Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
13
මැණික්වල ප්‍රාණය රඳවන්නට රජු යෙදූ උපක්‍රමය... "සිංහයා උල්පත"

- මැණික්වල ප්‍රාණය රඳවන්නට රජු යෙදූ උපක්‍රමය... "සිංහයා උල්පත"Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

හෙළ රජ සමයේ අපි හිතනවාටත් වඩා අපූරූ නිර්මාණ බිහිවී තිබෙනවා..

මේ කියන්න යන්නෙත්,  අන්න ඒ වගේ විශ්මිත නිර්මාණයක් ගැන කතාවක්...


ඒ කාලේ රජ කළ අපේ රජවරු කොච්චර නම් නිර්මාණශීලීද..? ඒ වගේම උපක්‍රමශීලී ද..? මේ කතාව කියෙව්වාට පස්සේ ඔයාටත් එහෙම හිතේවි...

ඉස්සර කාලේ විසූ අප නොදන්නා රජ කෙනකු තමා සතු ධනය සඟවා තැබූ ස්ථානයක් ලෙස 'සිංහයා උල්පත' ජනයා අතර ප්‍රසිද්ධය. සිංහයා උල්පතින් ජලය පිටතට ගලා එන සිංහ කටක් ඒ රජතුමා ඉදි කොට තිබිණි. ඒ ශෛලමය සිංහ කට කිඹුල් කටකට සමානය. නිධන් සොයන්නන් ඒ සිංහ කට කඩා බිඳදමා තිබිණි. එහෙත් සිංහ කට කැඩූ තැනැත්තාට නම් නිදන් ලැබුණේ නැත. එතැන නිධන් කොට තිබුණේ මැණික්ය. මැණික් පොළොවෙන් මතුපිටට ගත් පසු මැණික් මිය යනවා යැයි මතයක් ජනයා අතර පවතී. ඒ හේතුවෙන් රජු තමන් සතු මැණික් සිංහයා උල්පතෙන් වතුර වෑස්සෙන ස්ථානයේ තැන්පත් කරවීය. ඒ, මැණික්වල ප්‍රාණය රඳවාගැනීමටය. නිධන් කැඩූ පුද්ගලයාට හමු නොවූ මේ මැණික් ඒ පිළිබඳ දැන සිටි වෙනත් අයකුට ලැබුණේය‍.
ජල උල්පත අපට නම් නිධායකට වඩා වටියි. ඒ අ‍පේ රටේ ජනයා අතුරින් පිරිසක් වකුගඩු රෝගීන් වන බැවිනි. රෝගී - නිරෝගී සියලු දෙනාගේ සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය වන්නේ පිරිසුදු පානීය ජලය බැවිනි. සිංහයා උල්පතෙන් වසර පුරා නොකඩවා ජලය ගලා එයි. මේ උල්පතේ ජලය මාතලේ ප්‍රදේශයේ උල්පත් ජලයට සමානයැයි හඳුනාගෙන තිබේ. මේ උල්පත නකල්ස් කඳු පන්තියෙන් ගලා එන්නේයැයි මතයක්ද ජනයා අතර පවතී. ඒ පිළිබඳ නිශ්චිත හැදෑරීමක් නැතත් මේ උල්පතේ ජලය පිරිසුදු කොට බෝතල් කරන ලද පානීය ජලයටත් වඩා පිරිසුදු ජලය බව හඳුනාගෙන ඇත. රජරට ලවන සහිත ජලය පැවැතිය ද මේ උල්පතේ ජලය ඉතා මිහිරි රසැතිය
සිංහයා උල්පත අසල ගරාවැටුණු වෙහෙරක නටබුන් හා ඉපැරණි විහාරයක නටබුන් දක්නට ඇතැයි වර්තමානයේ සිංහයා උල්පත සුරකින සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරීහු පැවැසූහ. ගරා වැටුණු වෙහෙර තිබුණේ සිංහයා උල්පත පෙනෙන නොපෙනෙන මානයේය. පුරාණයේ සිටම ජනාවාස වූ භූමියක ලක්ෂණ පෙන්වන අනුරාධපුර කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශය වර්තමානයේ අලි කොටි වලසුන් වෙසෙන මහා වනයකි. ඒ වනයේ තැනින් තැන හේන් සැකැසූ බිම්ය. තැනතැන කුඩා ගම්මානය. ලංකාවේ මුල් පදිංචිකරුවන් වන වන්නිලෑ ඇත්තන් වෙසෙන ගම්මාන රැසක්ද මේ අවට වේ.
උතුරු මැද පළාත් සභාව ප්‍රදේශයේ ජනයාගේ පානීය ජල අවශ්‍යතා සපුරා ලීම සඳහා සිංහයා උල්පත නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ. ජලය පුරවාගැනීමට අවශ්‍ය ටැංකි දෙකක් ඉදි කර ඇත. ඒ මීට වසර දෙකකට පමණ පෙරදීය. මේ ස්ථානය පළාත් සභාව මගින් ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ඒ අසල කුඹුරු යාය කන්න තුනම වගා කළ බවද ජල ව්‍යාපෘතිය ආරම්භ වීමෙන් පසු කුඹුරු කරා යෑමට ජලය ඉතිරි නොවන බවද එම උල්පතින් ගලා එන ජලය රැස් කර පානීය ජලය ලෙස ජනයා රැගෙන යන බවද සිවිල් ආරක්ෂක නිලධාරීහු ප්‍රකාශ කරති.
මේ උල්පතින් දිනකට ජල ලීටර් 30000කට අධික ප්‍රමාණයක් පරිභෝජනය සඳහා ගනු ලැබේ. අනුරාධපුර කැබිතිගොල්ලෑව පදවි ශ්‍රී පුරට මේ දිනවල පවතින්නේ දැඩි නියඟයකි. නියඟය හේතුවෙන් මේ උල්පතේ ජලය සිඳී නොයෑම මේ ප්‍රදේශයේ ජනයාගේ වාසනාවකි. එහෙත් වර්ෂා කාලයේ මීට වඩා ප්‍රාණවත් ජලදහාරාවක් මෙතැනින් ගලා ඒ. මේ උල්පතේ ජලය පානීය ජල අවශ්‍යතා සපුරාගැනීම සඳහා වව්නියාව, මන්නාරම, වැලිඔය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, පදවි පරාක්‍රමපුර ජනයා රැගෙන යනු ලබයි. මේ උල්පතේ ජලය කුඩා බවුසර්වලට පුරවාගෙන ගොස් විකිණීමෙන් ජීවිකාව කරගන්නා පිරිස්ද සිටිත්. වව්නියාව මන්නාරම වැලිඔය ප්‍රදේශයේ ජනයා එක් වී විශාල ජලප්‍රවාහන බවුසර් කුලියට ගෙන තම ජල අවශ්‍යතාව සඳහා මේ ස්ථානයෙන් ජලය රැගෙන යති. මේ ජල උල්පතට ඉහළින් සතකුවත් වතුර බොන්නේ නැතැයි පවසන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීහු දිනපතා ජල උල්පතේ ඉහළ කොටස පරීක්ෂාවට ලක් කරන බවද පැවැසූහ.
රජරට ප්‍රදේශයේ මෙවන් උල්පත් දෙසීයක් පමණ ඇති බව අනාවරණය වේ. ඒවා සංරක්ෂණය, හා කළමනාකරණය කිරීමෙන් මේ ප්‍රදේශයේ ජනයාගේ පානීය ජල අවශ්‍යතා සපුරා දීමට හැකිය. අසීරුතා මැද දිවිගෙවන මේ මිනිසුන්ට පානීය ජලය මිලදී ගැනීමට සිදු වීම සරදමකි.
මේ නොසිඳෙන ජල උල්පත් අතුරින් හේරත් මිල්ලෑව, සිංහයා උල්පත, පලාගල, මානේරුව, උපුල්වැහැර, පරවහ ගම, කහල්ල ප්‍රධන වේ. මේ උල්පත් සහිත පරිසරය සශ්‍රීකය. ඝන වනයෙන් යුතු මේ බිමෙහි ඖෂධීය ශාක රැසකි.
ඉතා ඈත අතීතයේ තිසා වැව සිඳීගිය කලෙක ජය සිරිමා බෝධියට දියවර සපයා ඇත්තේ මානේරුව උල්පතින් බව ජනවහරේ එන මතයකි. එය සුපිරිසුදු ජලය සහිත නොසිඳෙන උල්පතකි. රටට සම්පතක් වන මේ ජල උල්පත් මෙන්ම පෝෂක ප්‍රදේශ වන වනාන්තරද ආරක්ෂා කරගනිමින් මිනිසාගේ අවශ්‍යතා සඳහා යොදාගැනීමට හැකියාව ඇත. රෝබියෙන් අසරණව සිටින ජනයාට එය මහත් අස්වැසිලක් වනු ඇත.


සටහන : මුහුණු පොතෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top