Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
05
"අපි ගැන ඉන්ටර්නෙට් එකට එක එක දේවල් දාලා ඒ ගැන සතුටු වෙන අය ඉන්නවා..." - Photos

- "අපි ගැන ඉන්ටර්නෙට් එකට එක එක දේවල් දාලා ඒ ගැන සතුටු වෙන අය ඉන්නවා..." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"ආයේ  රඟපාන්න කැමැත්තක් නෑ..."

"මම පෙම්වතියක්.."

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කලාවට  ඕපපාතික කෙනෙක් නෙමෙයි. ඒ වගේම දෙමාපියන් නිසා ජනප්‍රියතත්වයට පත් වුණු කෙනෙකුත් නෙමෙයි. ඇය මේ දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා වැඩිපුර කතා බහට ලක් වෙනවා. පුවත්පතක ඇය ගැන මේ විදිහට අලුත් තොරතුරු සදහන් වෙලා තිබුණා. මේ ඒ ගැනයි.


ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද...?
ඔව්... ඔව්... අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ... ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි.

මේ දවස්වල ශනු මොකද කරන්නේ...
මේ දවස්වල ටෙලි නාට්‍යයක වැඩ කරනවා. ඊට අමතරව මගේ ඉගෙනීමේ වැඩ කරගෙන යනවා. ඒ දේවල් කරද්දී ඉතින් වෙන මුකුත් කරන්න වෙලාවක් නෑ.

හැබැයි ඉතින් ශනුද්‍රිට තව ආරාධනා එහෙම ලැබෙනවත් ඇති.
ඔව්... ඔව්... මට ටෙලි නාට්‍ය ගොඩකට ආරාධනා ලැබුණා. ඒත් ඉතින් ඒවා බාරගන්න මට වෙලාවක් නැහැනෙ. වෙලාවක් හදාගෙන කරන්න පුළුවන් නිර්මාණයක් මට තාම ආවේ නෑ. ඒ නිසා හරි දුකයි.

ඒ කියන්නෙ ශනුද්‍රිත් ඒ වගේ දුකින් ඉන්න චරිතයක්ද...?
මාත් එහෙම තමයි. මම සැර වුණාට මම නපුරු නෑ. සැර කළාට කවුරුත් මට බය නෑ. මමම සැර කරලා මමම අඬනවා. එහෙම කෙනෙක් තමයි මම. සමල්කා වගේම මගේ හිතත් ඉක්මණට දුක් වෙනවා.

ශනුද්‍රිට යාළුවෝ එහෙමත් ඇති නේද...?
මම යාළුවෝ එක්ක හරි මිත්‍රශීලියි තමයි. හැබැයි මට එක යාළුවෙක් කියලා නෑ. එක සෙට් එකක් කියලා නෑ. මම යන යන හැමතැනම යාළුවෝ ඉන්නවා. යන හැමතැනම මම යාළුවෝ හදාගෙනයි ඉන්නේ.

දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි ගෙදර ඉන්න දවස්වලට ගෙදර අය ඉන්නේ කොහොමද?
ආ... දැන් ඒ අයට පුරුදුයි. අපි තුන්දෙනා තාමත් ඉස්සර වගේම තමයි. ශේෂාද්‍රි අක්කයි මමයි තමයි ගොඩක්ම එකට ඉන්නෙ. එයයි මායි ඉන්නෙ එකම කාමරේ. දිනක්ෂි අක්කා ඉන්නේ වෙන තනි කාමරේක. ලොකු අක්කත් අපි එක්ක ගොඩක් එකතුයි. හැබැයි එයාට මේ දවස්වල වැඩත් එක්ක කාලය මදි. ඉතින්... අපි දෙන්නගෙ කාමරේ ශේෂාද්‍රි අක්කා ඉන්නේ කාමරේ එහා කෙළවරේ. මම ඉන්නේ කාමරේ මෙහා කෙළවරේ. සමහරදාට අපි දෙන්නා මහ රෑ ඇහැරගෙන සින්දු කියනවා. මහන්සි වෙලා ආපු දවසකට නම් ලොකු අක්කා කාමරේ දොර ළඟට ඇවිත් නිදාගන්න දෙන්නකෝ කියලා කෑගහලා යනවා. සමහරදාට එයත් ඇවිත් අපිත් එක්ක සින්දු කියනවා. එහෙම නැත්නම් සමහරදාට තුන්දෙනාම එකම කාමරේට ඇවිත් සින්දුවක් දාලා හොඳටම නටනවා. සමහරදාට දිනක්ෂි අක්කත් අපේ කාමරේට ඇවිත් අපිට වද දෙනවා.

පසුගිය දවස්වල දිනක්ෂි අක්කා ගැන නළුවන් එහෙම පටලවලා එක එක කතා කිව්වනේ. ඒ දේවල් ගැන ගෙදර අය තුළ තියෙන අදහස් කොහොමද?
නෑ... ඇත්තටම අපි අපේ ගේ ඇතුළේ ඒ දේවල් කතා කරන්නේ නෑ. මොකද අපි අපි ගැන දන්නවා. අපේ විස්තර දන්නවා. පිට අය අපිට අපිම ගැන අලුත් විස්තර කියනවා. ඒත්... අපිට ඒ දේවල් වැඩක් නෑ. අපි පස්දෙනා ගැන අපි දන්නවා. ඒ නිසා අපි ඒවා ගණන් ගන්නෙවත් නෑ. ඒවාට උත්තර දෙන්න යන්නෙත් නෑ. ඉන්ටර්නෙට් එකට එක එක දේවල් දාලා ඒ ගැන සතුටු වෙන අය ඉන්නවා. ඒවා මානසික ලෙඩ. ඒ නිසා ඒ දේවල් දිහා අපි බලාගෙන ඉන්නවා. එච්චරයි.

ශනුද්‍රි... හිතුවද දවසක මේ විදිහට ජනප්‍රිය චරිතයක් වෙයි කියලා... රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා...
ඔව්... මම පොඩිකාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයට ආවා. A/L කරන කාලයේදී අධ්‍යාපන කටයුතු නිසා මම ඒක නවත්තලා තිබුණා. ඊට පස්සේ මම කොහොමත් හිතාගෙනම හිටියෙ exam වලින් පස්සේ ආයෙ රඟපාන්න එන්න ඕනෙ කියලා. හරියටම exam ඉවරවෙනකොටම සාරංග අයියා මේකට කතා කළා. කතාවට ආස හිතුණා. ඉතින් පටන් ගත්තා.

ශේෂාද්‍රි අක්කා ක්ෂේත්‍රයේ හිටියා. ඒත්... දැන් ක්ෂේත්‍රයේ නෑ. ඇයි ඒ....?
එයානම් ආයෙ රඟපාන්න කැමැත්තක් නෑ. එයා තෝරගෙන ඉන්න ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ නිසා එයා ඒකෙන් දවසක ඉස්සරහටම යාවි. අපි ඒකට එයාට සපෝට් කරනවා. කිසිම දේකට අම්මවත් තාත්තවත් එයාට බල කරන්නේ නෑ. එයා දවසක හිතිලා ආයේ රඟපාන්න ආවොත් අපි ඒකටත් සපෝට් කරනවා.

ඇත්ත කියන්න. අක්කලා දෙන්නගෙන් ඔයාට වැඩියෙන්ම එකතු කවුද...?
දෙන්නම මට ගොඩක් එකතුයි. පොඩි කාලෙනම් වයස් පරතරයත් එක්ක ලොකු අක්කටත් වඩා දෙවෙනි අක්කා මට එකතු වුණා. ඒත් දැන් එහෙම නෑ. දැන් දෙන්නම මට එකතුයි. දෙන්නගෙන් ලොකු අක්කා චුට්ටක් සැරයි. එයා අක්කා නිසා අක්කා වගේ ඉන්නවා. ඒ වුණාට සැරවුණාට ආයෙත් ටිකකින් මතක නෑ.

ශනුද්‍රි කියන්නේ පෙම්වතියක්... අපි හරිද...?
ටී.වී. එකේනම් මම පෙම්වතියක්. සැබෑ ජීවිතයේ නම් මම පෙම්වතියක් නෙවේ.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top