ජිප්සි ළදරුවෙක් වෙලා ඉන්න කාලේ ඩිඩි ඇයව රෝහලට අරන් යන්නේ ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බව කියමිනුයි. නමුත් වෛද්‍යවරු ජිප්සිව පරීක්ෂා කරලා බලලා කියන්නේ ඇයට කිසිම විදිහේ රෝගයක් නැති බවයි. නමුත් ඩිඩි ඒක පිළිගන්නේ නැහැ.
ජිප්සිට අවුරුදු 8ක් පිරෙද්දි ඇය ඇගේ සීයාගේ යතුරුපැදියෙන් බිමට වැටෙනවා. ඒකෙන් ඇගේ දණිස්ස යන්තමින් තුවාල වෙනවා. ඒත් ඩිඩි මේ සුළු අනතුර "මහා විශාල" එකක් බවට පත් කරලා, ජිප්සිව රෝද පුටුවක ඉන්දවනවා. ඇය කියන්නේ ජිප්සිට කුඩා කාලයේ ඉඳලාම තිබුණූ ආබාධය උත්සන්න වුණා කියලයි. ඇගේ මේ ක්‍රියාදාමය සම්පූර්ණ නාට්‍යයක් බව ඔබට දැන් තේරෙනවා ඇති.
දැන් අපි බලමු, ඩිඩි කිසිම මවක් නොකරන විදිහේ කෲරකමක් තමන්ගේ දියණියට කළේ ඇයි කියලා. ඇත්තෙන්ම ඩිඩිට උවමනා වුණේ ජිප්සිව ආබාධිත දැරියක් විදිහට ලෝකයාට පෙන්වන්න. ඇය ඒ මාර්ගයෙන් අරමුදලක් හදාගෙන මුදල් ඉපැයූවා. ඇය ඒ මුදලින් තමයි, තමන්ගේ පවුල නඩත්තු කළේ. ජිප්සිට ඇවිදින්න බෑ වගේම ඇයට ජානමය ගැටලුවකුත් මාංශපේශීන්වල සදොස්බාවයක් තියෙන බවත්, ඩිඩි හැමදෙනාටම කිව්වා. ඒ වගේම, නිතර ජිප්සිට වලිප්පුව හැදෙන බවත්, ඇගේ පෙනීමේ හා ඇසීමේ දුර්වලතා පවතින බවත් ඇය ඒත්තු ගැන්වුවා.
ඉතින්... මේ විදිහේ රංගනයක් කළා වුණත්, ජිප්සිව පරීක්ෂා කර බලන වෛද්‍යවරුන්ට නම් ඇගේ දෝෂයක් හොයාගන්න බැරිවුණා. මේ දෙපළගේ දුක්ගැනිවිලි අහන, දකින බොහෝ වෛද්‍යවරුන් මේ අයට උදව් කරන්න ඉදිරිපත් වුණා. නමුත් ඒ හැමෝම කිව්වේ එකම එක කතාවක්. ඒ තමයි ජිප්සිට කිසිම රෝගයක් නැති බව.
කොහොම හරි 2005 වර්ෂයේ 'කත්‍රිනා කුණාටුව' පැමිණිමත් එක්ක ඩිඩිට ඇගේ නිවස අහිමි වෙනවා. ඔවුන් වෙනත් ප්‍රදේශයකට මාරු වෙන්නේ ඒ සිදුවීමත් සමඟයි. නමුත් ඇත්තටම ඒ වෙනකොටත්, හැමදෙනාම අතරේ ජනප්‍රිය වුණු, ආබාධිත ජිප්සිත්, ඇගේ මවටත් කිසියම් පදනමකින් නිවසක් හිමි වෙනවා. මේ අතරතුර තමයි තවත් පිරිස් ජිප්සිව සනීප කරන්න, විශේෂයෙන්ම ඈව පරීක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ අතරින් බර්නාඩෝ කියන වෛද්‍යවරයා තමන්ගේ සායනයට එන්න කියලා මේ අම්මටයි දුවටයි ආරාධනාවක් කරනවා. එතනදීත් මේ වෛද්‍යවරයා තීරණය කරන්නේ, ඈව පෙර පරීක්ෂා කරපු වෛද්‍යවරු වගේම ඇයට කිසිම ආබාධිත තත්ත්වයක් නැති බවයි.
නමුත් මේ නාටකය මුල ඉඳන් රඟදක්වන ඩිඩි, වෛද්‍යවරයා සමඟ සුහදව පිළිසඳරක යෙදෙමින් තත්ත්වය පාලනය කරන්න ගන්නවා. ඇය එහිදි කිව්වේ, කත්‍රිනා කුණාටුව නිසා ජිප්සිගේ වෛද්‍ය වාර්තා බොහෝමයක් අස්ථානගත වුණු බවයි.
මේ අතරතුර මේ බිහිසුණු නාටකයේ චරිතයක් විදිහට බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණූ ජිප්සි, තමන්ගේ මව විසින් තමන්ට කරන අපරාධය දැනගෙන හිටියා. වයසින් වැඩෙද්දි තමන්ට කිසිම රෝගාබාධයක් නැති බවත්, ඇගේ මව හිතාමතාම ඈව ආබාධිත දැරියක් බවට පත් කර ඇති බවත්, ඒ මාර්ගයෙන් ඇය මුදල් උපයන බවත් ජිප්සිට තේරුම් ගියා.
2010 දී ජිප්සිට අවුරුදු 14ක් බව ඩිඩි මාධ්‍යයට කිව්වා වුණත්, ඇත්තටම ඒ වෙද්දි ජිප්සිට වයස අවුරුදු 19 සම්පූර්ණ වෙලා තිබුණා. ඉතින් ජිප්සි නිතරම උත්සහ කළේ, තමන්ගේ මවගෙන් පැනලා යන්න. එක අවස්ථාවක ඇය තමන්ගේ අසල්වැසි නිවැසියාගේ දොර ඉස්සර කකුල් දෙකෙන් ඇවිදගෙන ගිහින් හිටගෙන තියනවා. ඒ මොහොතේ ඇය ඉල්ලීමක් කරනවා, තමන්ව ඉක්මනින් රෝහලකට අරන් යන්න කියලා. නමුත් ඒ මොහොතේම ඩිඩි එතනට ඇවිත්, මේ තත්ත්වය පාලනය කරන්න ගන්නවා. ඇත්තටම ඩිඩිට තිබුණා, බොහෝ දෙනාගේ අනුකම්පාව දිනාගත හැකි ස්වරූපයක්. ඇය කතා කරන විලාශයත් එහෙමයි. මේ නිසාම අසල්වැසියන් ඩිඩිව විශ්වාස කළා.
තමන්ගේ තමන්ගේ මවගෙන් ගැලවීමක් නැති බව ජිප්සිට තේරුණා. ඒ අතරතුර ජිප්සිට පුරුද්දක් තිබුණා. ඇය අන්තර්ජාලය හරහා යාළු මිත්‍රයෝ අඳුනගෙන කතාබහ කළා. ඇගේ අරමුණ වුණේ තමන්ගේ දුක්ගැනවිල්ල කියන්න පුළුවන් විදිහේ කෙනෙක් හොයාගන්න එක. නමුත් මේ සෙල්ලම ඩිඩිට, එහෙම නැත්තම්, ජිප්සිගේ අම්මාට අහුවෙනවා. ඇය ජිප්සිව ඇඳක ගැට ගහලා ඇයට තර්ජනය කරනවා, ආයෙමත් ඒ වරද කළොත් දඬුවම් පමුණන බව කියමින් ඩිඩි, ඇගේ ඇඟිලි තලනවා. (මේ ගැන ඇය පාපොච්චාරණයේදී සඳහන් කරනවා.) ඒත් ජිප්සෙි ඒ දේ නැවත්තුවේ නෑ. ඒ මොකද තමන්ට ගැලවීම තියෙන්නේ මේක ඇතුළේ බව ඇය හොඳින්ම දැනන් හිටියා.
ඒ විදිහට අවසානයේ, ජිප්සිට, නිකොලස් ගොඩ්ජෝන් (Nicholas Godejohn) කියන 23 හැවිරිදි තරුණයාව අන්තර්ජාලය හරහා මුණ ගැහෙනවා. මේ දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. ජිප්සිගේ දුක්ගැනවිල්ල අහන නිකොලස් ඇය එක්ක ඩිඩිව ඝාතනය කරන්න සැලසුමක් හදනවා.
2015 වර්ෂයේ ජුනි මාසයේ දවසක, ඩිඩි නින්දට ගියාට පස්සේ ජිප්සි නිකොලස්ව ගේ ඇතුළට ගෙන්න ගන්නවා. ඒ විදිහට ඩිඩිව ඝාතනය කරන මේ දෙන්නා ගෙදරින් පැනලා යනවා.
කොහොම නමුත්, තමන්ගේ මව ඝාතනය කරපු ජිප්සි, මේ හැමදේම පස්සේ පොලීසියට පාපොච්චාරණය කළා. ඒ වෙනකන් ජිප්සිට තිබුණ අනුකම්පාව තෙගුණ වෙන්න ගත්තේ ඉන් පසුවයි. බොහෝ දෙනෙක් කිව්වේ, ජිප්සි ඇගේ මව විසින් මානසික දූෂණයට ලක් කර ඇති බවයි. නමුත්, මිනීමැරුම කියන චෝදනාව යටතේ, ජිප්සිට වසර 10ක සිරදඬුවමක් නියම වෙනවා. නිකොලස් ජිවිතාන්තය දක්වා සිරගත කරන්න අධිකරණය තීරණය කරනවා.
මේ අසාමාන්‍ය සිදුවීම ඇමරිකාවේ ජනප්‍රිය කතාංගයක් බවට පත් වුණා වගේම, මේ ගැන Erin Lee Carr, Mommy Dead and Dearest වැනි වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට වගේම රූපවාහිනි කතා මාලා පවා නිර්මාණය වුණා.
කොහොම නමුත්, මවගේ සැහසික ක්‍රියා ගැන මතකය අවදි කරන ජිප්සි ඒ ගැන කියන්නේ මෙහෙමයි.
"එයා තමයි මම රෝද පුටුවක ආබාධිතයෙක් විදිහට ඉන්න හේතුව වුණේ, මම දන්නේ නැහැ අම්මා කෙනෙකුට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. මට අදහසක් තිබුණේ නෑ ඇය මට කරමින් ඉන්න දේ, එයා මට කුඩා කාලේ ඉගැන්නුවේ අනිත් මිනිස්සු වෙනුවෙන් හරි දේ කරන්න, ඒත් එයා මට කළේ වැරදි දෙයක්. ඒක හරියට තිරිසනෙකුට වද දුන්නා හා සමානයි. එයා මගේ ඇඟිලි මිටියකින් ගහලා තැලුවා.. ඇත්ත! මම අම්මව විශ්වාස කරන්න උත්සහ කළා. මගේ අම්මා නිතරම මට ආදරේ බව කිව්වා. ඇත්තටම එයාට ඕනි වුණේ මාව හිරකරලා තියාගන්න, මාව ආරක්ෂා කරනවා කිව්වත්, එයා එයාවමයි ආරක්ෂා කරගත්තේ. ඒ දේවල් එක්ක මට තවත් කෙනෙක්ගේ ආදරය වුවමනා වුණා. ඒ නිසා මම නිකොලස්ට ආදරේ කරන්න පටන් ගත්තා. මට ඇත්තටම ආදරය ලැබුණේ නිකොලස්ගෙන්. අපි දෙන්නගේ සම්බන්ධතාවය පටන් ගත්තට පස්සේ මම මගේ බෝයිගෙන් ඇහුවා, මගේ අම්මව මරන්න පුළුවන්ද කියලා? ඒ දේවල් සිද්ධ වුණා. මම මගේ අම්මා එක්ක හිටියට වඩා මෙහේ සතුටින් ඉන්නවා. මොකද මට සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මෙහේ ජිවත් වෙන්න පුළුවන් නිසා.." Tech වැද්දා පිටුවෙනි.
ජිප්සි සිය බිහිසුණු අතීතය සිහිපත් කරන අතරතුර.. (පහත වීඩියෝව හා ඡායාරූපය බලන්න.)VIDEO
ඩිඩිගේ ඝාතනය සම්බන්ධයෙන් නිකොලස් හා ජිප්සි අත්අඩංගුවට ගත් පසු... (පහතින් බලන්න.)