ඒ තමයි WhatsApp වීඩියෝ තාක්ෂණය හරහා සෘජුවම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමේ නවතම ඩිජිටල් පහසුකම!
160 වන පොලිස් දිනයට සමගාමීව, ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ සුරතින් නිල වශයෙන් එළිදැක්වුණා. පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ අනිද්දා (10) දින සිට මෙම පහසුකම දිවයින පුරා සක්‍රියව ක්‍රියාත්මක වන බවයි.
ඉදිරියේදී මේ සඳහා විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමට නියමිත අතර, එතෙක් ඉතාම සරල පියවර 5කින් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
WhatsApp හරහා පැමිණිල්ලක් දාන්නේ මෙහෙමයි..
අංකය සේව් කරගන්න: මුලින්ම 011-2809980 දුරකථන අංකය ඔබේ දුරකථනයේ Save කරගන්න.
වට්ස්ඇප් ඇමතුම: WhatsApp හරහා එම අංකයට හඬ ඇමතුමක් (Audio Call) ලබා ගන්න.
ලින්ක් එක ලබාගැනීම: ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වන අතර, එම මොහොතේදීම ඔබේ WhatsApp ගිණුමට Link එකක් (සබැඳියක්) ලැබෙනු ඇත.
ලින්ක් එක හරහා පිවිසීම: ලැබුණු Link එක ක්ලික් කර නැවත WhatsApp වෙත පිවිසෙන්න.
වීඩියෝවට සම්බන්ධ වීම: එහි දිස්වන "Join Browser" ක්ලික් කර පසුව "Join Meeting" තේරීමෙන් වීඩියෝ ඇමතුම සක්‍රිය කරගත හැක.
මෙම සරල පියවරෙන් පසු සංඥා භාෂාව ඇතුළු දෘශ්‍ය මාධ්‍ය හරහා නිලධාරීන් හා සෘජුව සම්බන්ධ වී කිසිදු බාධාවකින් තොරව තම පැමිණිල්ල යොමු කිරීමට ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට හැකියාව ලැබෙනවා. සමාජ මාධ්‍ය පුරාම මේ වන විට පොලිසියේ මේ මානුෂීය සහ කාලෝචිත පියවරට කාගෙත් නොමඳ ප්‍රශංසා ගලා එමින් පවතිනවා!