Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
29
"අපි දෙන්නා ගෙදරට හොරෙන් විවාහ වෙලා කුලියට ගෙයක් අරගෙන ජිවත් වුණේ.." - ප්‍රවීණ ගායක දයාරත්න රණතුංග

- "අපි දෙන්නා ගෙදරට හොරෙන් විවාහ වෙලා කුලියට ගෙයක් අරගෙන ජිවත් වුණේ.." - ප්‍රවීණ ගායක දයාරත්න රණතුංගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"පළවෙනි ඇටෑක් එකත් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක ගැන අපි දන්නේ නැහැ.."

"බයිපාස් එකක් කරන්නවත් කැමැති වුණේ නැහැ..."

ගී අඹරේ අමරණිය හඩක් වූ අමරා රණතුංගයන් පසුගියදා යන්නටම ගියා. ඔහුගේ ආදරණිය ස්වාමියා දු දරුවන් තනිකර. ජිවතුන් අතර සිටිද්දී ඒ නිරහංකාර චරිතය කොයි වගේද යන්න. ප්‍රවීණ ගායක  දයාරත්න රණතුංගයන් වගේම පුතණුවන් පුවත්පතකට මේ විදිහට කතා කර තිබෙනවා. මේ ඒ කතාබහයි


“අපේ පවුලේ මමයි අයියයි නංගියි ඉන්නේ. අයියා ඉන්නේ විදෙස් ගතවෙලා. අම්මාගෙ මරණයත් සමග අයියා ලංකාවට ආවා. නංගි මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක්. අපේ පුංචි කාලේ හරි අපූරුයි. මේ රටේ බොහෝ ප්‍රවීණ සංගීත අංශයේ ශිල්පීන් අපට ඇසුරු කරන්නට ලැබුණා. මමයි අයියයි ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. සමහර දවස්වලට අපි ඉස්කෝලේ ඇරිලා එක්කෝ ගුවන් විදුලියට යනවා. එහෙම නැත්නම් සෞන්දර්යය කලායතනයට යනවා. ඒ දවස්වල තාත්තා ගුවන් විදුලියේ සංගීත අංශයේ අධ්‍යක්ෂ. අම්මා සෞන්දර්ය කලායතනයේ කථිකාචාර්යවරියක්. අපි මේ තැන් දෙකෙන් කොතැන හරි තමයි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම තමයි ඉන්දියාවේ සංගීතය පිළිබඳ ඉහළ තලයේ සිටි ගුරුවරු ලංකාවට ආවාම අම්මගෙ තාත්තාගේ ආරාධනාවට ඔවුන් අපේ නිවෙසටත් එනවා. ඒ වගේම අපේ රටේ ශිල්පීනුත් එනවා. ඒ හමුවීම් හරිම රසවත්. අම්මා විශ්ව විද්‍යාලයේ පමණක් නොවෙයි නිවෙසේදිත් සංගීතය ඉගැන්නුවා. ඇය ගෙදරදී සංගීතය ඉගැන්වීම නතර කෙරුවේ මියයන්නට වසරකට පමණ පෙරයි.”

අමරා රණතුංගගේ පුත් සාරද සිය මව පිළිබඳ සිහිකරමින් පැවැසුවා.

අමරාවන්ගේ මරණය සිදුවුයේ කෙසේදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. එයට පිළිතුරු දුන්නේ සාරදගේ බිරිය සධානා රණතුංගයි. ඇය ද සංගීත පරපුරකින් පැවත එන්නියකි. ඇය වසන්තා සන්දනායකගේ මිනිබිරියයි; එනම් දයා හේමන්තා අබේසේකරගේ දියණියයි.

“ අම්මාට දියවැඩියාව, කොලොස්ටරෝල් තිබුණා. නමුත් අම්මා ඒ ලෙඩ ගණන් ගත්ත කෙනෙක් නෙමෙයි. මිය යන්න දවස් කිහිපයකට පෙර අම්මා රෝහලට ගියේ තවත් වැඩ කිහිපයකටත් යන ගමන්. අම්මා ඉස්පිරිතාලේ ගියේ අමතර ගමනක් විදිහට. ඒත් ඊසීජී එක හොඳ නැහැ කියලා අම්මාව රෝහලේ නතර කරගෙන. තාත්තා අපට කතා කරලා කිව්වාම මම රෝහලට ගියා.

අම්මා හිටියේ පෞද්ගලික රෝහලක. පසුව අපි හැමෝම කතා බහ කරලා ඇයව ජාතික රෝහලට ගෙනාවා. දවස් කිහිපයක් අම්මා රෝහලේ හිටියා. බයිපාස් එකක් කරනන්වත් අම්මා කැමැති වුණේ නැහැ. කොහොම වුණත් අම්මා මිය ගිය දවසේ හැන්දැවේ අපි අම්මව බලන්න ගියා. අම්මා මට කතා කරලා කිව්වා තාත්තාව හොඳට බලා ගන්න කියලා. සාරදට පිට අත ගාන්න කිව්වා. අම්මා සාරදගේ ඔළුවත් අත ගෑවා. අපි ගෙදර ඇවිල්ලා පැයකට විතර පස්සේ තමයි අම්මා නැති වුණා කියලා පණිවිඩය ආවේ. වෛද්‍යවරු කිව්වේ අම්මාට දෙවැනි හාර්ට් ඇටෑක් එකත් තුන්වැනි ඇටෑක් එකකුත් ආවයි කියලා. පළවෙනි ඇටෑක් එකත් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක ගැන අපි දන්නේ නැහැ. මොකද අම්මා හොඳට හිටියනේ.

සධානා පවසන්නේ නැන්දණිය වෙනුවෙන් ඇස නැගි කඳුළක් පිසිමිනි.

මේ කතා බහ අතරතුර ආචාර්ය දයාරත්න රණතුංගයන්ද පැමිණීයේය.

“මොනවද දැන ගන්න ඕන” ඒ හඬ බොහෝ තැන්පත්ය. පනස් පස් වසරක් එකට දිවි ගෙවූ, දැන් ඇගේ වියෝවෙන් දුකින් තැවෙන ඔහුගෙන් කෙසේ නම් ප්‍රශ්න අසන්නද?. මම නිහඬ වීමි.

ඒ නිහඬ බව බිඳිමින් ඔහු ම හඬ අවදි කළේය‍.

“මගේ මහ ගෙවල් කිරුළපනේ. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. මම ඉගෙන ගත්තේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ.ගෙදර ඉඳලා ඉස්කෝලෙට යන්න ඕන බස් එකේ. ආනන්ද සම‍රකෝන් මහතා සිටියේ පාගොඩ පාරේ නිවෙසක. මම වයසින් අඩුවුණාට ඔහු මගේ හොඳ යාළුවෙක්. අම්මා බස්එකේ යන්න දෙන සල්ලි සාක්කුවේ දාගෙන මම ඉස්කෝලේ ගියේ පයින්. ගිහින් එන ගමන් මම ආනන්ද සමරකෝන්ලගේ ගෙදර යනවා. ආනන්ද සමරකෝන් ඇසුරේ මම බොහෝ දේ ඉගෙන ගත්තා. මගෙ අයියා කෙනෙක් සෞන්දර්ය කලායතනයේ ඉගෙන ගන්නවා. උදේට ඉස්කෝලේ යන මම හවසට අයියා එක්ක සංගීත ආයතනයට යනවා. අයියා වාඩි වෙලා ඉගෙන ගන්නකොට මම මුල්ලක හිටගෙන අහගෙන ඉන්නවා. එතකොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති. රජයේ සංගීත විද්‍යාලය පටන් ගනිද්දී එක්දහස් නවසිය පනස් දෙක අවුරුද්දේදී මම තමයි පළමු ශිෂ්‍යයා. අමරා තමයි පළමු ශිෂ්‍යාව.”

“ඒ කාලයේ සංගීත විද්‍යාලයට සිසුන් බඳවා ගනිද්දී වයසක් බලපෑවේ නැද්ද? ” මම දයාරත්න රණතුංගයන්ගේ කතාවට මැදින් පැන්නෙමි.

“ අපොයි බල පෑවා. ඒත් මාව තේරුණේ අහඹුවක් විදිහට. ඒ කාලේ සංගීත විද්‍යාලයේ විදුහල්පති වරයා වුණේ ලයනල් එදිරිසිංහ මහත්මයා. දවසක් අපේ අයියට උගන්වමින් හිටපු ගුරුවරයා ඔහු ගැයූ ශාස්ත්‍රීය ගීය පන්තියේ එක් එක් ශිෂ්‍යයාට ගයන්න කිව්වා. ඔහු අවසානයේ පන්තියේ කෙළවරක හිටගෙන හිටපු මටත් විහිළුවට වගේ ඇඟිල්ල දික්කෙරුවා. මමත් එය ගයලා පෙන්නුවා.

ගුරුවරයා මොහොතකින් ගිහින් විදුහල්පති ලයනල් එදිරිසිංහ මහතාව කැඳවාගෙන ආවා. ගුරුවරයා මට කිව්වා නැවත ගයන්න කියලා. මම ගැයූවා. මම ගයනවා අහගෙන ඉඳලා විදුහල්පති වරයා කිව්වා 'වයස ප්‍රශ්නයක් නැහැ ඔය පුතා හෙට ඉඳන් ඇවිත් ඉගෙන ගන්න' කියලා. අමරත් අවුරුදු දොළහෙදි පන්තියට ඇතුළු වූණේ ඔය වගේ විශේෂ හේතුවක් ඇතිව.

ලයනල් එදිරිසිංහ මහත්මයා හංවැල්ල ඉස්කෝලේ ළමයි තෝරද්දි තමයි ඒ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් හිටිය අමරාව තේරිලා තිබුණේ. සංගීත විද්‍යා‍ලයේ මාස තුනෙන් තුනට විභාග තිබුණා. අමරා පළමුවැනියා වුණොත් ඊළඟ පාර පළමුවැනියා මම. අපි දෙන්නා මාරුවෙන් මාරුවට පන්තියේ පළමුවැනියා වුණේ. අපි දෙන්නා ඒ කාලේ ඉඳලම හොඳ යාළුවෝ. අමරා ගයන විට මම තබ්ලාව වයනවා. මම ගයන විට අමරා තබ්ලාව වයනවා.

සංගීත විද්‍යාලයේ හය අවුරුදු පාඨමාලාව අවසානයේ අමරාටත් මටත් ගුරුපත්වීම් ලැබුණා. එතකොට අපේ වයස අවුරුදු දහ අටයි. අමරාට පත්වීම ලැබුණේ හංවැල්ලේ ඉස්කෝලෙකට. මට ලැබුණේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට. මම පත්වීමේ ලිපියත් අරගෙන රිච්මන්ඩ් විද්‍යාලයට ගියා. විදුහල්පති තුමා කතාවක. මම පැත්තට වෙලා ඉන්න කොට ඔහු මගෙන් අහනවා ඔය ළමයා මොන පන්තියේද කියලා.

මම පත්වීමේ ලිපිය භාර දුන්නා. ඔහු මට පන්තිය පෙන්නුවා. පන්තියේ මට වඩා ලොකු කොල්ලෝ ඉන්නවා. මම එදා විතරයි ඒ ඉස්කෝලෙට ගියේ. පහුවදා ඉඳලා ගෙදර නතරවුණා.” විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබූ දයාරත්න පසුව මොරටුව කාර්මික විද්‍යාලයට බැඳෙන්නේය. වැඩිදුර අධ්‍යාපනයට විශ්ව විද්‍යාලයට ද ඇතුළත් වන්නේය.

“මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ කාලේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති වශයෙන් හිටියේ ඊ.ඩබ්ලිව්. අදිකාරම් තුමා. කොහොම වුණත් අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ කාලේ විද්‍යා විෂයන් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තා. ඒක හරි අර්බුදයක්. අදිකාරම් තුමාලා එක් වෙලා සිංහල වචන හොයනවා. මම හිටියේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. මම ලන්ඩන් බී.එස්.සී. විභාගය ලිව්වා. පසුව ටයර් කොම්පැනියේ වැඩට ගියා. ඉන් පස්සේ තමයි ගුවන් විදුලියට බැඳුණේ. නිෂ්පාදකවරයෙක් හැටියට බැඳුණු මම පසුව සංගීත අංශයේ අධ්‍යක්ෂ වුණා. එතකොට මට වයස අවුරුදු විසි හතරක් විසිපහක් විතර ඇති.”

බාල වියේ සිටම ගුවන් විදුලියට සම්බන්ධව සිටි අමරා ගුවන් විදුලියේ සංගීත වැඩ සටහන් වලට නිතරම පැමිණියාය. මේ සංගීත වැඩ සටහන්වලට අමරා එන්නේ සිය පප්පා (තාත්තා) සමඟය.

“අපි ඔක්කෝ ම එක වාහනයේ තමයි යන්නේ. අමරගේ පප්පයි මගෙ තාත්තයි මේ ගමන්වලදි යාළුවෝ වුණා. නමුත් මේ කවුරුවත් අපේ සම්බන්ධය ගැන ඇහුවේ නැහැ. මම හිතනවා මගේ තාත්තා වැඩිමල් සහෝදර සහෝදරියෝ මේ ගැන දැනගෙන ඉන්න ඇති කියා. නමුත් කවුරුවත් ඇහුවේ නැහැ. අපි ගෙවල්වලට හොරෙන් විවාහ වුණා. කසාදයට අත්සන් කළේ මගේ යාළුවෝ. ගෙවල්වලින් දැනගත්තට පස්සේ විවාහ උත්සවය ගත්තා. අපි ගෙයක් කුලියට අරගෙන ගිහින් හිටියේ. ඔහොම ඉන්න කොට අම්මා තමයි කිව්වේ මහගෙදර එන්න කියාලා. දරුවෝ හදා ගන්න අපට හැමෝගෙම උදව් ලැබුණා. අමරා වැඩිදුර ඉගෙනගන්න ඉන්දියාවේ ගියා.

ඔහු මඳක් නිහඩ වුයේය. අමරා සමඟ ගෙවූ වසර පනස් පහක් පමණ වන යුග දිවියේ සොඳුරු තැන් සිහි වන්නට ඇත.

“අමරාට රහට උයන්න පුළුවන්. මට හැමවෙලාවෙම හිතුණේ අමරා බොහොම සියුමැලියි කියලා. ඒ නිසා මට පුළුවන් වෙලාවට මම ඇයට නි‍වසේ වැඩවලට උදව් කළා. ගෙවල් මිදුල් අතුගාලා සමහර දවස්වලට පොලුත් ගාලා දුන්නා. අපේ ගෙදර සේවකයෝ හිටියේ නැහැ. අමරා පොත්පත් බොහොමයක් ලියලා තියෙනවා. අපි බොහෝම සහායෝගයෙන් මේ ගමන ආවේ. අමරා දරුවන්ට වුණත් මේ මේ දේ කරන්න කියලා බල කළේ නැහැ. නමුත් දුව පුතා ගී ගයන විට ඇය සතුටු වුණා. අමරාවත් මමවත් කවදාවත් විශ්‍රාම සුවයෙන් ඉඳලා නැහැ. අමරා බොහෝම සැහැල්ලුවෙන් සතුටෙන් හිටිය කෙනෙක්”

ඔහු පවසන්නේ කනගාටුවෙනි. ඇය ඔහුගේ හොඳම යෙහෙළියයි. ඇය ඔහුගේ අමරා දේවියයි. ‘සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන‘ ගීතය ලැබුණේ කෙසේදැයි ඇසීමි.

“දවසක් ස්වර්ණදාස හෙරත් තමයි අපිටම ගැළපෙන සින්දුවක් තියෙනවා කියලා ඔය පද ටික අමරාගේ අතට ගෙනැල්ලා දුන්නේ. ඔය ගීතය හැත්තෑව දශකයේ බිහි වුණ ගීතයක්. ඒ වගේම පසුකාලයක අමරයි මමයි ගැයූ මහරෑ යාමේ ගීතය මම මුලින්ම ගැයුවේ මගෙ අක්කා සෝමලතා එක්ක. මේ ගීත බොහෝම ජනප්‍රිය වුණා. දැන් මේ ගීත අපේ දරුවෝ ගයනවා. වෙනත් අයත් ගයනවා. මම මගේ දරුවන්ට කවදාවත් අපේ ගී ගයන්න එපා කියා නැහැ.” ඔහු පවසන්නේ තම දූ දරුවන් දෙස බලමිනි. අමරා දයාරත්න යුවළගේ දියණිය රූපශිඛාය. වැඩිමහල් පුතු පුලස්තිය. ඔහු වසර ගණනක් තිස්සේ ජීවත් වන්නේ ඉතාලියේ රෝම නගරයේය.

“මම මීට මාසයකට පෙර ලංකාවට ආවා. අවුරුද්දකට සැරයක් මම පවුලේ අය බලන්න එනවා. මේ පාර ආවාම සතියක් විතර අම්මයි මමයි තාත්තයි මාතර පොල්හේනේ හෝටලයක හිටියා. අම්මා හරි කැමතියි විනෝද වෙන්න. අම්මා ඒ දවස් ටිකේ හරි සතුටෙන් හිටියේ. මම යන්න පිටත් වෙන කොට අම්මා මට කිව්වා ඔයා ඊළඟපාර එද්දි මම ඉඳියිද දන්නේ නැහැ කියලා.”

පුලස්තිගේ හඬ හැඬුම්බරය. අපි ඔහුට තව දුරටත් බාධා නොකළෙමු. හැන්දෑව ගෙවී යමින් තිබිණි. නිවෙස තුළ ඇත්තේ පාළු බවකි. ඒ පාළුවට හේතුව අන් කිසිවක් නොව ඇය නොමැතිකමය. අපි ඔවුන්ට සමුදී එන්නට පිටත් වුණෙමු. නමුදු මේ මහා ගාන්ධර්වයා අප හා පසුගමන් ආවේය. එසේ පැමිණෙන අතරතුර යළි හඬ අවදි කළේය.

“අමරා ඉන්න කාලේ ආවා නම් ඇය හුඟක් සතුටු වෙනවා. එහෙනම් මම කිව්වට වඩා වැඩි තොරතුරු ඇය කියනවා. ඇය නැති පාළුව මට තදින් දැනෙනවා. ඉස්සරත් මම අමරා ඉන්දියාවේ ඉන්දැද්දි පාළුව මඟහරවා ගත්තේ සිතුල්පව්වට ගිහිල්ලා. සංගීතය කියන්නේ භාවනාවක්. නමුත් ගහකොළ වනය අතරේ ඉන්නවා කියන්නේ නිහඬ භාවනාවක්. කොහොම වුණත් ටික දවසකට සිතුල් පව්වේ යන්න හිතාගෙන ඉන්නවා.”

“අමරා ඉන්නකොට ආව නම් කොයි තරම් හොඳද? ඇය සතුටු වෙයි. එහෙනම් මටත් වඩා දේවල් ඇය කියයි.” ඒ හඬ සිහිපත් වන මොහොතක් පාසා අපේ පමාව පිළිබඳ සිතට නැගෙන්නේ පසුතැවිල්ලකි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top