Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
12
“...ඒ තිරිසනා මාව උගේ යාළුවොන්ට පූජා කළා.. උන් මාව රැයක් එළිවෙනක් විනාශ කෙරුවා. මට මොකවත් මතක තිබුණේ නෑ..” - පාපතරයින් හතර දෙනෙක් එකතු වෙලා, අමානුෂික ලෙස කෙළෙසූ, පාසල් සිසුවියකගේ (ගිම්හානි) අහන් ඉන්න බැරි විදිහේ කඳුළු කතාවක් - Photos [Exclusive]

- “...ඒ තිරිසනා මාව උගේ යාළුවොන්ට පූජා කළා.. උන් මාව රැයක් එළිවෙනක් විනාශ කෙරුවා. මට මොකවත් මතක තිබුණේ නෑ..” - පාපතරයින් හතර දෙනෙක් එකතු වෙලා, අමානුෂික ලෙස කෙළෙසූ, පාසල් සිසුවියකගේ (ගිම්හානි) අහන් ඉන්න බැරි විදිහේ කඳුළු කතාවක් - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83 Views
“...ගේ ඉස්සරහා මම ක්ලාන්ත වෙනකොට.. අම්මා දුවන් ආවා...”
 
“ඒකි එපා කියලා කෑ ගහද්දී, කරදර කරන එක අතවරයක්, නැත්තම් දූෂණයක් නේද?”
 
“පස්සෙයි මම දැනගත්තේ උන් මට මත්වෙන්න මොනාදෝ පොවලා කියලා...”
 
“මම හිතන්නේ මට තව හුඟ කාලයක් තියෙනවා ජීවිතේ ගැන ආපස්සට හිතන්න....”
 
ඈ කතාව පටන් ගන්නේ එහෙමයි. ජීවිතේ මහා දුරක් පැදකුණු කළාට පස්සේ, මෙතනින් එහා “ෆැන්ටසියක” වල්මත් වෙන්න, ඈ සුදානමක් නැහැ. ඇගේ දෙබැම හැකිළෙනවා නුහුරු නුපුරුදු මිනිසුන් ඉදිරියේ... ඈ ඇගේ කිළිටි ශරීරය ගැන කියන පළමු වතාව මේක නෙවෙයි....

“එතකොට... ඒක සිද්ධ වෙලා බොහෝම කාලයක්....” මම කොන්ක්රීට් තට්ටුවකට බරදීලා, හරිබරි ගැහුණා. ඇගේ “විශ්මයජනක කතාන්දරය” අහන අරමුණින්. (මම දන්නවා. මේ කතාවකට ඒ වගේ නමක් කොහෙත්ම සුදුසු නැහැ.)
 
හීතල හුළං කෝඩයක් කොළඹ අහස දෙබෑ කරගෙන දුව ඇදෙන්න ගත්තා. කාක්කෝ දාහක් දෙදාහක් පැළපදියම් වෙච්ච විහාරමහාදේවීයේ පත ගස්-වල කොළ අතු ඒ හුළඟට අවනත වෙලා අමුතු විදිහේ “ශබ්ද” කරන්න ගත්තා.


 
මම ආයෙම ඈ දිහාවට හැරුණා.
 
“මගේ නම ගිම්හානි... සොරි...! ඒක මගේ ඇත්ත නමම නෙවෙයි... ඒත් ඔයාට පුළුවන් මම හිතන්නේ, මගේ නම වෙනුවට ලස්සන නමක් දාන්න, ඒක නොගැළපෙනවා කියලා හිතනවා නම්...”
 
“ඒක හොඳයි...” මම හිනාවුණා. ඈ ඇගේ “හෑන්ඩ් බෑග්” එක තුරුළු කරගත්තා.
 
“එතකොට මට අවුරුදු 17යි... මම ජීවිතේ ලස්සනම කාලේ විඳිමින් හිටියේ.. ඒලෙවල් කෙල්ලෙක්ගේ ජීවිතේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ. විභාගේ ගැන මහා විශාල බයක් තිබ්බට මගේ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවුණා. ඒක මාර ලස්සන කාලයක්.. ඒ දවස්වල තමා මට සේනාධීර අයියා හම්බෙන්නේ... (ඒක එයාගේ ඇත්තම වාසගම. ඔයා ලියාගන්නවා නේද?) සේනාධීර අයියා කමිනියුකේෂන් එකක ජොබ් එක කළේ.. මම නිතරම එහේ යනවා එනවා. එක එක දේවල්-වලට.. එයා ඉතින් මට බැල්ම දානවා කියලා මට තේරුණා මුල ඉඳන්ම...”
 
කෙල්ල කතාව අතරමඟක නතර වෙනවා. මම පෑන් කොපුව හපන්න ගත්තා. ටිකකින් දියර-වලින් නැහැවෙන (මේ කොරෝනා සන්දිය!) ඇගේ ඇඟිලි තුඩු වේගයෙන් ඇඹරෙන්න ගන්නවා.
 
“සේනාධීර....” මම මිමිණුවා ඒක ආයෙම!
 
“ඔව්..... එයා තමයි මගේ බෝයි වුණේ... මට එතකොට ෆේස්බුක් තිබ්බේ නෑ. එයා මට ලියුමක් දුන්නා, ආහ්.. ඒක අතින් ලියපු ලියුමක් නෙවෙයි.... ටයිප් කරපු එකක්... අර ලස්සන සිංදුවක් තියෙන්නේ, ඔබ කැමති නම් මට කියන්න, මගේ හිත ටිකක් හරි නිවෙන්න... කියලා.. අන්න ඒක තමා ඒ ලියුමේ තිබුණේ.. කමිනිකේෂන්-කාරයාට ආදරේ කරන්න ඒකත් එක හේතුවක් වුණා.. අනික ඒ දවස්වල අපේ කෙල්ලෝ හැමෝටම වගේ එෆෙයාස් තිබ්බා.. මම ඉතින් එක්සෑම් එකට තමා මුල් තැන දීලා උන්නේ.. මට තේරුණා, කොල්ලෙක් එක්ක යාළු වෙන එක මහා පරිමාණේ වරදක් නොවන බව...”


 
“එහෙමයි සේනාධීර සහ ගිම්හානිගේ ආදර කතාව පටන් ගන්නේ..” මම උරුවන් බෑවා. ඈ ලතාවකට හිනා පෙති විසි කෙරුවා ඈත දිහාවකට. තාමත් ආකාසේ සෙල්ලම් කරන්න සුදානමින්, ගුගුරුවනවා වරින් වර.. ඒත්.. අපි එයාව ගණන් ගත්තේ නෑ. පිස්සු ආකාසේ!!
 
“සේනාධීර අයියා තමා මට මුලින්ම ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.. මට අද හිතෙනවා ඒක කොයි තරම් මෝඩකමක්ද කියලා.. එයා මා එක්ක චැට් කරනකොට... ඒ සම්බන්ධකම් තව තව දුර දිග ගියා.. එයාගේ කැම් එක ඉස්සරහා මට නිරුවත් වෙන්න වුණා. එයා ඒකට මාව පොළඹවගන්න තරම් දක්ෂ පෙම්වතෙක්. මොකද මට උවමනා වුනේ මම පරිස්සම් කරපු දේවල්... ලේසියෙන් කෙනෙකුට දෙන්න.. ඒත් එයා ඒක ඉල්ලගත්තා. ඒත් එයාව සීමාවක තියාගෙන රහ බලන්න මට ඕනි වුණා...”
 
ඇගේ ඇස්-වලට රිංගුවා කඳුළු කුරුල්ලෙක්. ටිකකින් ඒ ඇස් පෙති කඩාගෙන උන් පහළට රූටන්න ගත්තා. මම නිහඬවම ඈ දිහා බලන් උන්නා...
 
“ම්ම්ම්ම්.. ඉතින්....?”
 
“එයා මාව රේප් කළා.. ඔව්! එයා රේප් කළා..!! මම දන්නවා ඒකට වෙන වචනයක් ගැළපෙන් නෑ.. අවුරුදු දාහතක කෙල්ලෙක්ව ගෙදර එක්කන් ගිහින්.. (ඔව් ඒ ගෙදර කවුරුත්ම නැති වෙලාවක!) ඒකි එපා කියලා කෑ ගහද්දී, කරදර කරන එක අතවරයක්, නැත්තම් දූෂණයක් නේද? එයා ඒක කළා.. මහා පිළිකුල් සහගත විදිහට... ඒ කරන අස්සේ වීඩියෝ කළා මගේ හැමදේම... ඊළඟට එයා කිව්වා, මම කඩා පාත් වෙලා ඉන්න වෙලාවේම, එයා කියන හැම වෙලාවටම මම එන්න ඕනි කියලා.. එහෙම නොවුණොත් මගේ ෆොටෝ වීඩියෝ හැම එකක්ම නෙට් එකට දානවා කියලා...”
 
“වට්...? ඉතින්...?” මම ඇගේ කතන්දරය අතරමඟක හිරවුණා.
 
“මට ඕනි වුණා මේ ගැන අම්මට තාත්තාට කියන්න... ඒත් මම බයවුණා. ඒ ෆොටෝ වැටුණොත් මට වෙන හානිය ලොකු එකක්... අනික මම ස්කූල් යන කෙල්ලක් තවම... පස්සේ තමා... දෙසැම්බර් මාසේ 4 වැනිදා දවසේ.. ඒ දේවල් සිද්ධ වුණේ... ඒ තිරිසනා මාව උගේ යාළුවොන්ට පූජ කළේ.. උන් මාව රැයක් එළිවෙනක් විනාශ කෙරුවා. උන්ගේ නියපොතුවලින් හීරුවා... පස්සෙයි මම දැනගත්තේ උන් මට මත්වෙන්න මොනාදෝ පොවලා කියලා. (ඒක හොස්පිට්ල් එකේදී ඩොක්ටර් මගේ අම්මා එක්කයි කිව්වේ!) සේනාධීර අයියයි එයාගේ යාළුවෝ තුන් දෙනයි... මාව ඇති තරම් විනාශ කරලා ත්රීවිල් එකක ගෙදරට ඇරලුවා.. මට මොකවත් මතක තිබුණේ නෑ. ගේ ඉස්සරහා මම ක්ලාන්ත වෙනකොට.. අම්මා දුවන් ආවා... මට කියන්න වුණා එයාලට හැමදේම...” ඈ කඳුළු-වලට ඉඩදීලා හුඟ වෙලාවක් පත ගහක් දිහා බලන් උන්නා. ඒ ගස් අස්සේ දුව ඇවිදින පෙම්වත් රූප ඒකිට හිරිහැර කරන ගාණයි.


 
“ම්ම්ම්ම්ම්...” මම ඈට ඇහෙන්න සුසුමක් හෙළුවා.
 
“මට බය තිබුණේ උන්ගේ මගේ ෆොටෝ දාන එක ගැනයි.. පස්සේ අපි ළමාරක්ෂණ එකට මේක ගැන කම්ප්ලේන් කළා. සේනාධීර අයියා සැරින් සැරේ මට කෝල් කරලා වද දුන්නා. ඒ කෝල් එකකින් තමයි එයාව පොලිසියට මාට්ටු වුනේ.... එදා එයාගේ ෆෝන් එකේ තිබිලා කෙල්ලෝ හය හත් දෙනෙකුගේ නෙකඩ් (නිරුවත්) ෆොටෝ හම්බෙලා.. එයා මාව විතරක් නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ.. මං ගැන ඒ දවස්වල පත්තරවල ගියා, සමූහ දූෂණයට ලක්වුණු පාසල් සිසුවිය කියලා. අර කොල්ලෝ තුන් දෙනා අතර ඉස්කෝලේ ළමෙකුත් ඉඳලා. එයා කොළඹ **** ඉස්කෝලේ...”
 
“පස්සේ...?”



“මම මැන්ටලි ගොඩක් වැටුණා ඒ සිද්ධියෙන් පස්සේ... දැනටමත් මම ට්රීට්මන්ට් කරනවා ඒකට.. ඩොක්ටර් කියන්නේ තව හුඟ කාලයක් යයි කියලා මට හිත හදාගන්න.. මම ගෙදර ඉඳන් ඒලෙවල් වලට පාඩම් කළේ... දැන් සේනාධීර අයියා ඉන්නේ රිමාන්ඩ් එකේ.. මම හිතන්නේ එයා දැන් ගොඩක් පසුතැවෙනවා, කරපු දේවල්-වලට. ඒත්... එයා හිරෙන් නිදහස් වෙලා ආවත් එයාගේ හෘද සාක්ෂියට සැනසුමක් ලැබෙන එකක් නෑ. එයාට අම්මා කෙනෙක්, නංගි කෙනෙක් ඉන්නවා. මට හිතාගන්න බෑ එයා කොහොම මට මෙහෙම විනාශයක් කළාද කියලා..... එහෙම කරන්න තරම් එයා පෙන්නපු ආදරේ මටම අදහගන්න බැරිවුණා...” ඈ සුසුමක් හෙළුවා. දැන් ඒ පුදුම සහගත කතන්දරේ අවසන් වෙන්න ළඟයි.
 
“දැන් ජීවිතේ ආපස්සට යද්දි මොකද හිතෙන්නේ ඒ ගැන..?”
 
“දුකකට වඩා පසුතැවිල්ලක් තියෙනවා. ඒත් මේවා පෙර පව්නේ.. මම එහෙමයි හිතන්නේ... මම ජීවිතේ හදාගන්න ට්රයි කරනවා. මගේ අම්මා මට උදව් කරනවා. එයාලා මාව තේරුම් ගත්ත එකම සැනසීමක්.. මගේ අම්මා මාව දාලා ගියේ නෑ.......”
 
ආකාසේ ගොරවන එක වැඩිවුණා. ඈ රෝද තුනට ගොඩ වෙන්න කලින් මගේ “ස්තුති ප්රකාශ කිරීම” නිහඬව අහන් හිටියා.
 
“ගිහින් එන්නම් අයියේ.. තෙරුවන් සරණයි!” අන්තිමට ඈ මට අතපෑවේ එහෙමයි!
 
By Samitha Lakshan
 
(මෙහි එන සියලුම නම් ගම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සළකන්න. තොරතුරු ලබා දීමේදී සහය දැක්වූ ප්රගීත් එස්. නාලින්ද සොහොයුරාට ස්තුතියි!)

PIL Seeking Directions For Protection Of Rights & The Identity Of ...

අවධානයට:
 
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.
3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.
4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්රතිපල හිමිවිය හැක.
5. දරුවා ප්රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.
6. බොහොම ක්රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.
7. දරුවා නරඹන කාර්ටුන්,චිත්රපට සහ පරිඝනක ක්රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්රියාවන්ට යොමු විය හැක.
8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.
9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.
10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.
11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.
 
(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්රී.)

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top