Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
19
"පිටසක්වල ජිවීන් රැසක් පෘතුවියේ ඔත්තු බලන ක්‍රියන්විතයක.." - ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න - Photos

- "පිටසක්වල ජිවීන් රැසක් පෘතුවියේ ඔත්තු බලන ක්‍රියන්විතයක.." - ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,069 Views
ඔත්තුකාර පිටසක්වළ ජීවීන් චක්‍රාවාටය තුළ ජනපද පිහිටුවා ගෙනලූ..
පිටසක්වළ ජීවීන්ට හැකි වන පරිදි ඔවුන් එම තාක්‍ෂණය සැලසුම් කරගෙන ඇති..
භෞතික විද්‍යාඥ ජේම්ස් බෙන්ෆෝර්ඩ් විසින් සඳහන් කළ තවත් දේ..
 
පිටසක්වළ ඔත්තුකාර ජීවීන් පිරිස් වසර මිලියන ගණනක් තිස්සේ පෘථිවියේ වෙසෙන ජීවීන් ගැන රහසිගතව ඔත්තු බැලීමෙහි යෙදී සිටින බවත් ඒ සඳහා එම ඔත්තුකාර ජීවීන් පොළොව සමීපයෙහි ගවේෂණ උපක්‍රම යොදාගෙන තිබෙන බවත් දක්වන සාධක දක්නට ලැබේ යැයි ඇමෙරිකානු භෞතික විද්‍යාඥ ජේම්ස් බෙන්ෆෝර්ඩ් විසින් නිකුත් කෙරුණු පත්‍රිකාවක සඳහන් කර ඇත.

පෘථිවි කක්‍ෂයට ඇතුළු වී පොළොවට සමීපව ඒ හා සමගාමීව සූර්යයා වටා භ්‍රමණය වන අද්භූත ද්‍රව්‍ය එම ඔත්තුකාර ජීවීන් විසින් යොදා ගැනුණු ස්වාභාවික ආරක්‍ෂාකාරී ගවේෂණ උපක්‍රම විය හැකි යැයිද බෙන්ෆෝර්ඩ් සඳහන් කර ඇත.
 
පිටසක්වළ පෘථිවිය ගවේෂණය කරනු පිණිස සියුම් උපක්‍රම යොදාගෙන ඇතැයි ප්‍රචලිත න්‍යායක් නොවූ නමුත් ස්ටැන්ෆෝර්ඩ් හි ගුවන් විදුලි තරංග පිළිබඳ භෞතික විද්‍යාඥ රොනල්ඩ් බේ්‍රස්වෙල් ඒ බව පළමුවෙන්ම අනාවරණය කළේ 1960දීය. එදා එය “සයන්ස් ඇලර්ට් (Science Alert) සඟරාවෙහි පළ විය.
 
ඔත්තුකාර පිටසක්වළ ජීවීන් චක්‍රාවාටය තුළ ජනපද පිහිටුවා ගෙන, අජටාකාශය පුරා විහිදුණු ස්වයං පාලන සූක්ෂ්ම සංවේදක විශේෂයක් මඟින් පොළොව, එහි ජීවීන් පිළිබඳ නිරීක්‍ෂණයක යෙදී සිටිනවා විය හැකි යැයිද බේ්‍රස්වෙල් ප්‍රකාශ කරයි.
 
පෘථිවිය සමඟ ගවේෂණය කිරීමට පමණක් නොව පෘථිවිය සන්නිවේදනයෙහි යෙදීමට පිටසක්වළ ජීවීන්ට හැකි වන පරිදි ඔවුන් එම තාක්‍ෂණය සැලසුම් කරගෙන ඇතිවා විය හැකි යැයිද බේ්‍රස්වෙල් විශ්වාස කරයි.
 
පොළොව කිට්ටුවෙන් පිහිටි එම ගවේෂණ උපකරණයක්, එය හඳුනාගැනීමට පොළොවේ විද්‍යාඥයන්ට හැකිවන පරිදි ඔවුන්ගේ තාක්‍ෂණය දියුණු වන තෙක් කාලය ගත කොට සන්නිවේදන සම්බන්ධතා ඇති කරගත හැකි තත්ත්වයට මිනිසාගේ තාක්‍ෂණය දියුණු වුණායින් පසු එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පිටසක්වළ ජීවීන් සූදානම් වනු ඇතැයි කැලිෆෝනියාවේ සැන්ඩියාගෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය උපාධිය ලත් ජේම්ස් බෙන්ෆෝර්ඩ් ප්‍රකාශ කරයි.
 
ඔත්තුකාර ජීවීන්ගේ ගවේෂණ උපක්‍රම වශයෙන් කුඩා වස්තු කොතැනක සැඟ වී තිබේද යන්න කෙරෙහි අවධානයක් යොමු කරන ජේම්ස් බෙන්ෆෝර්ඩ්, රොනල්ඩ් බේ්‍රස්වෙල්ගේ මතයට නව මුහුණුවරක් දීමේ උත්සාහයක යෙදෙයි.
 
පිටසක්වළ බුද්ධිමත් ජීවීන් ඇතැයි යන සාම්ප්‍රදායික ආකල්පය අනුව කරුණු සලකා බලන විට, බේ්‍රස්වෙල් සඳහන් කරන අන්දමේ ඔත්තුකාර පිටසක්වළ ජීවීන් හා ඔවුන්ගේ ගවේෂණ උපකරණ සේ සැලකෙන කුඩා වස්තු කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වාසිදායක වනු ඇතැයිද බෙන්ෆෝර්ඩ් ඔහුගේ පත්‍රිකාවෙහි සඳහන් කර ඇත.
 
පොළොව හා සමගාමීව සූර්යා වටා භ්‍රමණය වෙමින් වසරක් පාසා චන්ද්‍රයා හැර අනෙක් සියලු ග්‍රහ වස්තුවලට වඩා පොළොවට සමීප වන එම කුඩා වස්තු අතරම, ඔත්තුකාර පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා අවධානය යොමු කළ යුතු අපේක්‍ෂා සහගත කලාපය පිහිටා තිබිය හැකි යැයිද සඳහන් කරන බෙන්ෆෝර්ඩ්, සූර්යයා වටා භ්‍රමණය වීමට පොළොවට ගත වන කාලය හා සමානම කාලයක් එම වස්තුවලටද ගත වන බවත් ඒවාද ග්‍රහක මෙන්ම ස්වාභාවික විය හැකි මෙන්ම සියවස් ගණනවක සිට සහශ්‍ර වර්ෂ දක්වා කාලයක් තුළ ක්‍රමක්‍රමයෙන් මෙම කක්‍ෂයට පිවිස ඇති බවත් පවසයි.
 
තාරකා විද්‍යාඥයන්ට මෙතෙක් සොයාගැනීමට හැකි වී ඇත්තේ එම වස්තුවලින් ඉතාම සුළු ප්‍රමාණයක් පමණකි.
 
ඩේම ජොසලින් බර්නල්් 1967 දී පළමුවෙන්ම චුම්භක විකිරණයක් බි්‍රතාන්‍ය තාරකා විද්‍යාඥවරියයි. ඉන් කලකට පසු එක්ස් කිරණ හා ගැමා කිරණ පිට කරන වෙනත් වර්ගයක චුම්බක විකිරණ සොයාගැනීමට තාරකා විද්‍යාඥයන්ට හැකි විය.
 
චුම්භක විකිරණ අනිවාර්යයෙන්ම අධික චුම්භක ශක්තියෙන් යුත් තාරකා වටා භ්‍රමණය වන නමුත් මුලදීම එම විකිරණ පිටසක්වළ ජීවීන්ගෙන් නික්මෙන්නක් සේ සැලකිණි.
 
1977 දී තාරකා විද්‍යාඥයකු පිටසක්වළ ජීවියකු දැක ගැනීමේ අපේක්‍ෂාවෙන් ඕහියෝ ප්‍රාන්තයට ඉහළ අහස නිරීක්‍ෂණය කරමින් සිටියදී හදිසියේම ප්‍රබල ගුවන් විදුලි සංඥාවක් ඔහුගේ නෙත ගැටිණි.
 
එය කොතරම් ප්‍රබල වීදයත් විස්මයට පත් හෙතෙම එය පළ කිරීමේ wow (වාව්) යන ඉංගී්‍රසි වචනය ඔහුගේ දත්ත සටහනේ පසෙකින් ලිව්වේය. ගුවන් විදුලි දුරේක්‍ෂයකින් අහස නිරීක්‍ෂණය කරමින් සිටි ආචාර්ය ජෙරී හේමන්ට තත්පර 72ක පිපිරීමක් දක්නට ලැබුණු අතර එය ඔහු රාශියෙන් නික්මුණු සංඥාවක් සේ සැලකුණු නමුත් අභ්‍යවකාශගත කිසිදු වස්තුවකට එය සමාන නොවීය.
 
එම “වාව්” (wow) සංඥාව ඊට හේතු වුණු ගුවන් විදුලි තරංගවලට වඩා තිස් ගුණයකින් බලවත් යැයිද එයින් තහවුරු වන්නේ එම පිපිරීම පිටසක්වළ බුද්ධිමත් ජීවීන්ගෙන් නික්මුණු පණිවුඩයක් යැයිද, කිසියම් අබිරහස් සිද්ධියක් පසුපස බලවත් සංවිධානයක් ඇතැයි යන මතය අදහන්නෝ ප්‍රකාශ කළහ.
 
නාසා ආයතනය හා ධවල මන්දිරයද 1996දී එවැනි පිපිරීමක් වාර්තා කළ අතර “පිටසක්වළ” කඳු alien Hills යනුවෙන් හැඳින්වුණු උල්කාෂ්ම අවුරුදු 13,000කට ඉහතදී උත්තර ධ්‍රැවයේ හිම කුට්ටි මත ගැටී ඇති බව 1984දී සොයා ගන්නා ලදී.
 
ඒ ගැටුමේදී කැබැලි වී ගිය හිම කොටස් කිසියම් ජීවීන්ගේ කොටස් වශයෙන් පෙනෙන බව ඒවායේ ඡායාරූපවලින් දැක්විණි. එම ගැටුමේදී උණු වී අෑත අජටාකාශයට විහිදුණු ගල් කැබැලි ක්‍ෂුද්‍ර පොසිල සේ පෙනෙන්නට පිළිවනැයි සමහර විද්‍යාඥයෝ කීහ. තාරකා විද්‍යාඥයන් විසින් KIC - 8462852 යනුවෙන් හැඳින්වුණු තරුව ආලෝක වර්ෂ 1,400කට අෑත පිහිටි අතර එය සොයා ගන්නා ලද්දේ 2015දීය. එයද එම විද්‍යාඥයන්ගේ මත භේදවලට හේතු විය.
 
එය අනෙක් සියලු තාරකාවලට වඩා වේගයකින් දිලිසෙන අතර එය, පිටසක්වළ ජීවීන් එම තරුවේ බල ශක්තිය උකහා ගැනීමේ සලකුණකැයි සමහර විශේෂඥයෝ කියති. පිටසක්වළ ජීවීන්ගෙන් සැදි දැවැන්ත ව්‍යුහයක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙන බවත් එහි මූලික විස්මයජනක සංඥාවක් වශයෙන් කවාකාර දූලි වලාවක් නිර්මාණය විය හැකි බවත් මෑතදී පැවැත්වුණු අධ්‍යයනයකින් පෙනී ගොස් තිබේ.
 
ආලෝක වර්ෂ 39කට අෑතින් ඇති ජීවයකට උපකාරී වීමේ ශක්තියෙන් යුත් ග්‍රහලෝක සහිත තාරුකා පද්ධතියක් තමන්ට දැකගත හැකි වී යැයි මේ වසරේ පෙබරවාරියේදී තාරුකා විද්‍යාඥයෝ පිරිසක් නිවේදනය කළහ.
 
“ට්‍රැපිස්ට්-1” යනුවෙන් විද්‍යාඥයන් විසින් හැඳින්වෙන තරුව වටා පොළෙව හා සමාන ග්‍රහ ලෝක හතක් භ්‍රමණය වන බවත් ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයක් වන ජලය එම ග්‍රහලෝක මත තිබිය හැකි බවත් එම විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එම ග්‍රහලෝකවලින් තුනක දැනටමත් ජීවීන් බිහි වී සිටිනු විය හැකි යැයිද ඉදිරි දශකයක කාලය තුළදී එය නිශ්චිතවම කීමට තමන්ට හැකි වනු ඇතැයිද එම විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.
 
පොළොවට කිට්ටුම ග්‍රහලෝකය 2016-11-3 යනුවෙන් හැඳින්වෙන අතර ක්‍ෂුද්‍ර ග්‍රහයෙකැයි නාසා ආයතනය ප්‍රකාශ කරයි. එය අපගේ ග්‍රහලෝකය වටා ගමන් කරන අතර ඒ දෙකම සූර්යයා වටා භ්‍රමණය වන හෙයින් එම ග්‍රහකය පොළොවෙන් අෑතට නොයන බව නාසා ආයතනයේ පර්යේෂක පෝල් කෝචස් 2016දී පැවැසීය. එසේ වුවද එම අජටාකාශ වස්තු ක්‍ෂුද්‍ර ග්‍රහකවලට වඩා වැඩි දෙයක්ම විය යුතු යැයි ජේම්ස් බෙන්ෆෝර්ඩ් තවමත් විශ්වාස කරයි.
 
පිටසක්වළ කිසියම් ජීවීහු කොටසක් වෙත්නම් ඔවුනට පොළොවට සමීප එම ග්‍රහ වස්තුවල සිට අපගේ පෘථිවිය මැනවින් නිරීක්‍ෂණය කිරීමේ පහසුව සැලසෙනු නිසැක යැයිද බෙන්ෆෝර්ඩ් ඔහුගේ පත්‍රිකාවෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top