Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
24
79ක් සපිරුණු ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනිගේ ඔබ නොදුටු දුර්ලභ ඡායාරූප පෙළක්

- 79ක් සපිරුණු ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනිගේ ඔබ නොදුටු දුර්ලභ ඡායාරූප පෙළක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

ගැයුමේ පදයට හැඩයට පමණක් නොව අරුතෙන්ම අභිමානයක් වූ හෙළ දෙරණේ ජන ජයතු සුතුර නාදය බඳු ජාතියේ යශෝරාවයට ආයුවඩන 79ක්. ජාතියේ යශෝරාවය ලෙසින් සම්භාවනාවට ලක්වන ආචාර්ය නන්දා මාලනියන් ඊයේ සිය 79 වන වියට අවතීර්ණ වන්නීය.


ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ඇය ගැන සඳහ කළ සටහනයි.

"1982 වසරේ "නන්දා මාලනී සංගීත ආශ්‍රමය" ලෙසින් තම නාමයෙන් ම ආරම්භ කරන සංගීත ශිල්ප ශාලිකාවේ මුල්ම සිසු පිරිස නියෝජනය කරමින් සංගීත ශාස්ත්‍ර ලැබීමට හැකිවීම මගේ නිර්මාණ ජීවිතයේ ලද විශාල ආශිර්වාදයකි. ඇය වැනි දේශයක සබහුමානිත ගුරුවරියකගෙන් ශාස්ත්‍ර ලැබීමට මා භාග්‍යවන්ත වූ අතර ඇගෙන් මා සංගීතය උගෙන භාත්ඛාණ්ඩේ ප්‍රථමා විභාගය ද සමත් වූවෙමි. එහෙත් පසුකාලීනව මා ඡායාරූප ශිල්පියෙක් ලෙසින් කටයුතු කිරීමත් සමගින් මගේ ගායන සහ සංගීත කටයුතු අතරමග නැවතුණු අතර යළිත් වතාවක් මගේ සංගීත කටයුතු ආරම්භ කිරීමට පදනම වන්නේ ද මගේ ගුරු නන්දා මිස් විසින් ම ය.

ඒ 1999 වසරේ නන්දා මිස්ගේ "මලට රේණු සේ" සංගත තැටියට සහ කැසට් පටයට ඡායාරූප ගැනීම සඳහා ඇය මගේ චිත්‍රාගාරයට පැමිණි අතර ඇය යළිත් මා හට ගායනයට අවතීර්ණ වන ලෙස කළ ඇරයුම මා මහත් බැතියෙන් භාරගතිමි. එදින එම අවස්ථාවේ මගේ චිත්‍රාගාරයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද සිටි බැවින් නන්දා මිස්ගේ මැදිහත්වීම මත මම සුනිල් සර් හට මා වෙනුවෙන් ගීතයක් රචනා කර දෙන ලෙස ඉල්ලීමක් කළෙමි.

එම ඉල්ලීම නිහතමානීව පිළිගනිමින් සුනිල් සර් මට ලියා දුන් "වැටෙන් එහා..........." ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ අතර එහි පටිගත කිරීම් සිදු වූයේ 1999 වසරේ අග භාගයේ දී ය. 2000 වසරේ මුල් භාගයේ ස්වර්ණවාහිනියේ "මිලේනියම් හිට්ස්" වැඩසටහන ඔස්සේ එම ගීතය රසිකයන් වෙතට ප්‍රචාරය වූ අතර මගේ මුල්ම ගීතය වූ එම "වැටෙන් එහා..........." ගීතය අදටත් මගේ ගීතාවලිය මහත් ආලෝකයකි.

එලෙසින් මා ගායකයෙක් ලෙස කරළියට පැමිණ කෙටි කලක් ගත වූ පසු පණ්ඩිත් අමරදේවයන් මැක්සියස් සම්මානය ලැබූ දිනයේ නන්දා මිස් මා හට ඇය සමගින් යුග ගීතයක් ගයමු යැයි කළ ආරාධනාව අදටත් මගේ ජීවිතයේ මා ලද ඉහළතම සම්මාන යැයි හැඟේ. බන්දුල නානායක්කාරවසම් විසින් පද ගෙත්තම් කර දුන් එම ගීතය නම් "මේ තරම් විසල් අහසක් ............." නම් ගීතයයි. එහි ගැයෙන ලෙසටම ඇය අප ගී කෙතට විසල අහසක් ම ය. කෙතරම් තරු පෑයුවද ඇගේ ශ්වේතාලෝකය අන් සියල්ල අභිඹවමින් ජනතා ප්‍රසාදයෙන් අග සම්මානිත වන්නීය. ඇගේ තරු ගුණය ගණින්නට අඹරත තරු ප්‍රමාණවත් නැත. ඇය ජාතියේ යශෝරාවයම වන්නේ එනිසාවෙන් ය.

ඇය සිය 50 වන ජන්ම දිනය සැමරූ නුදුරේ මවිසින් ගත් ඇගේ ඡායාරූපයක් විශාලනය කොට සකසාගෙන "මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ" යන ආශිර්වාදය ද එහි සටහන් කොට ඇය හමුවන්නට ඉකුත් වසරේ ඇගේ උපන්දිනයට පෙර දා රාත්‍රියේ නව පරපුරේ ගායක ඛණික එදිරිමාන්න සමග ගියෙමි. ඇය අප ඉතා ආදරයෙන් පිළිගත් අතර ඇය මා දෛනිකව දමන සටහන් සහ ඡායාරූප අගයමින් පවසා සිටියේ ඇගේ බොහෝ පැරණි මතකයන් ඉන් පිබිදෙන බව ය.

මවිසින් තිළිණ කළ නන්දා මිස්ගේ ඡායාරූප මා ගනු ලැබුවේ ඇගේ දුවණිය වන වරුණිගේ විවාහය දිනයේ ය. එදින ගත් එම ඡායාරූපය පිළිබඳ ඇය පවසා සිටියේ එදින ඇයට අලුත් සාරියකින් හෝ සැරසීමට නොහැකි වුණත් ඇය හැඳි සාරියෙන්ම ඡායාරූප සඳහා පෙනී සිටියේ සුදු පැහැ නිසා එම ඇඳුමේ වෙනසක් නොවන නිසාවෙන් බව ය. ඉන් ගම්‍ය වනුයේ ඇගේ සරලකම හා චාම් බව නොවේදැයි මට සිතුණි. ඇගේ බාල දියණිය වන අමා සාරදාගේ විවාහය ද මවිසින් ඡායාරූප ගත කළ අතර මගේ ගුරුතුමිය බොහෝ වතාවක් මගේ කැමරා කාචයේ සටහන් කරගන්නට තරම් මා භාග්‍යවන්ත වූවෙමි.

අදටත් සක්‍රීයව ගායනයෙහි නියැළෙන නන්දා මිස්ගේ ජනකාන්ත ගීතයක් වන "තරු ද නිදන මහ රෑ............." නම් ගීතය ද ඉකුත් වසරේ උපන්දිනය වෙනුවෙන් එදිනට පසු දා ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ නව සංගීත සුසංයෝජනයෙන් රෝහණ වීරසිංහ යූ ටියුබ් නාලිකාව ඔස්සේ එළිදැක්වීය.

අදටත් සිනමාවේ මෙන්ම සරල ගීත ඔස්සේ ද අප අමතන ඇගේ හඬ පිරිත් සුතුරක් තරමටම මෙරට ජනතාවට ආශිර්වාදයක් බැව් බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණකි. අද දින ඇයට උපහාර වශයෙන් එළිදකිනා "සුනද සුසද ධරණී..............." නම් වූ ගීතය සරත් වික්‍රමයන්ගේ සංගීතයෙන් හැඩවන අතර, මා බොහෝ ප්‍රියකරන හඬක් හිමි ගායිකාවක වන චාන්දනී වරුෂකෝන් විසින්ම ලියන ලද මෙම ගීතය ගැයීමට මම ද ඇය සමග එක්වූවෙමි. මගේ ගුරුතුමිය වෙනුවෙන් ගැයෙන උපහාර ගීතයකට මෙලෙසින් එක්වීමට ලැබීම ද සතුටට කරුණකි.

ඉකුත් නිර්පාක්ෂික අරගල සමයේ නන්දා මිස්ගේ "පවන'' යළිත් කරළියට පැමිණි අතර ඇය වැනි තුන්කාලීන ගීත ගැයූ යශෝරාවක් අරගලය වෙනුවෙන් ද තරුණයන් සමග අනපේක්ෂිත මොහොතක එකතුවීම එහි කූටප්‍රාප්තික මුල්ම හැරවුම්ලක්ෂය යැයි ද පැවසීම වටින්නේය.

ඉකුත් කාලයේ පැවැත්වුණු අප ආදරණීය චිරාත් වීරසිංහගේ විවාහ උත්සවයේ සේම දෙවැනි ගමන උත්සවයේ ද මා ඇයගේ නව ඡායාරූප කිහිපයක් ම ගත් අතර ආසන්නතම වශයෙන් ද මට ඇය ඉකුත් දා මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් ඡායාරූපයක් විවර වෙමින් උපහාර ප්‍රසංගයක් ගුවන්විදුලි සංස්ථාවේ පැවැත්වුණි දවසේ ද හමුවී ඇගේ රුව මගේ කැමරාවේ සටහන් විණි. එම සියලු රූ එකතුවක් මෙසේ සෙනෙහසින් මගේ ගුරුතුමිය වෙත පුද දෙන අතර එළඹෙන වසරට යෙදෙන 80 වැනි සුවිසෙස් උපන්දිනය වඩාත් උතකර්ෂවත් ලෙස අප රටක් ජාතියක් ලෙස එක්ව ඇය වෙනුවෙන් සැමරිය යුතු බව ද මා විශ්වාස කරන්නෙමි."

පහත දැක්වෙන්නේ ඇගේ දුර්ලභ ඡායාරූප පෙළක්...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top