Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
03
දරුවන්ට සුපිරි පාසල් ඉල්ලා අසරණ ලෙඩ්ඩු බිල්ලට නොදුන් අපේ කාලයේ හිත හොඳ දොස්තර

- දරුවන්ට සුපිරි පාසල් ඉල්ලා අසරණ ලෙඩ්ඩු බිල්ලට නොදුන් අපේ කාලයේ හිත හොඳ දොස්තරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

මගේ අම්මයි තාත්තයි දෙන්නම කළේ ගොවිතැන්..

දරුවෝ දෙන්නා කොළඹට දාන්න පුළුවන් වුණත් දැම්මේ ගේ ළඟ ඉස්කෝලෙට...

ඕනම කෙනෙකුට අසනීපයක් කරදරයක් වුණාම දුවගෙන යන්නේ වෛද්‍යවරයෙක් ළඟට.

තමන්ගේ වැටුප වැඩි කරගන්න, තමන්ගේ දරුවව සුපිරි පාසලකට ඇතුලත් කරගන්න, ඒ වගේම වෙනත් දීමනා ලබාගන්න අසරණ ලෙඩ්ඩුන්ව පැත්තකට දාලා වැඩ වර්ජන කරන වෛද්‍යවරු ගැන නිතර නිතරම අහන්න දකින්න ලැබෙනවා.


මේ හැමෝම අතරේ අහිංසක අසරණ ලෙඩ්ඩුන්ව බිල්ලට නොදුන් පුදුම දොස්තර මහත්මයෙක් ගැන සතිඅන්ත පුවත්පතක් පළකරලා තිබුණේ මේ විදිහට.

මතුගම පැත්තේ සොඳුරු ගැමි පරිසරයක මෙම වෛද්‍යවරයාගේ නිවෙස පිහිටා තිබෙනවා. ඉතාමත් සරළ ජීවිතයක් ගත කරන මොහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙක්.

ඔහු තමයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි එස්.එච්. කොළඹගේ.
ඔබතුමාගේ නම.. ?
මගේ නම සුමනසිරි හේවා කොළඹගේ. එස්. එච්. කොළඹගේ කියල තමයි භාවිත කරන්නේ.

එතකොට ඔබේ ගම?
මගේ උපන් ගම අම්බලන්තොට. හැබැයි මම කුඩා කාලෙ මගේ මවුපියෝ ඇඹිලිපිටියෙ පදිංචියට ආවා.

පාසල් අධ්‍යාපනය පටන් ගත්තෙ ඇඹිලිපිටියෙන්ද?
නැහැ. මම මුලින්ම ගියේ අම්බලන්තොට මල්පෙත්තාව කියන ගමේ තියෙන මහ විද්‍යාලයට. තුනේ පන්තිය වෙනකන් විතරයි ඒ ඉස්කෝලෙ ඉගෙන ගත්තේ. 

ඊට පස්සේ අම්මයි තාත්තයි ඇඹිලිපිටියේ පදිංචියට ගියා අපිවත් අරගෙනම. ඇඹිලිපිටියට ගිහින් අවුරුද්දක් ඉගෙන ගත්තෙ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ. 

ඔය කාලෙ තමයි ඇඹිලිපිටිය නව නගර මධ්‍ය මහා විද්‍යාලය පටන් ගත්තේ. ඇත්තටම අපේ පන්තියෙන් තමයි මධ්‍ය මහා විද්‍යාලය පටන් ගත්තේ. පහේ පන්තියට මම ඉගෙන ගත්තේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. 

මට මතකයි මම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් විදියට ලකුණු අරගෙන ශිෂ්‍යත්වය සමත් වුණා.

ඔබත් සමඟ කී දෙනෙක් ශිෂ්‍යත්වය සමත් වුණාද?
මමත් ඇතුළුව හතර දෙනයි.

කොළඹ නාලන්දා විද්‍යාලයට වුණත් ඇතුළත් වෙන්න ලකුණු තියෙද්දි ඔබව ඇතුළත් කරන්නෙ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට. එහෙම වුණේ මොකද?
මගෙත් එක්ක ශිෂ්‍යත්වය සමත් වුණු අනෙක් තුන් දෙනාම ඒ අයගේ මවුපියන් විසින් ඇතුළත් කළේ කොළඹ ඉස්කෝලවලට. 

අපි හතර දෙනාටම කොළඹ ඉස්කෝලවලට ඇතුළත් වෙන්න තරම් ලකුණු තිබුණා. ඒ අතරින් මට දෙවැනියට ලකුණු තිබුණා.

ඒත් කොළඹ ඉස්කෝලෙකට දාලා උගන්වන්න තරම් ආර්ථික ශක්තියක් මගේ මවුපියන්ට තිබුණේ නැහැ. 

ඒ නිසාම තමයි මගෙ අම්මයි තාත්තයි මාව දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළේ. 

අම්මාගෙයි තාත්තාගෙයි ගමත් දික්වැල්ල. ඒකත් හේතුවක් වුණා මාව විජිත මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කරන්න.

අම්මයි තාත්තයි ඇඹිලිපිටියට ආවට පස්සේ රැකියා විදියට මොනවද කළේ?
අම්බලන්තොට ඉන්නකොට අපිට බේකරියක් තිබුණා. තාත්තා ඒකේ වැඩත් කළා. 

ඇඹිලිපිටියට ආවට පස්සේ තාත්තා ඒ පැත්තට ගියේ නෑ. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම කළේ ගොවිතැන්. 

ගොයම් පැළයක් ඉන්දන එකේ ඉඳලා ගොවිතැනේ හැම වැඩක්ම අපේ අම්මාට හොඳට පුළුවන්. තාත්තාටත් එහෙමයි. ඉස්කෝලෙ යන කාලේ ඉඳලම මමත් ඒවා කරලා තියෙනවා.

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලෙ ඉගෙන ගත්ත කාලෙ ගැන මතකය කොහොමද?
විජිත මධ්‍ය මහා විද්‍යාලය ලංකාවේ මුලින්ම පිහිටවපු මධ්‍ය මහා විද්‍යාල අතරින් එකක්. නෑදෑ ගෙවල්වල නැවතිලා තමයි මම ඉස්කෝලෙ ගියේ. 

ජීවිතයේ ලස්සනම කාලය තමයි විජිතයේ ගෙවුණේ. ක්‍රිකට් ක්‍රීඩා කළා, මුහුදේ නෑවා. සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ උසස් පෙළ කරන කාලේ යාළුවොත් මට ගොඩක් උදවු කළා. 
මම හැමතිස්සෙම හිතන්නෙ මට අවංකම යාළුවො හමුවුණේ පාසලේදි කියලා.

උසස් පෙළට ජීව විද්‍යාව කරන්න තෝරා ගනිද්දී අම්මයි තාත්තයි යම් බලපෑමක් කළාද?
නැහැ. හොඳට උගන්වන්න ඕන කියන අදහස ඔවුන් තුළ තිබුණා. ඒකට යම් පෙලඹවීමක් කළා. හැබැයි අධ්‍යාපනයෙන් මම යන මාර්ගය ගැන එයාලා කිසිම පෙලඹවීමක් කළේ නැහැ. ඇත්තටම අම්මටයි තාත්තටයි ඒ ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ.

අම්මයි තාත්තයි කොයිතරම් දුරට ඉගෙන ගෙන තිබුණද?
දෙන්නම ඉගෙන ගෙන තිබුණේ ඉස්කෝලේ අටේ පන්තියට වගේ වෙනකම් විතරයි. අම්මටයි තාත්තටයි හොඳට ලියන්න, කියවන්න පුළුවන්. 

හැබැයි උසස් පෙළට අපි තෝරා ගන්න ඕන විෂයන් මොනවද කියන්න පුළුවන් තරම් අවබෝධයක් ඒ දෙන්නට තිබුණේ නැහැ.

ඉස්කෝලෙ කාලේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන්නෙ කොහොමද?
ශිෂ්‍යත්වය පාස් වුණු එක ලොකු පිටුවහලක් වුණා. හයේ පන්තියට ගියාම මුලින්ම ලැබුණු ශිෂ්‍යත්ව මාසික දීමනාව වුණේ රුපියල් තිස් පහයි. ඒක මට ලොකු ගාණක්.
 
සාමාන්‍ය පෙළ පන්තියට එනකොට ඒක රුපියල් හැත්තෑවක් වුණා. උසස් පෙළ කරද්දී ඒක රුපියල් එකසිය පනහක් වුණා. ශිෂ්‍යත්ව දීමනාවයි අම්මා තාත්තාගෙන් අයියලාගෙන් ලැබුණු දෙයිනුයි වගේම යාළුවෝ, ගුරුවරු උදවු කරපු නිසා මට ඒ දුෂ්කරතා මඟහරවා ගන්න පුළුවන් වුණා.

ඔය වෙනකොටත් අම්මයි තාත්තයි ගොවිතැන් කරනවාද?
ඔව්. ඔව්. වෛද්‍ය පීඨයේ හතරවැනි අවුරුද්දේ ඉන්න කොට තමයි මගේ තාත්තා නැති වුණේ. ඒ වෙනකන්ම තාත්තා ගොවිතැන් කළා. අම්මා නැති වෙලා දැන් අවුරුදු හතරක් විතර වෙන්නේ. ඇයත් මිය යනකන්ම ඉතාම නිරෝගීව හිටියා.

අම්මාගේ ජීවිතේ අන්තිම අවුරුදු පහ ඇරුණම මම වෛද්‍යවරයෙක් වුණාට පස්සෙත් ඇය ගොවිතැන් කළා. 

අම්මා දැන් වැඩ කළා ඇති කියලා මම හරි මගේ සහෝදර සහෝදරියෝ හරි කිව්වාම ඇය එය අහන්නට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ අම්මලා ජීවත් වෙන්න පුරුදු වුණු හැටි.

උසස් පෙළ සමත් වෙලා ඔබ වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා. ඔබ ඇතුළත් වුණේ කුමන වෛද්‍ය පීඨයටද?
මෙහෙමයි. දැන් ලකුණු මත පදනම්ව වෛද්‍ය පීඨවලට තෝරා ගත්තට ඒ කාලේ ප්‍රදේශයත් බැලුවා. මගේ පදිංචිය දික්වැල්ලෙ වුණු නිසා මාව තේරුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට.

වෛද්‍ය පීඨයේ පළමු වසරෙදි මගෙත් එක්ක අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෝ කීප දෙනෙක්ම කොළඹ වෛද්‍ය පීඨයට මාරු වෙලා ගියා. 

මට තිබුණු ලකුණු අනුව ඉල්ලීමක් කළා නම් මටත් කොළඹ වෛද්‍ය පීඨයට එන්න තිබුණා. 

ඒත් මම ඒකට උත්සාහ කළේ නැහැ. කරාපිටිය හොඳයි කියන අදහසේ මම හිටියේ. රුහුණ විශ්වවිද්‍යාලයට අයත් කරාපිටිය වෛද්‍ය පීඨයේ මම සතුටින් අධ්‍යාපනය ලැබුවා.

ඔබේ බිරිය ඔබට මුණ ගැහෙන්නේ වෛද්‍ය පීඨයේදීද?
ඔව්. අපි දෙන්නා හමු වුණේ කරාපිටිය වෛද්‍ය පීඨයේදි. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට ඉන්න කාලෙදි අපි පෙම්වතුන් වුණා. 

අපි දෙන්නාගේ අදහස් පුදුමාකාර විදියට සමානයි. ඒකට එක උදාහරණයක් කියනවා නම් මේ රට දාලා වෙනත් රටකට යන්න මම අකැමැතියි. මගේ බිරියත් කියන්නේ ලංකාව දාලා කොහේවත් යන්න බෑ, අපේ සේවය ලබා දෙන්න ඕන මේ රටට කියලයි.

වෛද්‍ය විද්‍යාලේ අධ්‍යාපනය නිම කළාට පස්සෙ නේවාසික පුහුණුවට ඔබ තෝරාගත්තේ කුමන රෝහලද?
වෛද්‍ය විද්‍යාලෙ අවසන් විභාගෙන් පස්සෙ මටයි බිරියටයි දෙන්නටම එහිම තාවකාලික රැකියා ලැබුණා ඩෙමොන්ස්ට්‍රේටර්ස්ලා විදියට.

ඒ කාලෙදි තමයි අපි විවාහ වුණේ. ඒ කාලෙ වෙනකොට මට හිතුණා ටිකක් වෙනස් පරිසරයකට ගියා නම් හොඳයි කියලා. ඉන්ටර්න්ෂිප් එකට මම තෝරා ගත්තේ රාගම රෝහල.
මගේ බිරිය තෝරා ගත්තෙත් රාගම. 

ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ මටත් මගේ බිරියටත් ලකුණු තිබුණු හැටියට පළමු පත්වීමට අපට කොළඹ මහ රෝහලට යන්න තිබුණා. ඒත් අපි අපේ පළමුවැනි පත්වීම ඉල්ලුවේ කළුතර රෝහලට. 

වෛද්‍ය විද්‍යාලෙ අවසන් ලකුණු අනුව අපි දෙන්නටම ඕන නම් නේවාසික පුහුණුවත් කොළඹ මහ රෝහලේ කරන්න පුළුවන්කම තිබුණා. ඒත් එතැනදිත් අපි දෙන්නා තෝරා ගත්තේ රාගම රෝහලයි.

අපේ රටේ නැති, ඒත් රටට අවශ්‍ය දැඩි සත්කාර ඒකක විශේෂඥ වෛද්‍යවරු බිහිවෙන එක වළක්වන්නෙ කවුද? රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ පුටුවල ඉන්න අය ඇතුළුව බමුණු කුලය තමයි ඒක වළක්වන්නේ. 

මම ඔබට කලින් කියපු 'ඩිප්ලෝමා ඉන් ක්‍රිටිකල් කෙයා මෙඩිසින්' මාත් ඇතුළුව වෛද්‍යවරු විසි දෙදෙනෙක් කළා. එයින් හය දෙනයි අද ලංකාවේ ඉන්නේ. අනෙක් සියලු දෙනාම විදේශගත වුණා.

විශේෂඥ වෛද්‍ය පුහුණු පාඨමාලාව නොකෙරෙන නිසා මෙතැනින් එහාට ගමනක් නොමැති නිසයි ඔවුන් විදේශ ගත වුණේ. ඒ ඒ රටවල ඔවුන් විශේෂඥ පුහුණුව ලබන ගමන්ම විශාල ආදායම්ද ලබනවා. 

ඔවුන් අපෙන් අහනවා ලංකාවට වෙලා ඔබ මොකද කරන්නේ කියා. ඒත් මේ හැමදේම එක්ක අපි රට වෙනුවෙන් සේවය කරනවා.

හොඳයි. අපි දැන් ඔබේ දරුවන් දෙසට යොමු වෙමු..?
මට ඉන්නේ පුතකුයි දුවකුයි. දෙන්නම මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මගේ බිරිය ඉගෙන ගෙන තියෙන්නෙත් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේමයි.

ඔබේ පුතා පාසල් යන වයසට එනකොට ඔබ සේවය කළේ කුමන රෝහලේද?
එතකොට මම වැඩ කළේ ද සොයිසා කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ. 

වෛද්‍ය මාරුවීම් පදනම මත ලබා දෙන පාසල් අනුව මට ඕන නම් පුතාව කොළඹ ඉස්කෝලෙකට දාන්න තිබුණා. ඒත් මගෙත් මගේ බිරියගෙත් තීරණය වුණේ පුතාව දාන්න ඕනේ අපේ ගේ ළඟ තියෙන මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයට කියලා.

එතකොට ඔබේ දුව පාසල් යන වයසට එනකොට ඔබ හිටියේ කොහෙද?
දුව පළවැනි පන්තියට දාන කොට මම හිටියේ කලින් කියපු ඩිප්ලෝමාව සමත් වෙලා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට අනුබද්ධව.

එතැනදිත් ඕන නම් වෛද්‍ය මාරුවීම් පදනම මත මට දුවව කොළඹ ඉස්කෝලෙකට දා ගන්න පුළුවන්කම තිබුණා. ඒත් අපි දුවවත් දැම්මේ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයට.

අනෙක් කාරණය තමයි ඔය කාලේ වෙන කොට මම රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රබලම සාමාජිකයෙක්. සංගමය ඇතුළේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් මට්ටමක මම හිටියේ.

හැබැයි මගේ දරුවන් කොළඹ ජනප්‍රිය පාසල්වලට දාගන්න මම ඒක පාවිච්චි කළේ නැහැ. සංගමයේ අනෙක් වෛද්‍යවරුන් මට කිව්වා මොනවද මේ කරන්නේ බබාලව කොළඹ ඉස්කෝලවලට දාමු කියලා. 

ඒ වෙලාවෙ මම ඔවුන්ට කිව්වෙ මම ඉගෙන ගත්තේ සෙන්ට්‍රල් එකක මගේ ළමයින්ටත් සෙන්ට්‍රල් එකක් හොඳයි කියලා.

ඊට පස්සේ ඔබේ දරුවො දෙන්නම ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙනවා...?
ඔව්. කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් විදියට පුතා ශිෂ්‍යත්වය සමත් වුණා. රෝයල් එකට මදි වුණේ එක ලකුණයි. 

කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් විදියට දුව ශිෂ්‍යත්වය සමත් වුණා. 

ඒත් අපි දරුවන්ගේ පාසල වෙනස් කළේ නැහැ. අදත් ඒ දෙන්නා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ හොඳින් අධ්‍යාපනය ලබනවා.

ඔබේ තීරණයට බිරිය ‍දොස් කිව්වේ නැද්ද?
අනේ නැහැ. මම කලිනුත් කිව්වා වගේ අපි දෙන්නා හිතන විදිය ගොඩක් දුරට සමානයි. ඇයත් කිව්වේ දරුවෝ කොළඹ යවන්න ඕන නෑ මෙහෙ තියමු කියලයි.

දරුවො දෙන්නා කවුරු වෙනවටද ඔබ කැමැති?
මෙහෙමයි. ඒ දෙන්නා ‍දොස්තරවරු ඉන්ජිනේරුවො කරන්න අපට ඕන නැහැ. ‍ දොස්තරලා ඉන්ජිනේරුවො වෙන්නෙ නැතුවත් ජීවිතය හොඳින් ගෙනියන්න පුළුවන් වෘත්තීන් තවත් ඕනෑ තරම් තියෙනවා. 

මගේ මවුපියන් මට දුන්නට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් මමත් මගේ බිරියත් අපේ දරුවන්ට දීලා තියෙනවා. 

දරුවන්ගේ දක්ෂතා අනුව ඒ දෙන්නා ඒ දෙන්නාගේ අනාගතයේදී කවුරු වෙනවද කියලා තීරණය කරාවි. මටයි මගේ බිරියටයි ඕන අපි දෙන්නා තුළ යම් මානුෂීය ගුණාංග ටිකක් තියෙනවා නම් ඒ දේවල් ටික අපේ දරුවො දෙන්නට දෙන්න.

අවසන් වශයෙන් මම ඔබෙන් අහන්න කැමැතියි ශිෂ්‍යත්වය පාස් වෙලා ඔබ දික්වැල්ලට යද්දි කොළඹ ආපු ඔබේ පන්තියේ යාළුවෝ තුන් දෙනා දැන් කෝ. ඔවුන් වෛද්‍යවරුද?
බොහෝ කාලෙකින් මට ඔවුන්ව හමු වුණේ නම් නැහැ. ඒ අය අතරින් එක්කෙනෙක් ඉංග්‍රීසි ගුරුවරයෙක් වුණා. දැන් ඔහු විදේශයක ජීවත් වෙන්නේ. 

මට අන්තිමට හමු වුණේ 2000දී. ඔවුන් දැන් කොහේ හරි හොඳින් ජීවත් වෙනවා ඇති. හැබැයි ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් විශ්වවිද්‍යාලයටවත් තේරුණේ නැහැ මම දන්න තරමට නම්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top