ඇය ගෙල සිරකර මරා දමා ඇති බව එහිදී පැවසුණු අතර නාසයෙන් ලේ ගලන තුරු ගෙල සිරකර තබා ඇති බවටද එහිදී හෙළි වුණා.
ඝාතනයෙන් පසුව ඇයගේ මළ සිරුර ඡායාරූප ගත කර අවසානයේ එම ඔහුගේ මහල් නිවාසයේ තැන්පත් කර වෙනත් කාන්තාවක සමඟ කාලය ගත කිරීමට ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.
මිනී මැරුමෙන් පැයක් පමණ ගතවන තුරුත් මිනීමරුවා මෙම තරුණියගේ සිරුර නිවසින් බැහැර කරන ආකාරය පිලිබඳ කල්පනා කරමින් කාලය ගත කර ඇති බවත් දැඩි ලෙස අසභ්‍ය දර්ශන නරඹමින් මල සිරුරේ ඡායාරූප ගනිමින් කාලය ගතකර ඇති බවත් අධිකරණයේදී කරුණු තහවුරු වී තිබෙනවා.
තමන් මෙම මිනීමැරුමට වැරදිකරු නොවන බව පවසන 27 හැවිරිදි විත්තිකරුවා පවසන්නේ ඇය තමන්ගේ මහල් නිවාසයේදී මියගිය බවත් පසුව ඇයගේ සිරුර සූට්කේස් එකක දමා කැලෑවක වළලා දැමූ බවත් පමණයි.
නමුත් විත්තියේ නීතිඥයා කියා සිටින්නේ මෙම මරණය හදිසි අනතුරක් බවත් ඇයගේ බෙල්ල වටා දෑත් තබන ලෙස පුරුෂයාගෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔවුන්ගේ ලිංගික සම්බන්ධකමක් අතරතුර හදිසි අනතුරකින් ඇය මියගොස් ඇති බවයි.