ඇල්ජීරියාවේ සිදු වූ දරුණු මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇල්ජියර්ස් (Algiers) හි සිට නැගෙනහිරින් පිහිටි වෙරළබඩ නගරයක් වන බෝමර්ඩෙස් (Boumerdes) ප්‍රදේශය අසලදී මගී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා පෙර සිදුවීම් සහ මාර්ග ආරක්ෂණ තත්ත්වයඇල්ජීරියාවේ නිතර සිදුවන රථවාහන අනතුරු පිළිබඳව අවධානය යොමු කරමින් විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.
ඇල්ජියර්ස් අසල සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගිය බවයි. බෙචාර් (Bechar) දකුණු ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇල්ජීරියාවේ මාර්ග ආරක්ෂක බලධාරීන්ගේ දත්තවලට අනුව, පසුගිය වසර තුළ පමණක් එරට සිදුවූ රථවාහන අනතුරුවලින් පුද්ගලයින් 3,838 දෙනෙකු මියගොස් 37,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.