ගණිකා වෘත්තිය හරි හැටි කරගත නොහැකි වීම හේතුවෙන් තම ලෙයින් උපන් දරු දෙදෙනා මරා දැමූ මවකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්ත ජාතික 23 හැවිරිදි කාන්තාවක් වන මැය නමින් Louise Porton.
මෙලෙස ඇය මරා දමා ඇත්තේ තමාගේ සිඟිති දූවරුන් දෙදෙනා වන අතර මෙම කාන්තාවගේ මව පවසන්නේ තමාගේ යක්ෂ දියණියට කිසිදා සමාව නොදෙන බවයි.
Louise Porton මරා දැමූ සිඟිති දියණියන් දෙදෙනාගේ වයස අවුරුදු 3 සහ මාස 16 වන ලදැරියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගණිකා වෘත්තිය සිය දරුවන් සමඟ හරි හැටි කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇය මීට පෙරද සිය වැඩිමහල් දියණිය ඝාතනය කරන්නට තැත් කොට තිබෙනවා.
මෙලෙස තම දරුවන් මරා දැමීමෙන් පසුව එම දරුවන්ගේ ඇඳුම් සමාජ මාධ්‍ය ඔස්සේ විකිනීමටද ඇය ක්‍රියා කර තිබුණා.
වෘත්තියෙන් නිරූපණ ශිල්පිණියක වන Louise Porton ගණිකා වෘත්තියට පැමිණ ඇත්තේ ඇගේ ඡායාරූප ශිල්පීන්ගේ මාර්ගයෙන් බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.