවා. ඒ අයට ලෙඩෙක් කියන එක සාමාන්‍යයි. තමන්ගෙ දරුවෙක් කියලා හිතලා රෝගී දරුවන් ගැන තීරණ ගන්න කියලා මම දොස්තර මහත්වරුන්ගෙන් මෙන්න නෝනාවරුන්ගෙන්ද ඉල්ලනවා."

" සචිනි දුවට පැය 6ක පමණ සැත්කමක් කළා. ඒක සාර්තකයි කියලා දෝස්තරවරු කිවුවා.  මම ප්‍රධාන දොස්තර මහත්තයට දන ගහල වැන්දා. මමත් බිරිදත් සතුටෙන් ගතකරපු දින දෙක පසුව දරුගන්න බැරි වේදනාවක් වුනා. "

"දැන් මගේ දෙවෙනි දුවත් අප අතහැරලා ගියා.කවදා හෝ මෙවන් අකල් මරණ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෛද්‍යවරුන් දෙපිල් බෙදෙන්නේ අසරණ අහින්සක රෝගීන්ගෙන් පලිගන්න දැයි මට හැගෙනවා. ඒ අතර දෙවිවරු වගේ වෛද්‍යවරුත් ඉන්නවා."

"අපි මහනුවර රෝහලේ ගතකරපු මාස 7ක කාලය තුලදී දුව ජීවත් කරන්න අපිට උදව් කරපු අයට පින් සිදු වේවි. මම ගොඩාක් ආසාවෙන් හිටිය මගේ දෙවෙනි දුව සනීප කරගෙන ගෙදර එක්කගෙන යන්න. ඒත් හැමදේම කදුලූ අතරට පත් වුනා. මරණ සහතිකයේ තියෙන්නේ දුවගේ පෙනහලූවල පෙෂර් එක වැඩි වීමෙන් හෘදය අකර්මන්‍ය වීමෙන් මරණය සිදු වෙලා කියලයි’"

"ඒත් දුව දැඩිසත්කාර ඒකකයේ ඉන්දැද්දි දොස්තර නෝනා කිවුවා බැත්ටීරියා ආසාධනයක් කියලා. මොනවා වුනත් අවසන් වශයෙනුත් මම ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ මෙවැනි දේවල් දරුවන්ටනම් සිදුවන්න ඉඩ තියන්න එපා කියලයි"

සචිනිගේ මව වන 42 හැවිරිදි ප්‍රියංකා නිල්මිණි, වාවාගත නොහැකිව පැවසුවේ

"මාර්තු මාසයේ දුවව රෝහලට ඇතුල් කරපු දවසේ ඉදලා ප්‍රර්ථනා කලේ මගේ දෙවැනි දුවව සනීප වෙන්න කියන ප්‍රාර්ථනාවයි’.මට තනි නොතනියට හිටපු දුවල දෙන්නම දැන් නැතිවෙලා. මට දැන් ඉන්නේ නවොද් නෙත්සිතුම්(14) පුතා විතරයි. එයා තාම ඉගෙන ගන්න දරුවෙක්. එයත් දැඩි කම්පනයෙන් ඉන්නේ අක්කලා දෙන්නා නැති වීම ගැන."

දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට අලුත්ගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top