ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි වයස්ගත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂයේ සීමාව පහු කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට, දැනට අවුරුදු 100 සීමාව පැනපු 107,677 ක පිරිසක් එරට ජීවත් වෙනවා. ලෝකයේ වෙනත් කිසිම රටක මෙච්චර වයස්ගත පුද්ගලයන් දැකගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේකේ තවත් විශේෂම දේ කියන්නේ, මේ වයස්ගත පුද්ගලයන්ගේ එකතුවෙන් 88% කම ඉන්නේ කාන්තාවන් වීමයි...
ජපානයේ කියෝටෝ නගරයේ ජීවත් වන කිෂිමෝටෝ ෆුයෝ ආච්චිට දැන් වයස අවුරුදු 114ක් වෙනවා. ඒ වගේම කුමමොටෝ නගරයේ ජීවත් වන කටෝ හි කරු සීයා. එයාට වයස අවුරුදු 112 ක් වෙනවා.
කාලයක් තිස්සේ ජපානය කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට සහ වැඩි ආයුෂකට හිමිකම් කියන රටක්. ඉතින් ඒකෙන් තේරෙනවා නේද ජපන් ජාතිකයෝ තමන්ගේ සෞඛ්‍යය ගැන කොච්චර සැලකිලිමත් වෙනවද කියලා...