ගොඩනගාගත්තු ව්‍යාපාර බිමටම සමතලා වෙලා, අතේ සතේ නැතුව ළතැවුණු ව්‍යාපාරිකයන්ට ආයෙත් නැගිටින්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය හැමෝගෙම හිත්වල හොල්මන් කළා. හැබැයි මෙන්න දැන් වැටුණු මිනිස්සුන්ට කෙළින් හිටගන්න රජයෙන් ආපු සුපිරිම සුබ ආරංචියක් කරළියට ඇවිත් තියෙනවා!
දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් විශේෂ සහන ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩලයේ සම්පූර්ණ අනුමැතිය හිමිව තිබෙනවා. ආපදා සහන (RE-MSME - Disaster Relief) සහ විස්තීර්ණ ආපදා සහන (EDR) කියන මේ විශේෂ ණය ක්‍රම දෙක හරහා ව්‍යාපාරිකයන්ට අලුත් හුස්මක් දෙන්නයි මේ සූදානම.
රුපියල් කෝටි දාහක දැවැන්ත සැලැස්ම ගැන දැනගත යුතුම කරුණු....
මුළු ප්‍රතිපාදනය බිලියන 10ක්: 2025 සහ 2026 වසර වෙනුවෙන් වෙන් කළ මුළු මුදල රුපියල් මිලියන 10,000ක් (කෝටි දාහක්).
දැනටමත් ලබා දුන් දැවැන්ත මුදල: මේ වන විටත් බලපෑමට ලක්වූ ව්‍යවසායන් 3,968ක් වෙනුවෙන් රුපියල් මිලියන 8,061.4ක මුදලක් සහන ණය ලෙස ලබා දී අවසන්.
එක්සත් පෙරමුණක්: සහභාගිත්ව මූල්‍යායතන 15ක පූර්ණ දායකත්වයෙන්, 2026 වසරේ සිට මේ ණය ක්‍රම දෙක ඒකාබද්ධ වැඩසටහනක් ලෙස වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා.
කැබිනට් අවධානය: මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මේ ප්‍රගති වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.
කුණාටුවෙන් කඩාවැටුණු තමන්ගේ ව්‍යාපාරය ආයෙත් පණගන්වන්න ප්‍රාග්ධනයක් නැතුව හිටපු දහස් ගණනක් ව්‍යවසායකයින්ට මේ සහන ණය වැඩසටහන ඇත්තටම අඳුර අතරේ දැල්වුණු රන් පහනක් වගේ වේවි.